🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 13, 2025 at 04:32 PM
දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ මොකද්ද කියලා මං හැමවෙලාවෙම හිතුවා රෙඩියෝ චැනල්වල පත්තරාතර ඒවාට නිදසුන් ටොන් ගණන් තිබ්බා කර්ණ ⁣කඨෝර අත්වලට තනිව මැදිවීම නපුරු රුදු පිරිමි ඇස්වලට රැයක නතුවීම ඒවායේ පුනා පුනා හැමදාම කිව්වා කෙල්ලෙකුට වෙන්නෝන නරකම දේ - ඒක කාලයක් මං එහෙම හිතුවා අත්දැකීම් නම් ගංඟාවෙ රළ අතර වැදෙමින් ජීවිතේ පාරුව තව දුරක් ඇදුනා ලඟින් සිටි පෙම්වතා නොකියාම පිටුපෑම ප්‍රාණසම ස්වාමියා ජීවිතේ මඟින් හැරයාම කෙල්ලෙක්ට වෙන්නෝන නරකම දේ වෙන්නැති මං එහෙමත් සමහරදාක හිතුවා ජීවිතේ හුඟක් දේවල්වලට පස්සෙත් යුවතියක් මගේ දිවියට ආවා තාත්තා හිටියනම් අද මෙහෙම වෙන්නෑ දිනක් අඬනතර ඈ - මට කිව්වා ඒ වචන පහේ ටොන්ගණන් බර ඒ මොහොතෙ පවා මට දැනුනා චිත්‍රපටියක නිමාවට කලින් වීරයාගේ නික්මීම චිත්‍රපටියේ අවසානයට කොයිතරම් තදින් බලපානවද අන්තිමේ දරුණු ලෙස මට හිතුනා දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ මොකද්ද කියන එකට උත්තරය හිතවතුනි, අවසානෙ මට ලැබුනා.!! මං තරිඳු කියන්නෙ කවුද කියලා හෙව්වෙ Fb එකේ මේ කවිය දැකපු දවසේ. මේ කවිය සමාජ මාධ්‍ය හරහා ගොඩක් වයිරල් වුණා. ඒකට හේතුව මේ කවිය හරහා තරිඳු හරි සංවේදීව මිනිස්සුන්ගේ පපුවලට කතා කරපු එක වෙන්න ඇති. ඊටත් පස්සෙ සතුටු හිතුනේ මේ කවියත් එක්ක තරිඳුගෙ කවි පොතක් එනවා කියලා දැනගත්තම. පොතත් අරගෙන ආයෙම මේ කවිය කියෙව්වා. මුලින්ම කවිය කියවද්දි මට හිතුනේ මේ කවිය අම්මෙක්ගෙ පැත්තෙන් කියනවා කියලා. "තාත්තා හිටියනම් අද මෙහෙම වෙන්නේ නෑ" දුවෙක් එයාගෙ අම්මට අඬන ගමන් කියන හැටි මැවිලා පෙනුනා. ඊටත් පස්සෙ ආයෙම මේ කවිය කියවද්දි, නෑ මේ ආදරවන්තිය තමන් හුඟක් විශ්වාස කරපු එයාගේ ආදරවන්තයටයි මෙහෙම කියන්නෙ කියලා මට හිතුණා. ඒක කලින්ටත් වඩා වේදනාවක්, රිඳුමක් අරන් ආවා. දුවෙක්ට තාත්තෙක්ගෙ හෙවනැල්ලක් පවා කොයිතරම් නම් ආරක්ෂාවක් අරන් එනවද? අපි ඒ ආරක්ෂාව ජීවිත කාලය පුරාවටම හොයනවා. අපි ආදරේ කරන මිනිස්සුන්ගෙන් ඒ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ජීවිතේ කියන චිත්‍රපටයේ චිත්‍රපටියක නිමාවට කලින් වීරයාගේ නික්මීම දුවෙක්ගෙ මුළු ජීවිතයටම කොයිතරම් නම් තදින් බලපානවද? තමන්ගේ තාත්තගේ මිනිය පවා භූමදානය කරනකල් දුවෙක්ට හයියක් වග ඕනෙම දුවෙක් දන්නවා. තාත්තා හිටියනම් කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඔව් ඒක ඇත්ත. ඉතින් මං කවි එකින් එක කියවනවා. ඒ හැම කවියකම ජීවිතේ කොයියම්ම හෝ කාලෙක අපි ජීවත් වෙලා තියෙනවා. ප්‍රේමයේ දරුණුතම හරිය ලෝකයට හොරා අඬන්න වෙන එකය ඇස් ඉස්සරහ බිඳුන සිහිනයක බිඳුන බව නොතේරී සැරිසරන්නට වෙන එකය මේ වගේ ප්‍රේමයේ දරුණුතම යුග මම අපි ඔබ හැමෝම ජීවිතේ එක පාරක් හරි පහු කරන් ඇවිත් තියෙනවා. දැන් ඒ ගැන හැරිලා බලද්දී අඬන්න ද හිනා වෙන්න ද කියලා හිතාගන්න බෑ. මොකද බිඳුණු බව දැන දැනත් අපි ඒ හීන වල සැරිසරනවා. "ඔයාගෙ වගේ හදවතක් කවමදාවත් දැකල නෑ: අපි ගෙවුව ජිවිතේ එච්චරම හිනාවෙන තැන් තිබුනෙ නෑ නික්මිලා යද්දිත් ඔයා - නපුරක් වෙන්න කියල පැතුවෙ නෑ මොකක් හෝ කරුමෙකට - ඔයා මගෙ වෙන්න තිබුනෙ නෑ ඉතිං වෙන් වුනාට පස්සෙත් මං මෙහෙම ලියන්නම් ඔයාගෙ වගේ ලස්සන හදවතක් මං කවමදාවත් මේ භවේ දැකල නෑ..!!" එන්නෙ නෑ කියලා හොයාන එන , එන්නම් කියලා කවදාවත් නොඑන ආදර කතා හැමදාටම මේ ලෝකෙ තියෙනවා. කවදමහරි එයි කියලා , කවදමහරි මුණ ගැහෙයි කියලා කවදාවත් මුණ නොගැහෙන ආදර කතා ඔව් මේ ලෝකෙ තියෙනවා. ඒත් සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති කියලා ජීවිතේ කවදහරි දවසක අපි අපිට කියලා හිත හදාගන්නවා. මෙහෙම සටහනකින් කියන්න බැරි තරම් හැඟීම් ගොන්නක් මේ හැම කවියකම තියෙනවා. මේ තරඟකාරී දුවන ලෝකෙක අපිට අපි දිහා බලන්න, කවුළුවක් මේ හැම කවියක්ම විවෘත කරනවා. අපි යන්ත්‍ර නොව හැඟීම් දැනීම් ඇති සංවේදී පපු තියෙන සහෘදයන් බව ආයෙ ආයෙම මතක් කරගන්න පුළුවන් මේ වගේ කවි පොතකට හැරෙන්න වෙන මොනාට ද? තරිඳු අවිශ්ක ලියනගේ Order now 0784443223
Image from 🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨: දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ  මොකද්ද කියලා මං හැමවෙලාවෙම හිතුවා රෙඩ...
❤️ ❤‍🩹 👍 🖤 14

Comments