
🌹BOOK 𝙻𝚘𝚟𝚎𝚛𝚜❤️✨
June 16, 2025 at 02:49 AM
මෆින් හොරෙකුට හාදු දීපු යුමී සං සහ මල් පිපෙන කාලෙට දුක හිතෙන ඕල්යාට.... 🖤
ඔයා මොකක් හරි කතාන්දරයක් දන්නවාද?
ඔයාගෙ පළවෙනි පෙම්වතා මොන සුවඳද?
ඔයා දන්නවද පස්වෙනි සෘතුවේ නම?
කවුරු හරි ඇහුවොත් මමත් ඒවට උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම අහන කෙනා දිහා මමත් මොහොතක් බලාගෙන ඉඳීවි.... මොනවගේ උත්තරයක් දෙන්නද කියල හිතාගන්නවත් බැරුව.
සීත කඳුකරයේ පයිනස් වනාන්තර මැදින් ගිහින් forget me not යායට පිපුණ තැනිතලාවක, අහස දිහා බලාගෙන ඉන්න අතරෙ තත්පර තුනකින් කාත් එක්ක හරි ආදරෙන් බැඳෙන හැටි කල්පනා කරන්න තරම් ඔයා වාසනාවන්ත වුණේ කොහොමද ඕල්යා....
මූදුකරේ සන්සෙට් ලේන් එකේ සචිකෝ සංගේ පරණ පොත් කඩේ රූෆ්ටොප් එකට වෙලා ප්ලොප් ගේ පුරු පුරුව අස්සෙන් මතුවෙන චීන සුළං සීනුවක සද්දෙ අහගෙන ඉන්න ඔයා වගේ ලූකා ආයෙත් එනකන් දවස් ගණන් කරන්න මටත් හිතුණා යුමී සං....
ඒ සෞන්දර්යාත්මක චාරිකාව නිමා වෙච්ච එක ගැනයි මට දුක. කවදාකහරි ඇල්සයිමර් රෝගයට ගොදුරු නොවුනොත් මටත් අමතක නැතුව ඕල්යාගේ ලැවැන්ඩර් සුවඳ කඩදාසිවල ලියූ මතකයත් යුමී සංගේ කපුරු පෙති සුවඳත් මතකයේ තියේවි.
කැලෑ ඩේසි පඳුරේ මල් පොහොට්ටු පීදෙනකන්, ඈතින් පේන ප්රදීපාගාරයට ඔබ්බෙන් දේදුන්නක් පායනකන්, නිමි නිමී පත්තුවෙන්නෙ නැති කහ එළියක් තියෙන පියාඹන පීරිසියක් මතු වෙනකන්, වැලපෙන මුහුද අහගෙන ඉන්න එක ඇති වෙනකන්, මමත් 'ජීවිතේ අල්ලගෙන ඉන්න' තීරණය කරා....
හදලා එවලා තිබ්බ කඩදාසි බෝට්ටුව පරිස්සමට දිග ඇරියා. ඒත් ආයෙත් තිබ්බ විදියටම බෝට්ටුව හදාගන්න මතක නැති වෙච්ච එකයි දුක. නැම්මෙන් නැම්ම පරෙස්සමට එහාමෙහා කරද්දි ආයෙත් කඩදාසි බෝට්ටුව හැදුනාම, පුංචි එකෙක්ට දැණුන සතුටත් එක්ක ආයෙත් මූණට හිනාවක් ගෙනාවට ස්තූතියි...
සටහන : සුවිනි ශිවන්තිකා කලුපහන ©️
අනන්ත හීන
Order now 0784443223

❤️
❤
🥹
🩵
22