ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 14, 2025 at 02:47 PM
*විසල්* ...._රොබරෝසි මලකට පෙම් බඳින හිතුවක්කාර හදවතක්...._ *දෙවන* රොබරෝසියාව 🩷✨ කාලය කෙමෙන් කෙමෙන් ගත වෙලා ගියේ කාලයාටත් නොදැනීමයි.ගෙවත්තේ තිබූ රෝස , අරලිය , සේපාලිකා , මල්වල සුවඳ විඳි ඈ දැන් රසවිඳින්නේ රොබරෝසියා සුවඳයි. " ගුඩ් මෝනිං මිස්.මහිෂ්වි දිල්සාරා....නෑ නෑ...මිස් රොබරෝසියා..." ( මහිෂ්වීගේ සම්පූර්ණ නම විතානගේ මහිෂ්වි දිල්සාරා වුවත් මැය මහිෂ්විට රොබරෝසියා යැයි පැවසුවේ මහිෂ්වි රොබරෝසියා මල්වලට ඇති කැමැත්ත නිසායි ) " ගෞරවී අක්කේ....ගුඩ් මෝනිං....අනේ කොච්චර කාලෙකින් ද ? කොහොමද ඔයාට ? " "කොච්චර කල් ගියත් මොකද ? මං මෙහෙට එද්දි කවදහරි මමත් එනවා කියපු ඔයා අද මෙතන..." ගෞරවී පේරාදෙණිය කැම්පස් එකට තේරී පත් වූ දින ගෞරවීට ආ සතුටත් අක්කා වගේම මමත් පේරා ගාවට ඉක්මනින් ම එනවා කියා මහිෂ්වි ද ඒ සතුටට එකතු වූ ආකාරයත් මහිෂ්විට සිහිවිණි. ගෞරවී , මහිෂ්විට වඩා අවුරුද්දක් වැඩිමහල් ය.තාත්තා වගේම වෙද සේවයට එක්වීම ගෞරවීගේ සිහිනය විය.මව ගුරවරියක් වූ නිසාම ඇයට පොත පත දැනුමින්ද අඩුවක් නොවීය.සහෝදර සහෝදරියන් නැති මහිෂ්විත් ගෞරවිත් හොඳ සහෝදරියන් වූවාය. තත්පර මිනිත්තු ගත විය.මහිෂ්වි පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඉගෙනීම් කටයුතුවල නිරත වන්නේ ඉතාමත් සතුටිනි. ❛❛ පිපෙන්නට මලක් වී හන්තාන අහස යට ❜❜ මෙය ඇයගේ ආදර්ශ පාඨයයි. ඉඳ හිටක ඇඳ හැලෙන පොද වැස්සත් , රොබරෝසියා මල් සුවඳත් , වල ළඟ ගැයෙන ගී පදත් මහිෂ්විට අමතක නොවන මතකයන් ය. විශ්වවිද්‍යාලයට පා තැබූ දවසෙදිම මහිෂ්විට මිතුරියන් කිහිපදෙනෙක්ම මුන ගැසුණි.එදා පටන් ඇය කාලය ගත කළේ ඔවුන් සමඟයි. සිතූපා නුවර කුමාරිකාවකි.හන්තාන කඳු මීදුම ඇයට කොහොමත් හුරු පුරුදු දෙයක් මෙන් දැනුණි.ආසිරිනි ගාලු පුරවරයේ අයෙකි.මහිෂ්වි සේම ඇයද පේරා ගැන සිහින මවා එය සැබෑ කරගත් අහිංසකාවියකි.අභිලාෂි කලුතර ජීවත් වූ දුප්පත් පවුලක ගැහැණු ළමයෙකි.කුඩා කල සිටම දුටු වෙද සිහිනය සැබෑ කරගෙන මවුපියන් රැකබලාගැනීම ඇයගේ එකම අභිලාෂයයි. මෙසේ සුළු වශයෙන් දැන හැදින ගත් පසු මහිෂ්වි ඇතුළු මිතුරියන් තිදෙනා ගසට පොත්ත මෙන් මිතුරු වුණි. ............................................................ ✍️ _විසල්‍යා_ ( කෞෂල්‍යා නිම්සරණි ) 2025/06/14 *තවත් ආදරණීය රොබරෝසියාවකින් හමුවෙමු....🫶✨*
❤️ 🌼 💛 🤍 9

Comments