ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 17, 2025 at 11:45 AM
සිහින තරුව✨🏏 *කෙටි කතාවකි* ~episode 6~ ╌╌╌╌╌╌╌╌╌╌╌╌╌ " අන්ට්.." මම ඒ ගැණු කෙනාට කතා කරන්න යද්දිම කවුරු හරි ඇවිත් මගෙ අතින් ඇදලා ලගට ගත්තා. " කා..ඔහ් ශාකි.." මම කවුද කියලා බලන්න ඒ පැත්ත බලද්දිම ශාකි මගෙ අතින් අල්ලන් තියෙන්නෙ.. " ඔහ් සොරි ආන්ටි. සොරි අන්කල්.. දිස් ඊස් මයි ගර්ල්ෆ්‍රෙන්ඩ්..මං මෙයාව එක්ක යන්නම්.." ශාකි මාවත් එක්කගෙන එයාගෙ කාර් එක ලගට ගියා. " බලන්නකො අද කාලේ හැදෙන ලමයි.. මෙච්චර ලොකු ක්‍රිකට් තරුවකගෙ කෙල්ල බිබී පාරවල් ගානෙ.." ඒ ආන්ටි අර අන්කල් අතින් කියලා කාර් එක ඇතුලට ගියා. " දැන් ඔයා මාව බෝඩිමෙන් දාලා ගෙදර ද යන්නෙ.." " ඔව් ඉතින් වෙන කොහෙ යන්නද.." " අද වයිෆ් ගෙදර ද.." අර ආන්ටි ඇහුවෙ ඒ අන්කල්ගෙන්. අඩෙ ඒ ගෑණි මිනිහයි නෙවෙද? එතකොට හොර...? ඔහ් ගෝඩ්..!!! " හ්ම්.." අන්කල් ලොකු හුස්මක් පිට කරලා කිව්වා. ශාකි මාව ගෙදරට ඇරලවලා ගියා. මම උදේ නැගිටිද්දි පරී ගෙදර ඇවිත් හිටියෙ. ඒකිට ඉතින් ඕන වෙලාවක මගෙ ගෙදර එන්න යන්න පුළුවන්. මොකද මම ඒකිට ගෙදර එක්ස්ට්‍රා යතුරක් දීලා තියෙන්නෙ. " ආ පරී බබා ගුඩ් මෝනිම්.." මොකද මේකි මේ ගිනි අරන් ඉන්නෙ. රවන රැවිල්ල බලකො යස්සනි.. " මෝනින්.. කොහෙද යකෝ මෝනින්..වෙලාව බලපන් හරකි.." ටැහි.! යකෝ 1යි වෙලාව. මට මෙච්චර වෙලා නින්ද ගියාද. " අනේ මංදා ගඟු මට නම උබට කියලා ඇති වෙලා.. කොච්චර කිව්වත් බොන්න එපා කියලා අහන්නෙ නැනේ බේබද්දි.." මං ඔහෙ බැනපුදෙන් කියලා අහක බලාගෙන අහගෙන හිටියා. " බලපන් ඉතින් ක්ලබ් යනවා නටනවා බොනවා රෑට රෑවෙලා ගෙදර එනවා පහුවදා දවල් වෙනකල් බුදියනවා එකල්ලා ආය නැගිටලා ආය ක්ලබ් යනවා..මොකක්ද ගඟූ මේකෙ තේරුම.. උබ විහින්මයි උබෙ ජීවීතේ නාස්ති කරගන්නෙ.." " පරී මෙ.." " ඇති ගඟූ ඇති..මොකුත් කියන්න එපා..උබ කියන වචන මට කටපාඩම්..හැමදාම එකමනෙ.. මට දුකයි මහෙ ජීවිතේ විනාස වෙලා ඉවරයි අඅය හදාගන්න බෑ..යැයි යැයි තමා.." මට ලාවට හිනා ගියා. මාත් ඉතින් කට වහගෙන පරීගෙ බැනුම්, දේශනා අහගෙන හිටියා. ඒත් එක්කම මිදුලේ කාර් එකක් නතර කරන සද්දෙ ඇහුනා. බලන්න දෙයක් නම් නෑ ආවේ කවුද කියලා දන්නවා ඉතින්. " අහ් අන්න ආවා.. දැන් ඉතින් කන් දෙක පුපේ ගහන් ඉදපන්.." පරී මට රවලා ශාකිගෙ කාර් එක පැත්තට ගියා. මොනාදෝ කුටු කුටු කකා දෙන්නා එක්කම ගේ ඇතුලට ආවා. මුන් මට කුමන්ත්‍රණ කරනවද කොහෙදො. " ආහ් ලොකු මැඩම් වෙරි හිදුනද.." " හ්ම්.." මං එයාටත් රවලා අහක බලාගත්තා. " මොකක්ද ගඟූ ඊයෙ නටන්න හදපු නාඩඟම.." " ඇයි මොනවද මං කලෙ.." " මොනාද කලේ කියලා අහන ලස්සන..ඇයි ඊයෙ කාර් එකේ ඉද්දි අර ගෑණු කෙනෙක් පස්සෙ දුවන්න හැදුවෙ..'එයාට කතා කරන්න ඔන එයාව බලන්න ඔන මම එයාව දන්නවා හොදටම' කිය කිය.." දෙයියනෙ මම එහෙමත් කියලද? ඒත් ඇත්තට කවුද ඒ ගෑණු කෙනා. මට එයාව හුරුයි නම් තමයි. ඒත් ඒ කවුද? " කවුද ඒ.." " කවුද කියලා මම දන්නවද..වෙරි වැඩි වෙලා පැනලා තියෙන්නෙ කාර් එක ඉස්සරහට.. ඒ මනුස්සයා බ්‍රේක් ගැහුවෙ නැත්තම් තමුසෙ අද මෙතන නෑ.. මෝඩ වැඩ කරන්න එපා ගඟූ..මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ..ඔයාට මම බොන්න එපා කියන්නැ අඩුම එහෙම ගමනක් යද්දි ටැක්සි එකක්වත් දාගෙන යන්න..බස් ගානෙ පාරවල් ගානෙ ඔහොම යන්න පුළුවන් ද කියන්නකො.." ඇයි මෙයා මෙච්චර මං ගැන වද වෙන්නෙ. " මට කවුරුත් එපා යන්න දෙන්නම මෙතනින්..මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න..යනවලා දෙන්නම..ප්ලීස්.." මහෙ හිත ආපු සමහර සිතුවිලි නිසා ඇත්තටම මට තරහා ගියා. ශාකිවත් පරීවත් වැරදි නෑ මම දන්නවා. මම විතරයි මෙතන වැරදි. ඒත් මට අර ගෑණු කෙනාව ඇයි හැමවෙලේම මතක් වෙන්නෙ. මගෙ හිතට මහ වදයක් ඒක. " හරි ඔයාට නිදහසේ ඉන්න ඔනි නම් නිදහසෙ ඉන්න අපි යන්නම්..හැබැයි මෝඩ වැඩ නතර කරන්න.. පරී යනවා නම් එන්න මම ඩ්‍රොප් කරන්නම්.." ඒ දෙන්නම එතනින් ගියාට පස්සෙ මම කාමරේට ගිහින් දොර වහන් ඇඳට පැන්නා. හවස ශාකි ගිහින් තියෙන්නෙ එයාගෙ හොදම යාලුවා ශෙනාල් ව හම්බවෙන්න. " මචං ශාකි.." එයා ලොකු කල්පනවක. " ශාකි..අඩො.." ශෙනාල් තට්ටුවක් දැම්මා. " කියපන්.." "මොනවද උබ ඔච්චර කල්පනා කරන්නෙ.." " මොකුත් නෑ බන් කියපන්.." " උබට මට මොකුත් හංගන්න බැ මචෝ.. හරි අහපන්කො..මට උබ කියපන් උබ අර කෙල්ලට ලව් කරන්නෙ සීරියස් ද ජෝක් එකටද කියලා.." " සිරියස් බන් සීරියස්.. අනෙ මංදා ඕයි දැක්ක ගමන් මට මාරම විදිහට දැනුනා..අනික උබ දන්නවනෙ මම බොන කෙල්ලින්ට ආසාත් නෑ කියලා..ඒත් බන් ඒකිව දැක්ක වෙලේ ඉදන් මට හිතෙන්නෙම මගෙ ජීවිතේට මම හොයන මට හරියනම කෙනා එයා කියලා..ඒකි හරියට පොඩි ළමයෙක්වගෙ බන් සමහර වෙලාවට.. ඒ කෙල්ල පට්ටටම දුක් විදිනවා බන්..මෙච්චර කල් කොහොම ඉවසන් හිටියද දන්නැ.. මතක් වෙද්දිත් පුදුමයි බන්.. කවුරු මොනවා කිව්වත් මට වැඩක් නෑ බන්.. මම එකිව මට පුළුවන් උපරිමයෙන් බලාගන්නවා මගෙ නොවුනත්.. ඒත් ඔක්කොටම කලින් මට පොඩි දෙයක් ගැන හොයාගන්න ඔන.." " ඒ මොකක්ද බන්.." මතු සම්බන්ධයි! ━━━━━━━━━━━━━━ මොනා ගැනද ශාකී හොයන්න යනවා ඇත්තෙ😫💞 හරියටම ගෙස් කරන කෙනාට මං ගානෙ දිග එපියක් දෙනවා🌝💞
❤️ 💗 🖤 6

Comments