ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 17, 2025 at 11:46 AM
*විසල්* ...._රොබරෝසි මලකට පෙම් බඳින හිතුවක්කාර හදවතක්...._ *තෙවන* රොබරෝසියාව 🩷✨ " ගුඩ් මෝනිං මහී...අද උදෙන්ම ලෙක්චර්ස් නේද ?" "ඒකනේ අභී...ගුඩ් මෝනිං" "ඔයාලගේ ගෙවල් ගාව ඉඳපු අක්කා කෙනෙකුත් මෙහෙ ඉන්නවා කිව්වා නේද ?" " ඔව් ඔව්..ගෞරවී අක්කා...එයා සෙකන්ඩ් ඉයර් එකේ" "එහෙමද" "හ්ම්ම්" ◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉◉ " දන්නව ද මහී ?" " මොකක්ද ගෞරවී අක්කෙ" " පේරා ලස්සනම වහිනකොට..ඒ එක පුංචි හිරි පොද වැස්සකින් පවා මුළු පේරාදෙණියම ලස්සන වෙනවා..ඒවා හරි ප්‍රේමණීය මල් වැහි..ආදරේ උතුරන මල් වැහි..පුංචි පුංචි වැහි බිංදු අක්බාර් පාලම උඩට වැටිලා රත්තරන් බිංදු වගේ උඩ පනින්න ගන්නවා..අන්තිමේට ඒ වැහි බිංදු හැම එකක්ම අපේ හැම නපුරු මතකයක්ම මහවැලි ගඟට විසි කරලා දානවා..එහෙම උනාම මුළු පේරාදෙණියම හිතාගන්න බැරි තරමටම ආදරණීය වෙනවා..ආදරෙ වගේම පේරාත් හරිම අමුතුයි.." පේරා ගැනත් , වැස්ස ගැනත් , ආදරය ගැනත් එකට අමුණන ගෞරවී දෙස බලා සිටි මහිෂ්වි මෙසේ පැවසූවාය.. ❛❛ අඳුරු වලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න ❜❜ ❛❛ ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න ❜❜ ගෞරවී සිනාවුණී... " අක්කා හරියට ප්‍රේමණීය වෙලා වගේ නේද ? " "මේ හැමදේම පේරා හින්දා මහී...ලස්සන හිත් ගොඩාරියක් පේරා නිසා මුණගැහෙනවා" "හ්ම්ම්ම්" "මටත් ඒ වගේ ලස්සන හිතක් හම්බුණා" "කවුද ඒ ලස්සන හිත" "මං දවසක පෙන්නන්නම් ඔයාට...හැබැයි මහී එ හිත පොලිස් හිතක් නොඋනත් ඒ හිත අයිති පොලිස් පවුලකට" "ඒ කිව්වේ" "එයාගේ තාත්තයි , අයියයි දෙන්නම පොලීසියේ " "හ්ම්ම් එහෙම ද" "ඔයා තවමත් පොලිස් ඇඳුමට ඇකැමති ද මහී ?" "ඇකැමැත්තක් නැහෑ...ඒ උනත් මට පොලිස් ඇඳුම දැක්කහම දුක හිතෙනවා..." " හරි හරි...ඔන්න බලන්නකෝ..ඔයාටත් මේ පේරා අහස යට ලස්සන හදවතක් මුණ ගැහේවි..." ඊට මද සිනහවක් පානවා හැර මහිෂ්විට වෙන කිසිවක් සිතුණේ නැත... ●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●● ✍️ _විසල්‍යා_ ( කෞෂල්‍යා නිම්සරණි ) 2025/06/14 *තවත් ආදරණීය රොබරෝසියාවකින් හමුවෙමු.....🫶✨*
❤️ 🤍 10

Comments