ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 18, 2025 at 04:19 PM
සිහින තරුව✨🏏 *කෙටි කතාවකි* ~episode 7~ ╌╌╌╌╌╌╌╌╌╌╌╌╌ " ඒ මොකක්ද බන්.." " ගඟූගෙ අම්මායි තාත්තයි ගැන.. පුළුවන් තරම් ඉක්මනට මට ඒ ගැන දැන ගන්න ඕන.. අනික ගඟූ කොච්චර කිව්වත් ඒ අයව මතක් කරන්න එපා කියලා තාම හිතේ පොඩි හරි ආදරයක් ඒ දෙන්නා වෙනුවෙන් තියෙනවා කියලා මට විශ්වාසයි.." " ඒත් අපි කොහොමද බන් හොයාගන්නෙ.. කිසිම දෙයක් දන්නෙ නැතුව.. " " මෙහෙමයි අපිට සමහර විට අර ගඟූව හිරකරන් හිටපු ගෑණු කෙනාගෙනුත් මොකක්ම හරි තොරතුරක් ගන්න පුළුවන් වෙයි.." " එහෙනම් අපි අදම යමන් එහෙ..මං දන්නවා ඔය පොට් එක.. අනික මචං මට පුළුවන් උපරිමෙන් උබට උදව් කරනවා.." " ඒක මම දන්නවානෙ.. මේ එක නෙවේ මට පොඩි සැකයක් තියෙනවා ශෙනා.." " මොකක් ගැනද.." " අර එදා ගගූට පාරෙදි හම්බුන ගෑණු කෙනා ගැන.. " " අර උබ කිව්වෙ ගඟූ හැප්පෙන්න ගිය කාර් එකෙ හිටියා කියලා ගෑණු කෙනෙක්.. එයාද.." " ඔව් ඔව් එයා තමා.." " මොකක්ද ඉතින් ඒ ආන්ටි ගැන තියෙන සැකේ.." " අනේ මංදා බන් මට හරියටම ශුවර් නෑ.. ඒත් බන් මම එදා උඹට කියපු නැති දෙයක් තියෙනවා.." " මොකක්ද.." ශෙනාල් පුදුමෙන් ඇහුවා. " එදා ගඟූ කාර් එකේදි හෙන පිස්සුවක් කෙලියා කියලා මම කිව්වානෙ.. එදා ගඟූ වෙරි විකාරෙන් වගෙ මොනාද මොනාදෝ කියෙව්වා.. එයා කිව්වා 'ශාකි.. එයා මගෙ අම්මා වගේ ශාකි' කියලා.. මට ඒකයි තියෙන ප්‍රශ්නෙ.. මට හිතෙනවා ඒ ගෑණු කෙනාව හොයාගෙනම මේ ගැන අහලා දැනගන්න.. සමහර විට ඒ ගඟූගෙ අම්මා උනොත් එහෙම.." " අඩෝ සිරාවටම.. එතකොට දැන් උබට ඒක කිව්වා කියලා ගඟූට මතකද.." " මම හිතන්නෙ නෑ කියලා.." " එහෙනම් අපි නොදන්න විදිහටම ඉමු.." " ඒක තමා මාත් බැලුවෙ.. මේ ගැන හරියට හොයා ගන්නකල් එයාට නොකියා ඉමු කියලා.." " ම්ම් එක හොදයි.." දෙන්නා එක්ක ඔහොම ටිකක් වෙලා කතා කර කර ඉදලා ගියා. සතියකුත් ගෙවුනා දැනුනෙවත් නැ. නිකන් එහෙ හැරිලා මෙහෙ බැලුවා ව්අහෙ ඉක්මනින් සතියක් ගෙවුනෙ. අදත් මම සුපුරුදු විදිහටම ක්ලබ් යන්න පිටත් උනා. බස් එකේ තමයි ඉතින් ගියේ නම්. අපිට ඉතින් ලොකු ලොකු වාහන ගන්න තරම් වත්කම් නෑ තාම. බස් එකට නඟින්න බස් හෝල්ට් එකේ ඉද්දි බී.එම්.ඩබ්ලිව් (BMW) එකක් ඇවිත් මගෙ ඉස්සරහා නතර කලා. ඒත් කවුද මෙච්චර හොද වාහනේක එන්නෙ. ශාකි වෙන්නත් බෑ එයාට තියෙන්නෙ බෙන්ස් එකක් නෙ. ඒත් ඉතින් අනෙ මංදා.. මම බලන් හිටියෙ දොර ඇරන් බැහැගෙන එන කෙනා දිහා. ඉස්සරහා සීට් එකේ මගෙ පැත්තට වෙන්න තිබ්බ දොර ඇරෙද්දි පොඩි කුතුහලයක් නොතිබ්බාමත් නෙවෙයි. ඒත් දෙයියනෙ මේ ඉන්නෙ නැශනල් ටීම් එකේ ක්‍රිකටර් ශෙනාල් නේද.? ටීම් එකේ හොදම බෝලර් ශෙනාල්. ඔහ් ගෝඩ් ශාකිගෙ හොඳම යාලුවා. ඒත් එක්ක ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොරත් ඇරුනා. මූණේ කිසිම හිනාවක් නැතුව උදාසීන බැල්මක් එක්ක මගෙ දිහාම බලාගෙන එතෙන්ට ආවේ ශාකි. ඒත් අද එයාගෙ මූණේ කිසිම හිනාවක් නැහැ. වෙනදා තියෙන හිනාව කොහෙන් ගිහින්ද මංදා. හිනාවක් තියා අඩුම කේන්තියක් තරහක්වත් පේන්න නැ. නිකන්ම උදාසීන ගතියක් විතරයි පෙනුනෙ මට නම්. " ආ ගඟනි නංගි, හව් ආ යූ.." " අ'යිම් ෆයින් අයියා.. නයිස් ටු මීට් යූ.." " මී ටූ ඩාලිං.." ශෙනාල් අයියා මට අතට අත දීලා මගෙත් එක්ක කතා කරද්දිවත් අඩුම ශාකිගෙ මූණේ කිසිම හිනාවක් තිබ්බෙ නැහැ. මං මීට කලින් මේ මූණ මෙහෙම දැකලා නැ. අර ලස්සන හිනාව කෝ.. හිනා වෙද්දි වල ගැහෙන කම්මුල්, හීනි වෙන ඇස්, අනෙ මට බලන්න ආසයි ඒ මූණ ඒ විදිහට. අනෙ හිනා වෙන්නකො ශාකි අයියෙ!! "නංගි මේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද.." ශෙනාල් අයියා මාත් එක්ක කතා කරන්න ඔන කීවට පස්සෙ ශාකි අයියා කාර් එක ලඟට ගිහින් කාර් එකට හේත්තු වෙලා අත් වෙක බැදන් බලන් හිටියා. සැරෙන් සැරේට මේ පැත්ත බැලුවත් එයා වැඩි හරියක්ම කලේ අහක බලන් හිටපු එක විතරයි. " පුළුවන් අයියා අවුලක් නෑ.. " " මට නම් ලොකූවට දෙයක් කියන්න නැහැ. ඒත් නංගිට පුළුවන් නම් අපෙ එකා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද.. ඌ මේ ටිකේම හරියට කල්පනා කරනවා.. හරි හැටි කෑමක් බීමක් වත් නැතුව ඔච්චර මොනා කල්පනා කරනවද කියලා මංවත් දන්නෙ නැ.. ඇහුවට කියන්නෙත් නැ.. අනික ඌ නංගිට සීරියස් ලව් කරන්නෙත්.. මෙච්චර කාලෙකට උට හිත ගිය එකම කෙල්ල නංගි.. ඌට නංගි එක්ක තනියම ටිකක් කතා කරන්න ඕන කිව්වා.. පුළුවන් නම් අද ක්ලබ් නොයා ඌ එක්ක ඩිනර් එකට ගිහින් ටිකක් කතා කරනවද.. පුළුවන් නම් උගෙ හිතෙ හදන්නවත් බලන්න.. ප්ලීස් නංගි.." මං මොකුත්ම නොකියා ටික වෙලාවක් හිටියා. ඇයි දෙයියනෙ මටම මෙහෙම වෙන්නෙ.. කෙනෙක්ට ආදරයක් ඇති උනාම ඒ ආදරේ විදින්නවත් මට පිනක් නැති වෙන්නම මම පව් කරලද.? " ඒත් අයියෙ.. නැහැ හරි මම එන්නම්.. මං එයා එක්ක කතා කරන්නම් යමු.." ශෙනාල් අයියා හිනාවෙලා මට කාර් එක පෙන්නලා එයත් කාර් එක ලගට ගියාට පස්සෙ ශාකි ඩ්‍රයිවින් සීට් එකෙන් ගිහින් ඉදගද්දි ශෙනාල් අයියා මට ඉදගන්න පස්සහා සීට් එකේ දොර ඇරියා. මමත් ඇතුලෙන් ඉදගත්තාට පස්සෙ එයා දොර වහලා ඉස්සරහා සීට් එකෙන් ඉදගත්තා. ශෙනාල් අයියා ශාකි දිහා බලලා හිමිට ඇස් පිල්ලමක් ගැහුවා. ' හැමදේම හරියයි බයවෙන්න එපා' කියන්න වගේ එයාගෙ බැල්මත් තිබුනෙ. ඒත් මොකක්ද ශාකි අයියාගෙ ප්‍රශ්නෙ. එයා මොකක් හරි ලොකු අවුලකින් ඉන්නෙ කියලා මට තේරෙනවා. මං වීදූරුවට ඔලුව තියාගෙන ශාකි දිහා බලන්ම ගියා. මට පේනවා එයා ඉස්සරහා කන්නාඩියෙන් මගෙ දිහා බලන් ඉන්නවා කියලා. ඒත් ඒ බැල්ම ඒ මූණෙන් කවදාවත්ම දැකලා නැති විදිහෙ බැල්මක්. එයා කාර් එක නතර කලේ ෆයිව් ස්ටාර් හොටෙල් එකක් වගේ ලොකු හොටෙල් එකක් ඉස්සරහා. ෆයිව් ස්ටාර් නම් නෙවේ ඒත් ඒ හා සමානයි. " මචං උබලා දෙන්නා කතා කරපල්ලා මම එහා මේසෙන් ඉන්නම්.." ශාකි අයියා ඒකට හා කියන්න ඔලුව වනලා ටේබල් එකක් ලගට ගියා. අපි ගියේ හොටෙල් එකේ බැල්කනි එකකට. මොකද එතන හරි නිදහස්. මුලු ටවුන් එකම එතෙන්ට පේනවා. චෙයාර්ස් දෙකක් එක්ක තිබ්බ ටේබල් එකේ රතු රෝස මල් දාපු වීරුදු වාස් එකක් තිබ්බා. එයා පුටුවක් ඉස්සරහට ඇඳලා අතින් පෙන්නුවා ඉඳගන්න කියලා. මමත් ඉඳගත්තට පස්සෙ එයාත් මට ඉස්සරහින් තිබ්බ පුටුව ඇදලා ඉදගත්තා. මෙතන හිටියෙ අපි දෙන්නායි ශෙනාල් අයියායි විතරයි. ශෙනාල් අයියා හිටියෙත් අපිට ටිකක් එහායින් ටේබල් එකක. අපි කතා කරන දේවල් එහෙම එයාට ඇහෙන්නෙ නැති දුරක හිටියෙ. එයා මගෙ මූණ දිහා බලාගෙන ඉදලා ලොකු හුස්මක් පිට කලා. ඊට පස්සෙ, " මොනාද කන්නෙ.." " ඔයාට කැමති දෙයක්.." "ම්.." එයා මෙනූ එක අතට අරන් බලලා ටිකක් එහායින් බැල්කනි එකේ දොර ලග පහසුවෙන් අත් දෙකත් පස්සට බැදගෙන හිටපු වේටර් ට අතින් ඉඟි කරලා එන්න කිව්වා. " ටෙල් මී සර්, වට් ඩූ යූ ඕඩර්.." " නම්බර් ෆයිව් එකෙන් දෙකයි නම්බර් ට්වෙල් වලින් දෙකයි ගේන්න.." " ඕකේ සර්, ප්ලීස් වේට්.." " ඉට්ස් ඕකේයි.. ආහ් එස්කියුස් මී..?" " යස් සර්.. " " අතන ටේබල් එකේ ඉන්න සර්ගෙනුත් අහගෙනම යන්න මොනාද ඕන කියලා.. ව්‍යත් අපි එක්කමයි ආවෙ.." " ඕකේ ශුවර් සර්.." වේටර් එතනින් ගියාට පස්සෙ ශාකි ටික වෙලාවක් අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා. " ගඟූ.." එයා මගෙ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියා. මතු සම්බන්ධයි! °ᗩma GÏrし✿____ ━━━━━━━━━━━━━━ ඔන්න ලමයි ගෙනාවෝ😫♥ සදුදා වෙනකල් ඉන්න බෑලුනෙ කට්ටියට🤭 කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් ඉතින් අනිත් කතා සදුදාම තමා😒💔
❤️ 💛 🙂 8

Comments