ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
                                
                            
                            
                    
                                
                                
                                June 19, 2025 at 03:37 PM
                               
                            
                        
                            දඩබ්බර ආදරේ ❤️🔥 
_________________ 
38th Episode ❤️🔥🥀 
________||| 
 
 
\"  පැමිණ සිටින ඔබ සැම අපි සාදරයෙන් පිලිගන්නවා \" 
 
,, 
පෙරුම් පුරාගෙන ප්‍රාර්තනා කරපු ඒ දවසෙ ඒ තැනට මං මේ ගේම් එක අවසන් කරන්න අද ඇවිත් ඉන්නෙ..... 
 
 
මගෙ අතක පැටලිලා හැමොටම හිනා වෙවි යන බේබි එක්ක ගියපු මං අපිට ඇරේන්ජ් කරපු පුටුවෙන් ඉදගත්තෙ මෙච්චර වෙලා හිටපු බොලද රූත් වෙනුවට කලින් හිටපු යකා ආරූඪ කරගෙන.... 
 
 
 
මේ රූත් ආවෙ එක දේකට නම් මේ රූත් කරන්නෙත් ඒ එක දේ විතරයි.... 
 
 
මගෙ ලග ඉදන් ඉන්න කෙල්ලට නොපෙනෙන්න හතර වටෙට ඇස් යවපු මං මං දිහා බලන් ඉන්න අපෙ ගැන්සියට ඇස් වලින් රෙඩි වෙලා ඉන්න කියලා ඉස්සරහා බලාගත්තෙ හරි වෙලාව එන්නෙ බෙබිගෙ තාත්තා ආවට පස්සෙ නිසා... 
 
 
,, 
පැයක් විතර උත්සවෙ වැඩ ආරම්භ වෙලා ගලන් යද්දි ටිකෙන් ටික මගෙ ඔරලෝසුවෙ කටු කැරකුනෙ හරි ඉක්මනින් කියලයි මට හිතුනෙ..... 
 
 
 
උත්සවෙ එනවුස්මන්ට් කරන කොල්ලා මයික් එක අරන් බෙබිගෙ තාත්තව පිලිගන්න කතාවක් කරද්දි බොඩි ගාඩ්ලා මැද්දෙ එන බෙබිගෙ තාත්තා දිහා මං බැලුවෙ වටෙ ඉන්න අදින් උබෙ සෙල්ලම් ඉවරයි කියන්න මටම මුමුනගන්න ගමන්..... 
 
 
හහ්.මහලොකු කුඩු රජා.අදින් එහෙනම් උබෙ සෙල්ලම් ඔක්කොම ඉවරයි පුතා.... 
 
 
 
අදින් පස්සෙ මේ වැයික්කියෙ කුඩු රජෙක් නැති වෙයි...මගෙ අතෙ හිටපු බේබි දුවන් ගිහින් එකිගෙ තාත්තට තුරුලු වෙද්දි අත දිග් කරලා මටත් කෙල්ල එන්න කියපු නිසා ගැන්සියට හිසින් මගෙ සංඣාව ලැබෙනකම් ඉන්න කියපු මං පියවර තිබ්බෙ කුඩු රජා ගාවට...... 
 
 
සුදු සරමට කලු ශර්ට් එක ගහලා රැවුලයි කොන්ඩෙයි වවපු ඌ හිටියෙ ෆුල් කිට් එක ගහලා මගෙ දිහා කට කොනෙ බැල්මකින් බලා ඉන්න දීර්ක එක්ක... 
 
 
හහ් .දීර්ක පුතෙ එහෙනම් අදින් උබෙ කතාවත් ඉවරයි කොල්ලො.උබ හිතන්නවත් නැතුවැති නේද මේ රූත් උබට අද මොනා කරයිද කියලා..... 
 
 
 
තනි හිතට අනම් මනම් මුමුන මුමුන ගියපු මං අතින් ගැන්සියට ත්‍රී ටූ වන් කියලා කියන ගමන් ගිහින් බෙබිගෙ තාත්තට හිනාවක් දාන් වැන්දෙ වටෙ උන්නු ගැන්සියට ස්ටාට් කියලා හිසින් පෙන්නන ගමන්...... 
 
ං,, 
 
ආහ්... 
 
 
තාත්තා.... 
 
 
මගෙ සංඣාව ලැබුනු සැනින් ක්‍රියාත්මක උනු මගෙ ගැන්සිය පිට පිට වෙඩි එල්ල කරන්න ගද්දි අරුට වදින ගමන් හිටපු මං ක්ශනික නැගිටලා ඉනෙ තිබ්බ පිස්ටල් එක අරන් අරුගෙ ඔලුවෙන් තිබ්බෙ මේ වගෙ දෙයක් බලාපොරොත්තු නොවුනු ඔක්කොම උන් ඇස් ලොකු කරන් මගෙ දිහා බලද්දි..... 
 
 
 
ඒ සැනින් මං අරූගෙ ඔලුවට බුලට් එකක් වෙනුවට තුනක්ම යවලා මගෙ ලගට වෙලා පුදුමෙන් බලා හිටපු බෙබිවත් ගතට තුරුලු කරන්ම බිම දිගෙ පිනුමක් ගහලා ඇවිත් හැංගුනෙ ටේබල් එකක් යට..... 
 
 
ගජරාමෙට ගිනි කෙලි සද්දෙ..අපෙ උනුයි වියරු වැටිලා අපෙ උන්ට වෙඩි තියන දීර්කයි අතර වෙඩි උන්ඩ එකපිට දිගට හරහට මාරු වෙද්දි මගෙ ලගට ආපු අවියට කෙල්ලව භාර දීපු මං ටේබල් එකට මුවා වෙලා වෙඩි තියන්න ගත්තා.... 
 
 
අවුරුදු දෙකක් මං උබලව මරන්න පෙරුම් පිරුවා.ඒ වෙනුවෙන් මං නොසැහෙන්න දුකුත් වින්දා..... 
 
 
ටේබල් එක අස්සට වෙලා වෙඩි තියන මගෙ උන්ඩ වලට අරුන්ගෙ එකා දෙන්නා මැරිලා ඇද වැටෙද්දි උන්ගෙ බුලට් වලට වෙඩි වැදිලා මැරිලා වැටෙන අපෙ උන්ගෙන් එකා දෙකා ලගට ගියපු මං උන්ව ඇදල අරන් ශානාට දුන්නෙ ඉක්මනට උන්ව ප්‍රතිකාර වලට අරන් ය්න්න කියලා..... 
 
 
 
එකම ගාලගෝට්ටියක් මෙතන....හිතුවෙ නැති විදිහට උන්ගෙයි අපෙයි දෙගොල්ලන්ගෙම උන්ඩ ඔක්කොම ඉවර වෙද්දි මෙච්චර වෙලා හංගන් හිටපු කඩු කිනිසි අරන් මේස උඩින් පැනපු අපි හැමොම එක එකාට කොටන්න ගත්තෙ මගෙ මූන පුරා අරුන්ගෙ ගැන්සියෙ කුනු ලේ තැවරෙද්දි..... 
 
 
අවුරුදු ගානක් තිබ්බ වයිරයක් වගෙ අහුවෙන අහුවෙන එකාට කොටාගෙන කොටාගෙන ගියපු මං වියරුවෙන් වගෙ අරුන්ගෙ හැම එකාටම වගෙ ඇන්නා..... 
 
 
මරපු හැම එකාගෙම කුනු ලේ මගෙ ඇග පුරා තියෙද්දිම අපෙ උන්ව මරලා මං වගෙම මගෙ දිහා වියරුවෙන් බලා ඉන්න දීර්ක දිහාවට මං හැරුනෙ පොඩි කාලෙ පටන් ගත්ත අපෙ වයිරෙ අදින් පස්සෙ ඉවර කරන්න කියලා හිතන්..... 
 
,,, 
 
අතීතයට🌸 
 
 
මීට අවුරුදු පහලවකට කලින් මං මගෙ අම්මගෙ අතෙ එල්ලිලා පිය නැග්ගෙ මොන්ටිසොරියට ..... 
 
 
එදා හරි ලස්සන දවසක්.ගේ ඇතුලට වෙලා අයියලා එක්ක විතරක් හිටපු මට සෙල්ලම් කරන්න  දැන් ගොඩක් යාලුවො ඉන්නවා... 
 
 
මොන්ටිසෝරි බිමට පලවෙනි අඩිය අම්මත් එක්කම හිනා වෙවි උඩ පනිමින් තියපු මාව වගෙම සාරියක් ඇදන් මා එක්කම ඒ බිමට පය තියපු මගෙ අම්මව විසි වෙලා ගියෙ කොහෙන්දො ආපු කැබ් එකක් අපෙ ඇගෙ වැදිලා.. 
 
,, 
 
අවුරුදු පහයි එතකොට මට.දැන් ඉන්නවා වගෙ කිසි දැනුමක් මට ඒ කාලෙ තිබුනෙ නෑ.... 
 
 
මගෙ ඇස් ඉස්සරහම අපිව හප්පලා දාපු මගෙ වයසෙම හිටපු මෙ තිරිසන් දීර්කයා වාහනෙන් බැහැලා ඇවිත් එල්ලුනෙ මීට ටික වෙලාවකින් මගෙ අතින් මැරුම් කාපු උගෙ තාත්තගෙ ඇගෙ... 
 
.. 
 
ඌ මැරුවා මගෙ අම්මව මගෙ ඇස් ඉස්සරහම.වැරදිමක් වෙලා වාහනෙ බ්‍රේක් කරගන්න බැරුව ඌ අපිව හැප්පුවත් එදා උන් උන්ගෙ සල්ලි බලෙන් මගෙ අම්මගෙ මරනෙ යට ගැහුවෙ මගෙ දිහාම බලන් මගෙ අම්මා එයාගෙ අවසන් හුස්ම හෙලද්දි.... 
 
 
හරි ආසාවෙන් පය තියපු ඒ භූමිය අරූ නිසා මට අප්පිරිය උනා..ඒකයි ඇත්ත කතාව... 
 
 
ඒ තිරිසනා එදා මගෙ අම්මව නිරපරාදෙ මරලා දැම්ම....ඒ මදිවට උන් අපෙ පිට වැරැද්ද පටොලා ඒ නඩුවෙන් බේරුනත් එක්ක,,, 
 
 
මගෙ අම්මාව මුන් එදා බල්ලෙක් ගානට හප්පලා ගිය හැටි මගෙ මතකෙට එද්දි ඒ කෝපය හිතෙ තියාගෙන මට මාවම අමතක වෙලා යන්න තරම් තරහින් වියරු වැටුනු මං කෑගහගෙනම දුවන් ගිහින් අරුගෙ ඇගට පැන්නෙ කඩුවත් උස්සගෙන.... 
 
,, 
 
චිරි චිරි සට සට සද්දෙත් එක්ක අරුගෙයි මගෙයි කඩු එකිනෙක වැදෙන්න අරන්... 
 
 
පාලනෙ කරගන්න බැරි තරමටම වියරු වැටිලා ඉන්න මං අරූට එකපිට එකපිට පාරවල් එල්ල කලෙ උගෙනුත් මට පාරවල් එක දෙක වැදෙද්දි .... 
 
 
\" මොකද්ද බල්ලො තොට මා එක්ක තියෙන තරහා ආ.තො අර වේ* නිසාද මගෙ තාත්තව මැරුවෙ කියපන් යකො කියපන් \" 
 
 
මගෙ පාරවල් වලින් විසි වෙලා ගිහින් වැටෙන අර බල්ලා මගෙන් කෑගැහලා එහෙම අහද්දි නැ යකො එද තො මගෙ අම්මව හප්පලා මැරුවෙ තොට මතක නැද්ද ප* කියලා කියපු මං බිම වැටිලා ලේ පෙරන් ඉන්න අරුගෙ බඩට පයින් එකක් ගහන ගමන් කියලා උඩ පැනලා ඒ කඩුවෙන් අරුගෙ බඩට ඇන්නෙ ඌ මහ සද්දෙට කෑගහද්දි... 
 
 
රිදෙනවා නේද උබට රිදෙනවා නේද..එදා තොපි මගෙ අම්මව හප්පලා දාද්දි එයාටත් මේ වගෙ වේදනාවක් ම එන්නැති නේද යකො... 
 
 
කියපන් එන්න ඇති නේද... 
 
 
බිම වැටිලා බඩත් අල්ලන් ඉන්න අරුව උගෙ ඇදුමෙන් උස්සලා අරගෙන අතෙ තිබ්බ කඩුව පැත්තකට දාලා ඉනෙ තිබ්බ කිනිස්ස අරන් උගෙ මුලු ඇග පුරාම මං කැමති විදිහට කිනිස්සෙන් රටා අදින්න ගත්තෙ අරූ ඒවා දරාගන්න බැරුව හරි ලස්සනට මරහඩ දෙද්දි..... 
 
 
තවවිදොපන් වේ* බල්ලො තව විදොපන්..මගෙ අම්මටයි තොපි කුඩු විකුනලා විනාස කරන උන්ගෙ පවුල් වල උන්ගෙ වේදනාවයි ඔක්කොම එකතු කරන් අද උබ විදෝපන්..... 
 
 
ඇග පුරාම ලෙ හැලිලා තද රතු වෙලා ඉන්න අරුගෙ ඇග උඩට නැගපු මං වියරුවෙන් වගෙ ඒ මුලු ඇගටම ඇනගෙන ඇනගෙන ගිහින් අන්තිමට නැවතුනෙ උගෙ ලේ තැවරුනු පපුව ගාව... 
 
 
මේ තියෙන පපුවෙන් තොපි හුස්ම ගන්න එක විතරක් කරපු එකයි අපරාදෙ... 
 
 
උබලට දුන්නු මෙ පපුවෙ අගෙ නොතෙරුනු එකයි අපරාදෙ.... 
 
 
වේදනාවෙන් මිරිකි මිරිකි මගෙ ඇගට යට වෙලා අන්තිම හුස්ම යවන ගමන් හිටපු අර බල්ලගෙ පපුවට මගෙ ඇගිලි යවපු මං ඌ අවසාන වතාවට සද්දෙට මර හඩ දෙද්දි මගෙ ඇගිලි වලින් මස් අස්සෙ තිබුනු උගෙ පපුව ඇදලා ගත්තෙ මට තියෙන ජරාම හිනාව මගෙ මූනට ආරූඪ වෙද්දි..... 
 
,,,,,, 
_______________________________ 
 
හිතෙන දේ කොටන්ඩෝ 🌝🖤
දිගටම කියවන්න ඔයාලා කම්ෆියුස් වෙන ඒවා තව ඉදිරියට 😁🖤
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                        
                                            💛
                                        
                                    
                                    
                                        7