
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 19, 2025 at 03:38 PM
සිහින තරුව✨🏏
*කෙටි කතාවකි*
~episode 8~
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌
" ගඟූ.."
එයා මගෙ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියා.
" අයියා.."
" මං දෙයක් අහන්න මට අවංකව හරියටම උත්තර දෙනවද..?"
"අහන්න මොකක්ද.ම්"
මං එයා දිහාම බලන් හිටියෙ පුදුමෙන්. මොනාද අහන්න යන්නෙ. මාව අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්වත් ද.. එයාට ආදරෙයිද කියලා ආයෙත් අහයිද.. ඒත් මම මොනාද දෙන උත්තර. මං ආදරෙයි දෙයියනෙ.. ඒත් මට බැ ඔයාගෙ වෙන්න. ඔයා පව්..
" ගඟූ ඔයාට මට මොකුත්ම කියන්න නැද්ද.."
මං අන්දමන්ද වෙලා බලන් හිටියෙ මොනා ගැනද මේ අහන්නෙ කියලා නොදන්න නිසා.
" ම්..මොනාද.."
" ඔයා අර හිර කරන් ඉදපු ගෙදර ගෑණු කෙනා මොන වගෙ කෙනෙක්ද.."
මේ මොනාද අහන්නෙ.. අමතක කරන්න හදන දේවල් ඇයි මතක් කරලා රිද්දන්නෙ අයියෙ!!
" එයා-එයා අනෙ මට එයාව මතක් කරන්න එපා අයියෙ.."
මම අත් දෙකින්ම ඔලුව බදාගෙන ඇස් පියා ගත්තා. ඒ අතීතේ!අනෙ ඒ අතීතෙ එපා මට.. මට මට බය හිතෙනවා මතක් වෙද්දි..
" ප්ලීස් ගඟූ.. හොඳ ලමයා වගෙ හිතට ශක්තිය ගන්න.. ඔයා ඔහොම වැටෙන්න ඔන කෙනෙක් නෙවෙ.. තේරුනාද.. කෝ මෙහෙ බලන්නකො.. ඔයා හිතට ශක්තිය අරන් මට මුල ඉදලා සිද්ධ උන හැම දෙයක්ම කියන්න.. මං ඔයාට ඉන්නවනෙ.. ගඟූ කියන්නෙ එහෙම ලේසියෙන් වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.."
" ඒ ඒ අතීතේ.. ම්-මට බය-යි.."
මම ඇස් ඇරියෙ නම් නැහැ.
" ළමයෝ.. ඇස් අරින්නකො.. මගෙ දිහා බලන්නකො.. මට උන දේ කියන්න.. මම ඔයාට උදව් කරන්නම්.. හරිද.."
එයා මගෙ අත අල්ලගෙන මගෙ නිකටින් ඉස්සුවා.
" ගඟූ අහන්නකො.. මම මේ හදන්න ඔයා වගේ ම තව ගෑණු ලමයෙක් අමාරුවේ වැටෙන එක බේරගන්න.. ඒ මිනිස්සු කී දෙනෙක්ට ඔහොම කරනවා ඇද්ද.. ඒ නිසා ප්ලීස් බය නැතුව මට ඇත්ත කියන්න.. මාව විශ්වාස කරන්න.."
මගෙ ඇස් වලින් කදුලු ආවා.
" අයියෙ..එයාල එයාලා මට හුඟක් කරදර කලා අයියෙ.. මට අවුරුදු 5යි එතකොට. මම අඩුම ලියන්න කියන්නවත් දන්නෙ නැති කාලෙක එයාලා මාව ඒ දේවල් වලට යොදව ගත්තෙ.. ලොකු මිනිස්සු ගෙන්නලා මාව කාමරේකට දාලා මට හුඟක් වද දුන්නා අයියෙ.. ඒ ගෑණී අපිව බිල්ලට දීලා සල්ලි හම්බ කරනවා.. දවසක් මම යන්න බෑ කියලා ඇඩුවා කියලා තෙල් හැන්දෙන් මට ගැහුවා.. අවුරුදු 10යි මට එතකොට.. චුටී කාලේ ඉදන්ම මම මිනිස්සුන්ගෙ බිල්ලක් උනා.. කැමැත්තකින් හිටියා නෙවෙයි මම.. කරන්න දෙයක් නැතිකමට හිටියෙ.. මම අනන්තවත් ගුටි කාලේ ඇති ඒ මිනිස්සුන්ගෙන්.. කොහොම හරි මම එහෙන් පැනගත්තෙ බොරු වීස් එකක් හදාගෙන හොස්පිට්ල් නතර වෙලා.. හොස්පිට්ල් එකේ ඉද්දි පැනලා ආවෙ.. මට අම්මා කෙනෙක් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා.. මට මං ගැනම පිලිකුලක් දැනෙනවා.."
" ගඟූ මම ඔයාට හැමවෙලේම කිව්වා... ආයෙත් කියනවා.. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.. සමාජෙ කවුරු මොනවා කිව්වාත් තමන් තමන්ව පහත් කරගන්නවත් අප්පිරියා කරගන්මවත් එපා.. ඔයා කොච්චර ශක්තිමත් කෙල්ලෙක්ද.. ඇයි මේ පොඩි දේවල් හිතලා මෙච්චර වැටෙන්නෙ ආ.. ගෙවුන අතීතෙ ගැන ආයෙ ආයෙ හිතන්න යන්න එපා.. ඔයා නිසා අනිත් අය අමාරුවේ වැටෙයි කියලා තමන්ට දැනෙන ආදරේ නැතිකරගන්නත් එපා.. මම කියන්නෙ නැ මටම ආදරේ කරන්න කියලා.. එත් ගඟූ ඔයාට හිතට හුඟක්ම දැනෙන කෙනෙක්ට ඔයා ලං වෙන්න.. එතකොට මේ ප්‍රශ්න සේරම විසදෙයි.. ඔයාට ඕන කරන්නෙ නොලැබුන ආදරේ.. ඒක ඔයා දන්නවා උනාට ඔයාගෙ හිත ඒ දේ පිලිගන්න කැමති නැහැ.. මං හරි නෙද.."
එයා කොහොමද දෙයියනේ මෙහෙම මගෙ හිත කියෙව්වා වගේ හිතෙ තියෙන දේ කියන්නෙ.
" ඒත් අයියෙ.. මට මේ මොකුත් තේරෙන්නැ අප්පා.."
" ගඟූ.. ඔයාගෙ අම්මායි තාත්තයි ආය ඔයා ලගට ආවොත් ඔයා මොකද කරන්නෙ.."
" ම්..මොකක්.."
මොකක්ද ඒ ඇහුවේ හෙනගහන්නා වගෙ එකම පරම.. මං මොකක්ද දෙන උත්තරේ..
" කියන්නකො ගඟූ.. එයාලා ආවොත් ඔයා මොකද කරන්නෙ.. එයාලා ඔයාගෙන් සමාව ඉල්ලලා කිව්වොත් ආපහු එයාලා ලගට එන්න කියල.."
" නැ නැ නෑ.. එහෙම වෙන්නෙ නෑ.. එයාලා ආය එන්නෙ නෑ.. අනික- අනික අම්මා- එයා තාත්තා එක්ක නෙවේ ඉන්නෙ.. තාත්තා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ.."
මට ඉකි ගගහා ඇඩුනා.
" මං එයාලට ආදරේ නෑ.. එයාලාව මතක් කරන්න එපා.. මට ඇහෙන්න එයාල ගැන කියන්න එපා.."
මට පිස්සු වගෙ දෙයියනෙ.. මොකක්ද මේ මට වෙන්නෙ.. ඇයි මං මෙච්චර කලබල වෙන්නෙ එයාලාව මතක් කරද්දි.. ගඟූ ඔයා ඒ මිනිස්සු ගැන තාම හිතනවද..? ඔයාව පාරේ දාලා ගිය කෙනෙක් ගැන කොහොමද ආදරයක් ඇති වෙන්නෙ ආයෙ..
මං අත් දෙකින්ම ඔලුවට ගහගත්තා.
" ගඟූ.. ගඟූ කූල් ඩවුන් ගඟූ.. රිලෑක්ස් ලමයෝ.. ඔච්චර කලබල වෙන්න දෙයක් නෙවෙයි මම ඇහුවේ.. කෝ හොද හුස්මක් ගන්න.. මෙහෙ බලන්නකො.."
" ම්..මට බ්-බයයි අයියෙ.. එයාලා එයාලා ආය එන එකක් නෑ..මං ආදරේ ඒ මිනිස්සුන්ට.. "
" ගඟු හරි ලමයො.. ඔයා ආදරේ නැත්තම් ඇයි අඩන්නෙ.. සන්සුන් වෙන්නකො එහෙනම්.."
එයා මගෙ ලගට ඇවිත් ඔලුව අත ගාලා මාව සන්සුන් කරන්න හැදුවා. මම එකපාරටම එයාගෙ ඉණ වටේට අත් දෙක දාලා එයාව හයියෙන් තද කරලා බදාගත්තා.
"ශාකි..ශාකි..හ්හ්..අනෙ එදා අර- අර ගෑණු කෙනා.. මං-ම්ම් හැප්පෙන්න ගියෙ.. අනෙ එයා- එයා මගෙ අම්මා වගෙ ශාකි.. මට අම්මාගෙ මූණ ලාවට විතරයි මතක.. මම එදා ඔයාට කීවෙ නෑනෙ එක.. එයා මගෙ අම්මා වගේ ශාකි.."
මං කොච්චර කලබල උනාද කියනවා නම් මං එයාට තුරුල් වෙලා අඬන්නෙ කියලාවත් මට ගානක් නෑ.
" හරි හරි ලමයෝ.. ඔයා මට ඒක කිව්වා කලින්.. කෝ අඩන්නෙ නැතුව ඉන්නකො අපි දැන් කමු.."
ඒ වෙද්දිත් වේටර් ඩිනර් එක සර්ව් කරලත් ඉවරයි.
" මට කන්න බෑ ශාකි අපි යමු.. අනෙ අපි ගෙදර යමු ශාකි.. ප්ලීස් මාව එක්ක යන්න.."
" ලමයො ඇයි මේ.. මෙච්චර කලබල වෙන්න තරම් මොකක්ද උනෙ.. ඔයා මාවත් බය කරනවා.. ගඟූ මගෙ දිහා බලන්න... කෝ.."
" මාව එක්ක යන්න ශාකි ප්ලීස්.. මම වදින්නම්.."
මට වචන පවා පැටලෙනවා. ඒත් මෙච්චර කලබලයක් මට ජීවිතේට ඇති වෙලා නැ. වැළලීගෙන ගිය අතීතේ නැවත ස්මතු වෙද්දි වෙච්චි හැම දේම ඇස් ඉස්සරහා මැවිලා පේද්දි මට මැරෙන්න හිතෙනවා. ඒ මගෙ අම්මාද කියලා මට හිතෙනවා. අම්මෙක්ට පුළුවන් ද දරුවෙක්ට එහෙම දෙයක් කරන්න.
" හරි හරි අපි යමුකො.. කෝ එන්න නැගිටින්නකො.."
ශාකි එතන හිටිය වේටර් ට කතා කලා.
" මේ කෑම දෙක පැක් කරලා දෙන්න පුළුවන් ද.. අපිට හදිස්සියේම යන්න වෙනවා ඒකයි.."
" ඕකේ සර්.."
වේටර් කෑම දෙකත් පාර්සල් කරලා ගෙනාවට පස්සෙ ශාකි පන්දාහේ කොළයක් දීලා ඉතුරුත් නොගෙනම මාවත් එක්කගෙන ශෙනාල් අයියාටත් කතා කරගෙන කාර් එකට ආවා.
ඒ යද්දි මම ගියේ ඉස්සරහා සීට් එකේ. ශෙනාල් අයියා හැමෝටම කලින් ගිහින් පස්සහා සීට් එකෙන් ඉදගෙන හෙඩ් සෙට් එකකුත් දාගෙන හෙන සද්දෙන් සිංදු අහ අහ ඉන්නවා. එයා එහෙම කරන්නෙ අපි දෙන්නාට නිදහසේ කතා කරන්න ඉඩ දීලා.
මම ඇස් දෙකත් වහගෙන මූණ පුරා බේරෙන කදුලු වලට වැටෙන්නම ඉඩ දීලා සීට් එකට ඔලුව හේත්තු කරගත්තා.
ආයෙත් මම පිස්සු කෙලින්න ගත්තා. මට තේරෙන්නැ මට මොකද වෙන්නෙ කියලා.
" අයියෙ.. මට ගෙදර යන්න බෑ.. මාව වෙන කොහෙ හරි ගිහින් දාන්න.. මට බෑ අනෙ.. එයාලා මාව හොයන් ආවොත්.. අනෙ මට ගෙදර යන්න බෑ ප්ලීස්.."
මගෙ ඇඩිල්ලා ආයේ අලුත් උනා.
" හරි ගඟූ හරි.. මම ඔයාව අපේ ගෙදර එක්ක යන්නම් එහෙනම්.. ඔයාගෙ අකමැත්තක් නැත්තම්.."
එයා මගෙ අතකින් තද කරලා අල්ලගත්තා. ඒ බැල්ම ඒ වචන ඒ පුංචි ස්පර්ශය මට ලොකු විශ්වාසයක් ඇති කලා.
මම මොකුත්ම නොකිය ඔලුව හෙල්ලුවේ 'කමක් නෑ' කියන්න.
එයා ශෙනාල් අයියාවත් ගෙදෙට්ට ඩ්‍රොප් කරගෙන මාවත් එක්කගෙන එයාලාගෙ ගෙදර ගියා. ඒ කියන්නෙ මේ කාර් එකත් එයාගෙ නෙ. බැලූ බැල්මට හෙන ලොකු ගෙදරක්. ඒත් මට ඒ දේවල් බලන්න ඒ ගැන හිතන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි හිටියෙ. එයා මාව එක්ක ගියේ එයාගෙ කාමරේට. එයාගෙ ඇඳේ මට නිදාගන්න දීලා එයා කොට්ටෙකුයි සීට් එකකුයි අරගෙන කාමරේම තිබ්බ සෝෆා එකට ගියා.
" ගඟූ ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න.. මම කෑම ලෑස්ති කරන්නම්.. "
" ඒත් ඇදුම්.."
" අප්පාහ්..මට ඒක අමතක උනානෙ.. දැන් ඉතින් මොනා කරන්නද මගෙ ශර්ට් එකක්වත් තමා ඇඳගන්න වෙන්නෙ.."
එයා අල්මාරිය ලගට ගිහින් ඒක ඇරලා එයාගෙ අත් දිග ලා නිල් පට ශර්ට් එකක් දුන්නා.
මං ඒකත් අරන් බිම බලාගෙනම කාමරේ වොශ් රූම් එකට ගියා.
මතු සම්බන්ධයි!
━━━━━━━━━━━━━━
තව කොටස් දෙකයි ලමයි😫💔 ඇයි ගඟූ මෙච්චර කලබල වෙන්නෙ🥺 ඔයාලා දන්නෙ නැද්ද😫💔 දන්නවනම් කියන්නකො🥺
❤️
💛
3