
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
June 20, 2025 at 03:53 PM
සිහින තරුව✨🏏
*කෙටි කතාවකි*
~episode 9~
( අවසානයට පෙර)
╌╌╌╌╌╌╌╌╌╌╌╌╌
මම වොශ් එකක් දාගෙන ඇවිත් එයා හිටපු තැනට ගියා. රයිස් එක ප්ලේට් එකකට බෙද බෙද හිටපු කෙනා එක පාරටම මං දිහා බලන් හිටියෙ වශී වෙලා වගෙ. මම ලැජ්ජාවෙන් ශර්ට් එක පහලට කරද්දි එයා ඉක්මනට ආයෙත් බත් එක දිහාම බලාගත්තා. මාත් ඉතින් එයාට එහා පැත්තෙන් ඇවිත් ඉදගත්තා.
" ආ කන්න.."
" මට එප.. ඔයා කන්න.."
මම එපා කියලා අහක බලාගත්තු නිසා එයා බත් එක අතට අරන් මට ටිකක් ලං උනා.
" ආ.. කවද්දිවත් කන්න පුළුවන් නෙ.. ආ කියන්න.."
එයා හැන්ඳකින් කවන්න ගියපු එක දැකලා මම ඇරපු කට ආයෙත් වහලා අහක බලාගත්තා.
" මට එපා ඔයා කන්න.."
මං සයිඩ් එකෙන් දැක්කා එයාට ලාවට කට කොනින් හිනා යනවා.
" මුරන්ඩු වෙන්න එපා ගඟූ.. කෝ ආ කියනවා.."
ඒ පාර හැන්ඳ මේසෙ උඩින් තියලා බත් කට අතින්ම කවන්න කට ලගට ලං කලා. ඊට පස්සෙ නම් මම කෑවා.
පහුවදා උදේ මම ශාකි අයියා එක්කම අපෙ ගෙදර ගියා. යද්දි දොර ඇරලා තිබ්බේ. දොර අරින්න පුළුවන් ඉතින් මං ඇරුනාම පරීට විතරයි. හිතුවත් වගේම පරී නම් ඉන්නවා. ඒත් ඒත් ඊට එහා පැත්තෙන් ඉදගෙන ඉන්න දෙන්නා. ඒ ඒ.. දෙයියනේ ඒ අර මම හැප්පෙන්න ගිය කාර් එකෙ හිටිය දෙන්නානෙ.
මගෙ මුලු ඇඟම වගේ පණ නැති උනේ ඒ දෙන්නාව දැක්කට පස්සේ බයටම. එයාලා මාව හොයන් ආවේ ඇයි? මාව එක්ක යන්නවත්ද..
දැන් නම් මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා.
මං ඇතුළට යද්දි ඒ දෙන්නම මගෙ දිහා බලන් ඉදලා පසුතැවිලි මූණකින් දෙන්නම මූණට මූණ බලාගත්තා.
ඒ වෙද්දිත් මගෙ ඇස් වලින් කදුළු පනින්න ඔන්න මෙන්න තිබ්බෙ. ඒ ඇත්තටම මගෙ අම්මා නම්..? එතකොට අර පිරිමි කෙනා කවුද..? එයා ආයෙත් බැඳලාවත්ද?
" දුව.. මෙහෙට එන්නකො.."
මං එක අඩියක්වත් ඉස්සරහට නොයා ශාකි අයියාගෙ අතක් අල්ලගත්තා. එයාගෙ අතක එල්ලිලා චූටි ලමයෙක් යකෙක් දැකලා බය වෙලා බලන් ඉන්නවා වගේ බලන් හිටියෙ.
ශාකි අයියා මගෙ දිහා බලලා ඇස් පිල්ලම් දෙකකුත් ගහලා ඉඟි කලේ බය වෙන්න එපා හැමදේම විසඳෙයි කියන්න වගෙ.
මම නැගිටලා ගියෙ නැති නිසාම ඒ ගෑණු කෙනා නැගිටල මං ලගට ආවා.
" ඇයි ලමයො මේ බය වෙලා.. "
" ක්-ක..කවුද..ඔයා.."
" මං ඔයාගෙ අම්මා.. මට සමාවෙන්න රත්තරනෙ.. "
මොකක්.. දෙයියනෙ මම හිතපු දේ හරි. මම ශාකිගෙ අත තද කරලා හයියෙන් අල්ල ගත්තු පාර එයාට රිදෙන්නත් ඇති. ඒත් ඒ වෙලාවෙ මට තිබුනෙ තනිකරම බයක් විතරයි. මට ඇඬුනා. ඒ වලදාන්න හදපු අතීතේ ආයෙ ආයෙ ඇස් ඉස්සරහා මැවෙන්න පටන් ගත්තා. ඔලුවම විකාරයක් වෙලා වගෙ තිබුනෙ.
මං එතනින් දුවලා හැංඟෙන්න උත්සහ කලත් ශාකි අයියා මාව නතර කරගත්තා.
" ශාකි- ශ්-ශා..කි.. මෙයාලට..යන්..න කියන්..න.. ප්ලීස් ප්ලීස්.. මේ මිනිස්සු දෙන්නාව යවන්න ශාකි.."
" ගඟූ..ගඟූ කූල් ඩවුන් බේබී.. රිලෑක්ස්.. "
පොඩි එකෙක් වගෙ බෙරිහන් දීගෙන අඩන මාව එයා එයාගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා.
" මොනදේ උනත් ඔයාට මං ඉන්නවනෙ ලමයෝ.. හිතට ධෛර්ය ගන්න.. අඬන එක නවත්තලා ඇත්තට මූණ දෙන්න.. හිතේ දුකක් තියෙනවා නම් මේ ගොල්ලො ඉස්සරහාම ඒ හැමදේම කියලා හිත නිදහස් කරගන්න.. මේ ඉන්නෙ ඔයාගෙ අම්මායි තාත්තයිනෙ.. බය වෙන්න එපා.."
මගෙ ඉස්සරහා ඉන්නෙ අම්මා බව ඇත්ත. ඒත් එතකොට මෙ මෙ එහා පැත්තෙ ඉදගෙන ඉන්නෙ තාත්තාද..? දෙයියනෙ මාව ඉපදෙන්නත් කලින්ම දාලා ගියපු කෙනාද?
ශාකි ගෙ ඒ වචන වලට මට ඇත්තටම පණක් ආවා. මං එයාවත් අතෑරලා කදුලුත් පිහිදගෙන ඒ වෙන්නා පැත්තට හැරුනා. ඒ වෙද්දිත් අර නමට තාත්තා කියන මනුස්සයා එතෙන්ට ඇවිත් හිටියෙ.
" මගෙ ජීවිතේම විනාස කරා මදිවට තවත් හොයන් එන්නෙ ජීවිතේ නැති කරලාම දාන්නද.."
පරීත් පුදුම වෙලා වෙන හැමදෙයක්ම බලන් හිටියත් එයා මේවට මැදිහත් වෙන්න ආවෙ නෑ.
" මොනාද ලමයො මේ කියවන්නෙ.. තමන්ගෙ දරුවගෙ ජීවිතේ නැති කරන්න තරම් මම තිරිසනෙක් කියලා හිතුවද.."
ඒ කතාවට නම් මට කට කොනින් හිනා ගියා. මෙච්චර දෙයක් කරලා බෝසත් වෙන්නත් යනවනෙ ඉතින්. මේවට කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ.
" ඇති ඇති නවත්තගන්න ඔය රඟපෑම.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යනවද දෙන්නා එක්කම මෙතනින්.. මගෙ කට ඇවිස්සුනොත් අම්මා කියලා බලන්නෑ මම.. නමට හරි අම්මායි තාත්තායි නෙ.. "
" ඇයි ලමයො මෙහෙම කතා කරන්න මම මොනවද ඔයාට කලේ.. "
බොරු කදුලු පෙරන එකත් හෙන ලේසි වගෙ.
" හ්හ්.. ඔයා මට මොනවද නොකලේ කියලා ඇහුවා නම් තමා හරිම ප්‍රශ්නෙ.. ඇයි ඔයාලට බැරි උනේ මාව බඩේ ඉද්දිම නැති කරලා දාන්න.. ආ.. ඇයි බැරි උනෙ.. තමන්ගෙ දරුවගෙ ජීවිතේ විනාස කරන්න තරම් හිත හදාගත්තෙ කොහොමද.. තමුන්ට අම්මා කියන්නවත් සුදුසු නෑ.. තමුන් අම්මා කියන නමටත් කැලලක්.. "
" ගඟූ.. මොනවද මේ කියවන්නෙ.. මොනා උනත් ඒ ඔයාගෙ අම්මානෙ ගඟු.. ඔහොම කතා කරන්න එපා.."
ශාකි එහෙම කියද්දි මම එයා පැත්ත හැරුනා.
" ශාකි දන්නවද මේ මනුස්සයා මට කරපු දේවල්.. මාව පාරේ දාලා ගියපු එකට නෙවෙයි මම මෙච්චර මෙහෙම හැසිරෙන්නෙ.. "
" එහෙනම්.. මොනාද ඔයාට මෙයා කලේ.."
" මේ මනුස්සයා තමන්ගෙම දුව ව ගණිකා නිවාසයක කාමරයක් ඇතුලේ පිරිමිත් එක්ක හිර කරපු ගෑණියක්.. එහෙම- එහෙම මනුස්සයෙක්ට ශාකි මම කොහොමද අම්මා කියලා කියන්නෙ.. පුංචි අවුරුදු දහයක දොළහක කෙල්ලෙක්ව එයාටත් වඩා වයසින් වැඩිමල් පිරිමින්ට සැප ගන්න දීපු මහම මහ කාලකන්නි ගෑණියක්.. ඉස්සර මට ඒ දේවල් මතක් වෙද්දි බයයි.. ආයෙ එයි කියන බය තිබුනා.. හැබැයි ශාකි ඔයා ඒ බය මගෙන් නැති කරලා දැම්මා.. "
මම කියපු දේවල් අහලා පරීගෙ ඇස් වල කදුලු පිරුණා වගේම ශාකි එතන තිබ්බ පුටුවෙන් ඉද ගැස්සුනා.
" මට තේරෙන්නෑ ගඟූ.. මොනාද මේ කියන්නෙ.. ප්ලීස් මට හරියටම මොකද උනේ කියනවද.."
" අහන්නකො.. "
අර මිනිස්සු දෙන්නාත් අන්දමන්ද වෙලා බලන් හිටියා.
" මං හම්බුනාට පස්සෙ මෙයා මාව අර ගණිකා නිවාසයක් ඉස්සරහට් ගිහින් දැම්මානෙ.. ඊට පස්සෙ කොහොම හරි අවුරුද්දක් විතර ගියාට පස්සෙ මෙයා ආයෙත් මාව හොයන් ආවා එතෙන්ට.. කොහොම හරි මට තේරෙන වයසෙදිත් එයා එහෙට යන්න එන්න ගත්තා.. දවසක් අර ගෑණු කෙනා එක්ක මේ අම්මා කියන මනුස්සයා කතා කරනවා මට ඇහුනා.."
*අඳුරු මතක👉*
" හරි නංගි ඒ ඔයාගෙ දුව බව ඇත්ත.. හැබැයි මෙච්චර කාලයක් කන්න බොන්න දීලා හදාවඩා ගත්තෙ මමනෙ.. ඉතින් ඒ කෙල්ල ගැන මට තමයි අයිතිය තියෙන්නෙ.. තමන්ගෙ දරුවා කියලා පාරේ දාලා යද්දි හිතුනෙ නැද්ද.."
" ඒවා මට වැඩක් නෑ මම කියන දේට අකමැති උනොත් මම පොලිසියට කියනවා මෙතන ගණිකා නිවාසයක් තියෙනවා කියලා.. හොරට කරන දෙයක් කියලා මාට්ටු කරලා දෙනවා.. තව 18ට අඩු ලමයිව බලෙන් හිරකරගෙන ඉන්නවා කියලා.."
" හරි දැන් මොකක්ද ඔයාට වෙන්න ඕන.."
" වෙන්න ඕන මෙච්චරයි.. මෙතන මගෙ කෙල්ලත් ඉන්නවනෙ.. ඔයාට තියෙන්නෙ මාත් එක්ක හවුලෙ වැඩ කරන්න.. හැබැයි එක දෙයක්.."
මතු සම්බන්ධයි!
━━━━━━━━━━━━━━
මොන වෙයිද🥺 එහෙම අම්මලත් නැතුවම නෙවෙයි🙂💔 ඒ අතින් බලද්දි අපෙ අම්මලා දාහකින් සම්පතක්🥺🌏❤️🩹 අපි කෑවෙ නැති උනොත් එයාලත් බඩගින්නෙ🥺 අම්මාගෙ ආදරේ නැති කරගන්න එපා ලමයි🌏✊🏻
අන්තිම කොටසින් හම්බෙමු. බායි❤️🩹
❤️
💛
2