ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ  ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 03:53 PM
                               
                            
                        
                            දඩබ්බර ආදරේ ❤️🔥
_________________
39th Episode ❤️🔥🥀
______|||
පෙරුම් පිරුවා කාලයක් මං මගෙ අම්මගෙ මරනෙට සාදාරනයක් ඉටු කරන්න..අද මෙ දැන් මෙ මොහොතෙ මගෙ අම්මගෙ මරනෙට මං සාදාරනෙ ඉශ්ට කලා....
අරූගෙ පපුව නහර කඩන් ඇගෙන් එලියට ඇවිත් තියෙද්දි නැවතිලා තියෙන උගෙ පපුවට වෙඩි උන්ඩ කීපයක් යවපු මං උගෙ ඇගෙන් අයින් වෙලා එතනම බිම දිගා උනෙ හිතට දැනෙන සැනසුම විදගන්න හිතන්......
,,,
අවුරුදු පහෙ ඉදන් මගෙ හිතෙ තිබ්බ ලොකු බරක් අද නිදහස් උනෙ...
මගෙ ඇස් ඉදිරිපිටම මගෙ අම්මා මියැදෙද්දි ඒ දිහා බලන් මං මහ හයියෙන් ඇඩුවෙ මොකුත්ම කරගන්න බැරුව...
එදාටත් පස්සෙ අම්මා කෙනෙක්ගෙ උනුහුමක් නැතුව මං වගෙම මගෙ අයියලා දෙන්නා ජීවත් උනෙ මැරුන මලමිනි ගානට...
එදා වගෙම අදටත් මතකයි මට එදා මගෙ අම්මා අවසන් වතාවට මගෙ ඔලුව අත ගාපු හැටි....
අතෙ තිබුනු කඩු කිනිසි ඔක්කොම පැත්තකට දාපු මම තදින් ඇස් පියන් මගෙ අම්මගෙ මැවෙන රුව අස්සෙන් මගෙ කදුලු මං පිට කලෙ මගෙ අම්මෙ ඔයාගෙ පුතා ඔයාගෙ මිනිමරුවො ඔක්කොම මැරුවා කියලා හිතින් මුමුනමින්......
,,,
විනාඩියක් දෙකක් නැ පැය භාගයක්...මං ඒ විදිහට ම ඉන්න ඇති....
සද්දෙට තිබුනු පරිසරෙ නිහඩ වෙලා හ්ම් සද්දයක් නැතුව තියෙද්දි මතකෙට ආපු බේබි නිසා මං ඇස් ඇරියෙ වටපිටත් බලන ගමන්.....
,,,
හතර වටෙටම ඇස් යැව්වා මං ඒත් කෙල්ල පේන්න හිටියෙ නෑ...මැරුනු හැමොගෙම බොඩි ටික ගාව අපෙ උන් ඔක්කොම ඉද්දි මගෙ දිහා බලා ඉන්න ශානාට හිනාවක් දාපු මං ඇහුවෙ උගෙන් කෝ කෙල්ල කියලා....
" ඒකි හොදින් බන් දැන් නැගිටලා වරෙන් අවුරුදු ගානක අපෙ මහන්සිය අද වතුරෙ ගියෙ නැ මචං " කියලා සද්දෙට කියපු අරූ මගෙ දිහා බලලා පුලුල් හිනාවක් දාද්දි උගෙ කීම අහලා බිම හිටපු මං නැගිටලා ඇදුනෙ උන් ලගට.....
,,,,
ලෝකය ගෝලාකාර වෙලා මිනිස්සු විවිදාකාර උනත් සත්‍ය කියන දේ ලෝකෙ පවතිනවා....
දෙයියො කියලා මෙ ලෝකෙ වැඩ ඉන්න අය ඒ සත්‍යෙට උදව් කරනවා.....
,,,,
ආමි එකෙ අය පොලිසියෙ අය සෙරොම ඇවිත් මැරිලා ඉන්න උන්ගෙ බොඩි අරන් යද්දි ශානාගෙ පිටට තට්ටුවක් දාන් මං ඇදුනෙ බේබිව හොයන්...
,,
දුක ඇති කෙල්ලට ගොඩක්.තමන් ආදරෙ කරපු එකාම තමන්ගෙ අයියවයි තාත්තවයි ඒ ඇස් ඉස්සරහම මරලා දාද්දි...
එදා මට දැනුනු ඒ වේදනාවම මගෙ බේබිටත් දැන් දැනෙනවා ඇති....
ටේබල් එකක් ලග බිම ඉදන් ඉන්න කෙල්ලගෙ රුව මගෙ ඇස් වලට අහුවෙද්දි එකිගෙන් දැන් මැරුම් කෑවත් කමක් නැ කියලා  හිතන ගමන් මං ගිහින් කතා කලෙ කෙල්ලට.....
..
.. බේබිහ්...
කතා කලා මං කෙල්ලට..මං කතා කරන සැනින් මා දිහා කෙල්ල බලද්දි කෙල්ල දිහා බලන්න තරම් ශක්තියක් නොතිබුනු මං බිම බලන් ලග බිම වැටිලා තිබුනු කිනිස්සක් කෙල්ලට දිග් කලෙ කැමති නම් මාව
මරන්න කියලා කෙල්ලට කියන ගමන්....
ඇත්තටම මගෙ පලිගැනිමට මං කෙල්ලව යූස් කරපු එක ගැන මට තියෙන්නෙ මං ගැනම ලොකු කලකිරිමක්...
ඉතින් පලිගැනිම සම්පූර්න උනු නිසා දැන් මට මැරුනත් අවුලක් නැ. ආදරෙ රවට්ටපු තිරිසනෙක් විදිහට මට දැන් ජීවත් වෙලත් වැඩක් නෑ..
..
කෙල්ල මගෙ අතෙ තිබ්බ කිනිස්ස අතට ගන්නවා දැනෙද්දි ලොකු හුස්මක් ගත්තු මං ඇස් පියන් තදට පියාගත්තෙ එන ආත්මෙවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා හිතාගෙන....
________________________________
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🌼
                                        
                                    
                                        
                                            💛
                                        
                                    
                                    
                                        11