Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 03:52 AM
                               
                            
                        
                            "මගෙ කැම්පස් බැච් එකේ හිටියා එක එක චරිත. කොල්ලන්ගෙ කොණ්ඩ කපන එකෙක්, බතක් පරිප්පුවක් උයලා සම්බෝලයක් හදලා බැච් එකටම කන්ඩ දෙන්ඩ පුළුවන් එකෙක්, නූලට මිම්ට කපලා මැනලා තොරණ් ගහන වඩු වැඩ කරන එකෙක්, මැටියෙන් සිමෙන්තියෙන් පිළිම අඹන එකෙක්, පේන්ටිං වැඩ දන්න එකෙක්, ග්‍රයින්ඩරෙං බොක්ස් බාර් කපලා නවලා වෙල්ඩින් කරන එකෙක්. මුං දැන් මැනේජ්මන්ට් ඩිග්‍රි අරන් ලොකු ලොකු කම්පැණි වල ඉලක්කං හයක පඩි ගන්න එක්සෙකටිව්ලා.
මුංට කවදා හරි හිතුනොත් ඔෆිස් එකක, AC එකක් යට කරන White Collar ජොබ් එක දාලා බාබරයෙක්, මේසන් බාසෙක්, වඩු බාසෙක්, වෙල්ඩින් බාසෙක්, පේන්ට් බාසෙක් වගේ Blue Collar ජොබ් එකක් කරං ඉන්න, මුංට ඒකත් පුළුවන්.
හැබැයි A\L ෆේල්, O\L ෆේල් එකෙකුට පුළුවන්ද එක්සෙකටිව්, මැනේජර් වගේ White Collar ජොබ් එකකට යන්න? (පුළුවන් 1% ක වගේ චාන්ස් එකක් තියෙයි.)
කොරියා ගිහිල්ලා ගේමක් ගහන්න, ජපන් ගිහිල්ලා ගේමක් ගහන්න ඔය ෆේල් උන්ගෙන් කීයෙන් කී දෙනාටද පුළුවන්? කොරියා, ජපන් ගිය හැමෝම ගේම ගහලද?
📌 උඹලට නොමිලෙ දෙන අධ්‍යාපනයේ වටිනාකම හෑල්ලු කරන්න එපා. පාස් වෙන හැමෝටම කැම්පස් යන්න බැරි වෙයි. නමුත් ටෙක් වලට C 3ක් තියෙන එකෙක් ගරාජ් එකක වාහන හදනවා නම්, ආට් වලට B 3 ක් තියෙන එකෙක් සැලුන් එකේ කොණ්ඩෙ කපනවා නම්, මැත්ස් වලට C 3ක් තියෙන එකෙක් මේසන් වැඩ කරනවා නම්, උගෙ වැඩ වල කොලිටිය හිතපං. රටවල් දියුණු වෙන්නෙ එහෙම. නැතුව කිසිම අධ්‍යාපනයක් නැති, විනයක් නැති මේසන් බාස්ලගෙන්, වඩු බාස්ලගෙන් රටවල් දියුණු කරන්ඩ බෑ.
✅ ඔය ගහන්න හිතන ගේම සෙකන්ඩ් ශයි එකට ගහලා කැම්පස් පලයං. ඒකත් බැරි උනොත්, ඉගෙන ගත්තෙ නැති කබ්බන්ගේ බොරු මෝටිවේශන් වැල් බයිලා වලට අහුවෙලා හීන ලෝක වල ඉන්නැතුව, CA, CIMA, SLIM වගේ ප්‍රොෆෙශනල් කෝස් එකක් කරලා නැත්තං ජර්මන් ටෙක් වගේ වොකේශනල් ට්‍රේනිං කෝස් එකක් කරලා ගේමක් ගහපං.
*✅ මේ දවස්වල  උඹලගෙ අම්මලා තාත්තලගෙ අතේ තියෙන සොච්චමට විඳින්න බලාගෙන E- money කාරයෝ, පිරමීඩ කාරයෝ, ක්‍රිප්ටොකරන්සි කාරයෝ, කෝස් කාරයො එක එක වැල් බයිලා, මෝටිවේශන් ටෝක් දෙනවා. අහුවෙන්න එපා.* "
Hiran Kavishka 🦇
Seek! Think! Know! Share!
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        31