Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
June 21, 2025 at 08:20 AM
දැන් නම් හුඟක් මහන්සි😭 හති වැටි වැටී ලෝකෙ ම දුවන දිහාවට දුවලා දැන් නම් ගොඩක් මහන්සි🥺 හැමෝම ආස දේවල් කරද්දි අපි විතරක් අමාරුවෙන් උනත් ඒත් කළ යුතුම දේවල් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි😭 පැය ගණන් බංකු ලෑල්ලක ඉදන් ඉදලා, ඊට පස්සෙ පැය ගාණක් බස් එකක හිටන් ඉද්දි හිතෙනවා දැන් නම් මහන්සි😓 එන එන හැම කෙනෙක් ම හිත රිද්දලා යද්දි හිතෙනවා දැන් මිනිස්සුන්ට රැවටිලාම මහන්සි 💔 අනිත් හැමෝම හොඳට නිදා ගද්දි ඔයා විතරක් ඇහැරන් පොත් පාඩම් කරද්දි හිතෙනවා දැන් නම් මහන්සි 😔 මිනිස්සු කියන හිත රිදෙන කතා අහලම හිතෙනවා දැන් නම් මේවා අහලම මහන්සි 🙌 ඔව් ඒක තමා ඇත්ත. ඒක තමා මේ ජීවිතේ තියන ඇත්ත. කවදාවත් සතුට හැමදාටම අපි එක්ක රැදෙන්නෙ නැහැ. වේදනාවල්, දුක් මේ දේවල් තමා වැඩිපුර ම කෙනෙක් ට විදින්න වෙන්නෙ. මහන්සියෙන් හරි ඔයා මෙච්චර දුරක් ආවනෙ. ඉතින් ඔයාට පුළුවන් ද මේ ගමන මඟින් අතෑරලා දාන්න? අපරාදෙ හිතෙන්නෙ නැත්ද මෙච්චර දුරක් ඇවිත් මඟින් නවතින්න🫵 ඔව් මේ ගමන දුශ්කරයි, කටුකයි ඒත් මන් දන්නවා ඔයාට පුළුවන් මේ ගමන කෙලවරටම යන්න. මහන්සි හිතෙයි, ඇඩෙයි, එපා වෙයි , බැනුම් අහන්න වෙයි,නින්දා විදින්න වෙයි. ඒත් මන් දන්නවා ඔයා මේ ගමන යනවාමයි. අපිට පුළුවන්!🫰 මෙච්චර දුරක් ආපු අපිට අනිවාර්යයෙන් ම පුළුවන් අවසානය දක්වාම යන්න. ඉතින් ඒ යන ගමනෙදි මහන්සියක් දැනුනාම හැමදාටම නවතින්න නෙවෙයි පොඩි විවේකයක් අරන් ආයම ගමන පටන් ගන්න පුරුදු වෙන්න. උනන්දුව, කැපවීම, ආසාව තියෙනවානම් මේ ලොකේ අනිත් හැම බාධාවක්ම පරාද කරන එක කරන්න පුළුවන් දෙයක්!☺️ ඉතින් මහන්සි දැනෙන හැම වෙලාවකම පොඩි විවේකයක් අරන් පටන් ගන්න. ඔව් ඔයාට පුළුවන් මේ ගමනෙ කෙලවරටම අනිවාර්යයෙන් ම යන්න..❤️
❤️ 👍 20

Comments