Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
June 21, 2025 at 09:47 AM
*අද සිට (2025.06.21 වන සෙනසුරාදා) ක්‍රියාත්මකවන ලෙසට මේ වගේ නීති සංශෝධනයක් සිදුකරලා නෑ..* (කෙසේ වෙතත් රු.ලක්ෂ 5ට වඩා වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමට බීමතින් රිය ධාවනයෙන් වලකින්න.) දැනට බීමතින් රිය ධාවනය සම්බන්දව වරදකරුවෙකු වූ විට, රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි අතර රුපියල් 25,000ක අවම දඩයක් නියම කරනු ලබයි. එමෙන්ම රියදුරු බලපත්‍රය මාස 2 කට හෝ මාස 3කට අත්හිටුවීමද සිදුකරනු ලබයි. මෙම වරද සඳහාම දෙවන හා තුන්වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුව හොත්, පනවනු ලබන දඩය සහ රියදුරු බලපත්‍රය අත්හිටවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත. බීමතින් රිය පදවා, අනතුරක් සිදුකළ හොත් ලැබෙන දඬුවම පහත සඳහන් පරිදිවේ. 2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රුපියල් 25000-රුපියල් 30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3 ක් දක්වා සිර දඬුවම් සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හැකිය. 216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25000-රු.30000 දඩ මුදලක් මෙන්ම මාස 6 ක් දක්වා සිර දඬුවම් හෝ එම දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කළ හැකිය. බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම සඳහා 216 (අ) යටතේ දඩය රු.100000- රු.150000 හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඬුවම් දෙකම හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකටම යටත් කරනු ලබයි. 216 ආ( i) වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30000-රු.50000 වන අතර සිර ඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා ද එම දඬුවම් දෙකම ද රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කෙරේ. බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීමට 216 ආ (ii ) රු.50000 – රු.100000 අතර දඩ මුදලකට යටත් වන අතර වසර 5 දක්වා සිර දඬුවමත් ඉහත දඬුවම් දෙකම හෝ ඊට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි.. ඒ නිසා බීමතින් රිය ධාවනයෙන් වලකින්න.. හැමෝම දැනුවත් කරන්න....
❤️ 1

Comments