Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
Past Papers WiKi ✨🌟🎉 Official Educational Channel
June 21, 2025 at 12:38 PM
📝 *English වලට ලේසියෙන් ම A එකක් ගන්නෙ කොහොමද...?📝* *English කියන්නේ ඇත්තටම ගොඩාක් අයව shock කරන subject එකක්. ඒක එහෙම වෙන එක එක අතකින් සාධාරණ දෙයක්. මොකද language එක අපේ මවුබස වගේ නිතර පාවිච්චි කරන ඇහෙන එකක් නෙමේනේ.* *ඒත් ඔයා කවදා හරි high clz අයත් එක්ක ගැටෙන්න ගත්තම තේරෙයි. මේවා අපිව සනසගන්න අපිම හදා ගත්තු ඒවා විතරයි කියලා. ඉතින් විෂය ගැන කලකිරිලා නම් ඉන්නේ ආයේ විශ්වාසේ ගොඩනගාගන්න සහෝ.😂පේන තරම් සටන දරුණු නෑ 🙂 හිතන්න English වලට A එකක් දැම්මොත් එන ගැම්ම ගැන 😌❤️.* *_Then. අපි බලමු කොහොමද O/L paper එකේ සංසිද්ධිය කියලා._* * සමහර අය දන්නවත් ඇති අනිත් අය දන්නෙත් නැතුව ඇති. කොහොම හරි English O/L paper එක හැමදාම හැදෙන්නේ එකම structure එකට. ඒක syllabus නෙමේ මොනා පෙරලුනත් වෙනස් වෙන්නේ නෑ. ඉතින් මං කියන විදිහට try කරලා බලන්න.ඔයාට ගොඩ යන්න පුළුවන්. *1.ඔයා ඉස්සෙල්ලම English O/L Past papers ටික හොයා ගන්න.වෙන මොනවත් ඕනේ නෑ 😊. අනිවාරෙන්ම marking scheme එකත් ඕනේ හැබැයි. (For Self study)ඔයා දැන් grade 11 වල නම් 2016 ඉඳලා papers ටික ගන්න. ඊට කලින් ඉඳලා ගත්තත් ප්‍රශ්නයක් නෑ. මං කලින් අර විදිහට කිව්වේ මහා ලොකු කාලයක් නැති හින්දා ඔයාලට😐.2016-2023 දක්වා papers වල කලින් අවුරුදු වලට වඩා ලේසි කරලා තියෙනවා. කලින් ටිකත් කරන්න ගන්න හම්බුනොත් ඉතිම් ගොඩ.👍* *02. I paper එකේ test 8 k තියෙනවා 1 කට 5 ගානේ. Full marks try කරන්න. එතකොට ඔයා 2nd එකේ 35ක්‌ ගත්තත් එතකොට A එකක.🙂👌2nd paper එක grammar එක්ක දුවන එකක්. ඒ හින්දා එකේදී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.* *✅Test 1/Test 2/Test 9/Test 11- Word classes :* 🌀Nouns 🌀Verbs 🌀Adjectives 🌀Pronouns 🌀Adverbs 🌀Prepositions 🌀Conjunctions 🌀Simple Tenses *ඔයා ඉස්සෙල්ලම මේ ටිකේ short note එකක් හදාගන්න. School note/Clz notes වලින් හදාගන්න try කරන්න. අපේ short notes share කරන්නත් try කරන්නම්.* *✅Test 3-Picture descriptions* *මේක ඔයාට ලේසියෙන්ම ලකුණු හොයා ගන්න පුළුවන් එකක්. ඔයා ඉස්සෙල්ලම instructions කියවන්න ඕනේ. සමහර වෙලාවට Use only one word කියලත් තියෙනවා.🙊ලකුණු තීරණය වෙන්නේ හැබැයි ඔයාගෙ vocabulary skills මත. ඒ හින්දා මේ papers වලින්ම අලුත් වචන හොයා ගන්න.* *✅Test 4/Test 5/Test 7/Test 10* 🌀Notices 🌀Short paragraphs 🌀Poems 🌀Filling blanks using Tenses 🌀Dictionary pages Paragraph එකකින් answers, ලියන්න තිබ්බොත්, බාගෙට එහෙම ලියන්නත් එපා. ඒකම copy paste කරන්නත් එපා.🙂අමාරු එකක් තිබ්බොත් ඇලිල ඉන්නේ නැතුව ඉස්සරහට යන්න mark එකක්‌ දාල. ආපහු check කරනකොට try කරන්න.කොහොමත් paragraph එකක පිටින් උත්තර හොයන්න නෑ. ඇතුලෙම තියෙනවා. *✅Test 6 - Notes and notices writing* *ඔයා ඉස්සෙල්ලම එක note එකකුයි එක notice එකකුයි ලියලා ඒකේ structure එකට හුරු වෙන්න. Marking scheme එකෙන්ම ගන්න. වැරදි හොයන්න නෑනේ ඒවගේ. ඉස්සරහට එන ඒවාට අදාල දේවල් විතරක් වෙනස් කරලා ලියන්න*🤫❤ ✅ *Test 8/Test 16-Free writing and guided writing* *Short paragraph එක, Essay එක, Story(ලියද්දී සැලකිලිමත් වෙන්න. කපන්න තියෙන ඉඩ කඩ වැඩි), Speech එක නෙමේ මොකක් තොරගත්තත් tense එක ගැන අනිවා බලන්න. නැත්නම් ඉවරයි. ලේසිම එකක් හොයා ගන්න.මේවා කට පාඩම් කරන්න යන්න එපා 🙂ඔයාට tenses ටික හොඳටම පුළුවන් නම් සිංහල රචනා ලියනවා වගේ ගලන අදහස් ටික සරල English වලින් ලියන්න 😊* ✅ *Test 14* *Bar graph, Pie cahrt, Venn diagrams(වෙන් රූප සටහන් ), tables, formal and informal letters. මම කියන්නේ letters වලට වඩා ඔයාට graphs ලිව්වම ලකුණු ගන්න ලේසි කියලා. ඒක ඔයාගෙ කැමැත්ත මත තමා. graph ලියන්නත් එක structure එකකටම හුරු වෙන්න. එතකොට ඔයාට තියෙන්නේ ප්‍රශ්නෙට අනුව data input කරන්න විතරයි. Letters වලත් opening එක ending එකට අදාල statements පාඩම් කරගෙන තියා ගන්න. Format එක ඒම වරද්දන්න එපා. මොකද අපි ලේසි කියලා හිතන දේවල් අනිත් පැත්තට වැරදිලා තියෙන්න පුළුවන් 😢.* ✅ *Test 12-Whole Tenses* *අන්තිමේටම වැඩිපුර අවදානෙ දෙන්න ඕනි මේකට. Grammar වල අපිට වරදින එක කොටසක් මේක. Pargraph එකක් වුනත් tenses වලින් blanks fill කරන්න එනවා. ඔයා Passive voice වගේම Active voice එක chart එකකට අනිවාරෙන්ම හද ගන්න ඕනේ.ඊට පස්සේ ඒක වතුර වගේ පාඩම් කරන්න.Passive voice wala rules ටික මතක තියා ගන්න...😊*
❤️ 👍 🙏 9

Comments