NPP SUPPORT
                                
                            
                            
                    
                                
                                
                                June 15, 2025 at 07:43 AM
                               
                            
                        
                            "සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්. දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිලා කතාවට වැටුනා.
- සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාලුවා  ගැන ආරන්චි වුන දේ ?
- පොඩ්ඩක් ඉන්න , සොක්‍රටීස් උත්තර දුන්නා.
 ඔයා මට ඒක කියන්න කලින් මම ඔයාට  පෙරන තුනේ පරීක්ෂාව කරන්න කැමතියි.
- පෙරන තුන? ඒ මොකක්ද ඒ ?
- ඔව් පෙරන තුනේ පරීක්ෂාව , සොක්‍රටීස් උත්තර දුන්නා. 
කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනවා. මම ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියලා. 
මුල්ම පෙරණය "සත්‍යය". 
- ඔයා මට කියන්න යන දේ ඇත්තද කියලා බැලුවද?
- නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි.
- ඉතා හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ. අපි දෙවන පෙරනයට යමු.
දෙවන පෙරණය "කරුණාව".  
- ඔයාට  මගේ යාලුවා  ගැන මට කියන්න තියෙන්නේ හොඳ දෙයක් ද?
- අයියෝ නැහැ නරක දෙයක් ,කේලමක් ! .
- ඉතින්, සොක්‍රටීස් අහනව , ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන හැබැයි ඒවා ඇත්තද කියලා ඔයාට විශ්වාසත් නෑ. කමක්නෑ අපි බලමු සමහරවිට ඔයාට  තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්. 
තුන්වන පෙරණය "ප්‍රයෝජනවත් බව". 
- ඔයා යාලුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද?
- නැහැ, ඒක මම නිකන් කියන්නේ.අපිට වැදගත් නෑ.
- ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්වා.
 ඔයා  මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති ,අසුභවාදී, ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ?
"ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේදී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුනද, අවසානයේ එය අපගේ හදවත් දරුනු අදුරකින් පුරවා අපව ද විනාශ  කරයි"
අප කෙමෙන් මේ අතීත දැනුම සමාජයට දිය යුතුය එවිට ඔය ජඩ දූෂිත නාලිකා ඉබේම සමාජයෙන් ඈත් වී යනු ඇත.
ජය 🧭 
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                        
                                            ✊
                                        
                                    
                                        
                                            💯
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            🫶
                                        
                                    
                                    
                                        87