
NPP SUPPORT
June 17, 2025 at 12:09 AM
*කොළ කොළඹ රතු වෙයි - කොළඹ දේශපාලන ඉතිහාසය මෙන්න*
🔆කොළඹ මහා නගර සභාව පිහිටුවන්නේ 1866 දී.
🔆පළමු නගරාධිපති වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික Charles Peter Layard.
🔆1866 -1937 කාලයේදී බ්‍රිතාන්‍ය කිරීය්ටයේ නියෝජිතයන් 21 දෙනෙක් කොළඹ පුරපති වෙනවා.
🔆 1937 දී පළවෙනි ශ්‍රී ලාංකික කොළඹ නගරාධිපති ලෙස Ratnasothy Saravanamuttu පත් වෙනවා.
🔆 1946 දී කොළඹ මහා නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය අතට පත් වෙනවා.
ඒ R. A. de Mel නගරාධිපති වෙමින්.
🔆 ඉන් පසු අවස්ථා 24 න් 22 වතාවක්ම කොළඹ නගරාධිපති වුණේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්.
🔆 ඒ කියන්නේ අවුරුදු 75 ක් විතර කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයට තිබ්බා.
🔆 1946 ඉඳන් අද (2025 ජුනි 16) දක්වා කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයෙන් එලියට ගියේ අවස්ථා දෙකකදී පමණයි.
🔆 ඒ 1954-1956 කාලයේදී එන්.එම්.පෙරේරා (ලංකා සම සමාජ පක්ෂය) සහ
2006-2010 කාලයේදී Uvais Mohamed Imitiyas (එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වුණු ස්වාධීන අපේක්ෂක) ලෙසයි.
🔆 ඉතින් අද ජාතික ජන බලවේගයේ ව්රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස පත් වීම ඓතිහාසික කාරණයක් වෙනවා.
🔆 කොළඹ නගරාධිපති ලෙස පත් වූ දෙවෙනි කාන්තාව වන්නේත් ව්රායි කැලී බල්තසාර්.
> උපුටාගැනීම විකුම් හර්ෂණ පිටුවෙන්
පේනව ඇති නේද මේ ජයග්‍රහණය මෙච්චර සමරන්නේ ඇයි කියල.
බිලියන ගානක් සල්ලී එන මේ කොළඹ සභාව එක්ක මුල් බැහැපු අපිට හිතා ගන්න බැරි දේශපාලනයක් තියනව.
ජනාධිපතිවරණ මහ මැතිවරණ විදේශී රටවල නියෝජිතයන් තානාපති කාර්‍යාල ඇතුළු හැම හැම දේම කොළඹ නිසා මේ කොළඹ මහ නගර සභාවට සම්බන්ධ වෙනව ඒ නිසා මේක පෙරළපු එක පොඩි දෙයක් නෙවෙයි දැන් හැමෝම එකතු වෙලා ඒ මුල් බැහැපු නරක එකින් එක ගලවල අලුත් යහපත පැළ කරමු
ජය🧭🚩
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport

❤️
👍
❤
🧭
😂
🚩
✊
❤🔥
🇱🇰
👌
116