NPP SUPPORT
NPP SUPPORT
June 21, 2025 at 02:23 AM
අපි දැක්කා තැන් තැන් වල කතා වෙනව ඩීල් දානව දැන් එයාල හොරු නෙවෙයිද වගේ කතා. සමහර පක්ශ වල තේරී පත් උන මන්ත්‍රීවරු මාලිමාවට සභා හදන්න සහයෝගය දීලා තිබුනා මේව ඉතින් ලොකු කරල bold කරල highlight කරල දාල තිබුනා සමහර මීඩීයා කියන channel වලින්. සමහරු ඒවට comment දාල තිබ්බා දැන් හොරු හොද වෙලාද වගේ කතා කියලත්. ඔන්න ඒකට ජාතික ජන බලවේගය පැත්තෙන් හොදට තේරෙන පැහැදිලි සිංහලෙන් උත්තරයක් නජිත් ඉන්දික මන්ත්‍රීවරයා දීලා තියනව මේ link එකෙම් ගිහින් ඒක අහන්න පුලුවන් https://www.facebook.com/share/v/1AoTpn9qRZ/ සරලවම මේ මැතිවරණය තියන්න කියල තීන්දුවක් ආව මේක දිගටම රනිල් කල්දාපු නිසා. එතකොට අනිවාරෙන්ම මැතිවරණය තියන්නම වෙනව අණ පණත් සංශෝධනය කරල මේවගේ තියන හිඩැස් අඩුපාඩු හදල ඒහෙම විදිමත්ව තියන්න කාලය මදි. එතකොට ඒක හැමෝම තේරුම් ගන්න ඕන. ඊලග මැතිවරණ වලට ආයි ඔහොම වෙන්නේ නෑ. එතකොට එහෙම තියන්න උන මැතිවරණේ මෙයාල පක්ශ වලට බෙදිලා ඉල්ලල ස්ටේජ් වල කතන්දර කියල ජන්දෙන් පස්සේ සේරම එකතු වෙලා බලය පිහිටුවන්න හදනව. ඒක සහ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරල දාන චණ්ඩි පාට් එකක් මාලිමාවට ආසන 21 ක් තියන කුලියාපිටියේ ආසන 6ක් ගත්ත පොහොට්ටුව බලය අල්ලගන්නව. ඔක්කෝම එකතු වෙලා විපක්ශේ කියාගෙන. ලංකා ඉතිහාසේ කවදාවත් එහෙම උනේ නෑ පාර්ලිමේන්තුවේවත් එහෙම උනේ නෑ වැඩිම ආසන ගත්ත පිලට බහුතරය හදාගන්න සහය දෙනාව වගේ දෙයක් ඇරෙන්න 21 ක් ගත්ත මිනිස්සු පැත්තක දාල 5ක් 6ක් 4ක් වගේ දහයටත් අඩු ආසන ගත්ත කට්ටිය එකතු වෙලා නීතියේ හිඩස් පාවිච්චි කරල සභාවේ බලය ගත්ත. අඩුම ගානේ ඕහොම ගත්ත කියල ඕක කරන්නවත් පුලුවන් ද කියන එක ගැන තක්සේරුවක් නෑ බලය ඕන නිසා ගන්නව. එතකොට ඒක ඉතාම අශිෂ්ඨ දෙයක් මොකද මිනිස්සු සජබෙට ජන්දේ දුන්නේ නෑ පොහොට්ටුව දිනවන්න රාජපක්ෂ රෙජිමයට විරුද්දව තමයි සජබේ දේශපාලනය කරේ. දාපු නඩු පවා දැම්මේ npp එක නෙවෙයි අපි කියාගෙන මෙයාල ජන්දේ කරේ. ඒම කරල පොහොට්ටුව එක්ක බලය පිහිටුවනව එතකොට දිගටම ඒම කරන කොට ආණ්ඩුවටත් ඒවට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න වෙනව ඒවගේම ඔය නායකයෝ ඩීල් දැම්මට ගමේ සමගි ජන බලවේගයට ජන්දේ දීපු මනුස්සයට පොදු ජන පෙරමුණට ජන්දේ දීපු මනුස්සයට ඒම එකට අත් අල්ලන් එකට ඉන්න බෑ මොකද ඒක දේශපාලන ධාරා දෙකක් මොකක්ද එතකොට එතන තියන ප්‍රතිපත්තිය. ඉතින් ඒ මිනිස්සු මාලිමාවට සහයෝගය දෙනව තමන්ගේ නායකයෝ සහ පක්ශ ගැන කල කිරිල. ඒක සාධාරණයි ඒකයි මේ වෙන්නේ දැන් ඉතින් ඒකට කලබල වෙලා ඩීල් කියල නහයෙන් අඩනව. මිනිස්සුන්ගේ ජනවරම අනිවාරෙන්ම රැක ගන්න ඕන මිනිස්සුන්ගේ මුදල්.කෝටි ගානක් කිසි තේරුමක් නැතුව අවභාවිතා වෙන්න යන එක නවත්තන්න ඕන ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕන. ජය 🧭 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
👍 ❤️ 🧭 😂 😢 25

Comments