❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
May 25, 2025 at 01:05 PM
ෆජි වෝල්නට් බ්‍රව්නීස් ෆජි වෝල්නට් බ්‍රව්නීස් සාදන ප්‍රමාණය: බ්‍රව්නීස් කෑලි16ක් කාලය: විනාඩි 35ක් අවශ්‍ය ද්‍රව්‍ය ▣ ග්‍රෑම් 200ක් පාන් පිටි ▣ ග්‍රෑම් 40ක් පැණි රස නොකළ කොකෝවා කුඩු ▣ තේ හැඳි 1/2ක් බේකින් පවුඩර් ▣ තේ හැඳි 1/4ක් ලුණු ▣ ග්‍රෑම් 200ක් සීනි ▣ මිලි ලීටර් 120ක් එළවළු තෙල් ▣මිලි ලීටර් 120 ක් වතුර ▣ තේ හැඳි 1ක් වැනිලා එසන්ස් ▣ ග්‍රෑම් 100ක් කපාගත් වෝල්නට් ▣ ග්‍රෑම් 50ක් චොකලට් චිප්ස් 👉සාදන ක්‍රමය ⇛ මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 175ට (ෆැරන්හයිට් අංශක 350ට) රත් කරගන්න ඕනේ. මේක තමයි පළවෙනිම වැඩේ මතකනේ! ⇛ ඊළඟට භාජනයක් අරගෙන ඒකට පාන් පිටි, කොකෝවා කුඩු, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරලා හොඳට කලවමි කරගන්න. ඔය වියළි දේවල් ඔක්කොම හොඳින් මිශ්‍ර වෙන්න ඕනේ හොඳේ. ⇛ තවත් භාජනයක් අරගෙන ඒකට සීනි, තෙල්, වතුර සහ වැනිලා එකතු කරලා කලවම් කරන්න. මේකත් හොඳට මිශ්‍ර වෙලා එන්න ඕනේ. ⇛ දැන් අර කලින් මිශ්‍ර කරගත්ත වියළි දේවල් ටික මේ තෙත බේස් එකට දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ වෝල්නට් සහ චොකලට් චිප්ස් ටිකත් දාලා මෘදු විදියට කලවම් කරන්න. හරිම සරලයි නේද මේ වෙනකල්? ⇛ දැන් සෙන්ටිමීටර් 20ක හතරැස් බේකින් ට්‍රේ එකක් අරගෙන ඒක හොඳට ග්‍රීස් කරගන්න. බටර් හරි තෙල් හරි ගාලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර හදාගත්ත මිශ්‍රණය ඒකට දාන්න. ⇛ මේක දැන් විනාඩි 25ත් 30ත් අතර කාලයක් බේක් කරගන්න ඕනේ. ඒක හරියට බේක් වෙලාද කියලා බලන්න ටූත්පික් එකක් මැදට ගහලා බලන්න. ඒකේ ගොඩාක්ම තෙත ගතියක් නැතුව පොඩ්ඩක් තෙත ගතියක් එක්ක ආවොත් තමයි හරියටම බේක් වෙලා තියෙන්නේ. ⇛ අවන් එකෙන් එළියට ගත්තට පස්සේ ටිකක් නිවෙන්න තියන්න. ඊට පස්සේ ඔයාට කැමති හැඩේට කපාගන්න පුළුවන්. ප්‍රයෝජනවත් ටිප්ස්: ⇛ තවත් ෆජි ගතියක් ඕන නම් වතුර වෙනුවට කිරි දාන්න පුළුවන්. ඒකත් නියමයි! ⇛ චොකලට් රසය තවත් වැඩි කරගන්න ඕන නම් කෝපි මේස හැන්දක් එකතු කරන්න පුළුවන්. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰
Image from ❛❛ Foodies LK 🇱🇰 ❜❜: ෆජි වෝල්නට් බ්‍රව්නීස්   ෆජි වෝල්නට් බ්‍රව්නීස් සාදන ප්‍රමාණය: බ්‍රව්න...
❤️ 👍 😋 😮 🤎 35

Comments