❛❛ Foodies LK 🇱🇰 ❜❜
                                
                            
                            
                    
                                
                                
                                May 25, 2025 at 01:29 PM
                               
                            
                        
                            පොල් කේක් රසට හදමු
Coconut Cake 
අවශ්‍ය ද්‍රව්‍ය:-
පොල් ගෙඩි 2 (පොල් සිහින්ව ගා ගන්න) 
පාන් පිටි ග්‍රෑම් 350
සීනි ග්‍රෑම් 750
බේකින් පවුඩර් තේ හැදි 1 
කජු ග්‍රෑම් 100 
වියලි මිදි ග්‍රෑම් 100 
රට ඉදි ග්‍රෑම් 500
පැණි කෝප්ප 1 
සාදන ක්‍රමය:-
සීනි භාජනයකට දමා වතුර කෝප්ප 1 එකතු කර හොදින් මිශ්‍ර කරන්න.මද ගින්දරේ උනු කරන්න.
සීනි හොදින් නටන විට පැණි කෝප්ප 1 එකතු කර හැදි ගාන්න.
දැන් මෙයට සිහින්ව ගා ගත් පොල් ටික එකතු කර කලවම් කරන්න.
පාන් පිටි වලට බේකින් පවුඩර් එකතු කර හලා ගන්න.
ඉහත මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න.
දැන් කපා ගත් රට ඉදි ,කජු, වියලි මිදි 
මෙම මිශ්‍රණයට එකතු කරන්න.  
දැන් පත්තර පිටු කීපයක් දමා ගත් තැටියට උඩින් මාගරින් හෝ තෙල් ගාන ලද තෙල් කඩදාසිය ට්‍රේ එකට අතුරන්න.
 දැන්  මෙම කේක් මිශ්‍රණය තැටියට දමන්න.
කජු මද වලින් සරසන්න.180 ° ත් 200° අතර අවන් එකේ පැයක් පමණ බේක් කර ගන්න.
 කජු ,වියලි මිදි නැහැ කියලත් ප්‍රශ්නයක් නැහැ.
Foodies LK
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            ❤
                                        
                                    
                                        
                                            👄
                                        
                                    
                                        
                                            😍
                                        
                                    
                                        
                                            😩
                                        
                                    
                                    
                                        80