❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
May 29, 2025 at 02:48 AM
අවශ්‍ය ද්‍රව්‍ය ⛦පාන් පිටි 1kg ⛦සීනි 100 g ⛦මාජරින් 100 g ⛦යීස්ට් 15 g ⛦ලුණු සහ වතුර අවශ්‍ය ප්‍රමාණ​යට සාදන ක්‍රමය මුලින්ම පාන්පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කරලා වතුර දමා අතින් කළවම් කරන්න. වතුර ටිකක් වැඩි පුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න. ඒ පිටි මෝලිය දෙගුණයක් සයිස් පිපෙනකම් උණුසුම් තැනක තබන්න. දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලි කඩා එය අතින් ඇද අඩි 2 ක් පමණ දිගට තියන විදියට සාදා ගන්න. ඒ පිටි තීරු ලෑල්ලක් මත දමා අතින් රෝල් කර රවුමේ හැඩයක් ගන්න. දැන් අතින් රවුම් කර ගත් පිටි බෝල ටික පිපීම සදහා යළිත් පැය භාගයක් වගේ තියන්න. දැන් රවුම් කර ගත් පිටි බෝල බේකින් තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩයට එන පරිදි රවුමට අතින් සකස් කරන්න. ඊට උඩින් වතුර හෝ කිරි ටිකක් තවරලා ඒ මත සීනි ඉහගන්​න. ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15ක් පමණ කාලයක් සෙල්සියස් 180°ට බේක් කරගන්න. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰
Image from ❛❛ Foodies LK 🇱🇰 ❜❜: අවශ්‍ය ද්‍රව්‍ය   ⛦පාන් පිටි 1kg ⛦සීනි 100 g ⛦මාජරින් 100 g ⛦යීස්ට් 15...
❤️ 👍 😂 19

Comments