❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
May 29, 2025 at 02:58 AM
කස්ටඩ් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය: 💛 කස්ටඩ් පවුඩර් මේස හැඳි 4 💛 Fresh Milk හෝ එළකිරි 500ml ️💛 සීනි මේස හැඳි 4/5 💛 වැනිලා තේ හැඳි 2 සාදන ක්‍රමය: මුලින්ම පුඩින් එක දමන භාජනය සූදානම් කරගෙන ඉමු... මේ සඳහා ඔබ භාවිතා කරන්න වීදුරු හෝ ඇලුමිනියම් භාජනය ගෙන එහි තෙල් ස්වල්පයක් තවරා ගන්න. මෙමගින් අපට පුඩින් එක ලෙහෙසියෙන් unmold කරගැනීමට (ගලවා ගැනීමට) හැකියාව ලැබෙනවා. දැන් fresh milk වලින් භාගයක් ගෙන කස්ටඩ් පවුඩර් වලට දමා කස්ටඩ් එකේ කැට නැති වන තුරු හොඳින් දියකර ගන්න. මීළඟට භාජනයක් ලිපතබා ඉතුරු කිරි ටික හා සීනි එකතු කර ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන කිරි ටික උතුරනකං හොඳින් හැඳි ගාන්න. කිරි එක උතුර ගෙන එනකොට ලිපේ ගින්දර අඩු කරලා අපි කලින් හදාගත්ත කස්ටඩ් මිශ්‍රණය නැවත වරක් හොඳින් හැඳි ගාගෙන මේ කිරි එකට එකතු කරන්න. වැනිලා මේස හැදි 2ත් මේකටම දාගන්න. දැන් මේ කස්ටර්ඩ් මිශ්‍රණය ඝන වෙනකන් නොනවත්වා විනාඩි 3ක් 4ක් හොඳින් හැඳි ගාන්න. ලිපේ ගින්දර ඉතා අඩුවෙන් තියන්න මතක තියාගන්න. දැන් හැන්ද උඩට අරන් බැලුවොත් මිශ්‍රණය වැටෙන්නෙ නැතුව එහි රැඳිලා තියෙනවා ඔබට පෙනෙයි. ඒ වගේම මේ වෙනකොට මිශ්‍රණයෙන් බුබුළු දානවා බලා ගන්නත් පුළුවන්... දැන් අපේ කස්ටඩ් මිශ්‍රණය ලිපෙන් ඉවතට අරගෙන කලින් හදාගත්ත පුඩින් භාජනයට දාගන්න. දැන් මේ පුඩින් භාජනය වායු බුබුලු ඉවත් කර ගැනීම සදහා මේසය මත දෙතුන් පාරක් tap කරලා පැයක් පමණ එළියෙන් නිවෙන්න තියන්න. පස්සේ පැය දෙකක් ශීතකරනයේ යට කොටසේ දාල තියන්න. දැන් අපිට පුළුවන් මේක කෑමට ගන්න... https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰
Image from ❛❛ Foodies LK 🇱🇰 ❜❜: කස්ටඩ් පුඩින්   අවශ්‍ය ද්‍රව්‍ය:  💛 කස්ටඩ් පවුඩර් මේස හැඳි 4  💛 Fres...
❤️ 👍 ❤‍🔥 💛 😮 27

Comments