
❛❛ Foodies LK 🇱🇰 ❜❜
June 12, 2025 at 03:28 AM
බනානා ක්‍රීම් ටාට් (Banana cream tart)
අවශ්‍ය ද්‍රව්‍ය
පහළින් තියෙන (Crust) එකට ඕන දේවල්:
• ඩිජෙස්ටිව් බිස්කට් ග්‍රෑම් 200ක්
• බටර් ග්‍රෑම් 100ක්, හොඳට දිය කරගත්තා නම් ඇති.
මැදට දාන පිරවුමට (Filling) ඕන දේවල්:
• හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, හොඳට පොඩි කරගන්න ඕනෙ.
• විපින් ක්‍රීම් මිලිලීටර් 240ක්
• අයිසිං ෂුගර් ග්‍රෑම් 100ක්.
• වැනිලා එසන්ස් තේ හැඳි 1ක්.
උඩින් සරසන්න (Topping) ඕන දේවල්:
• කෙසෙල් ගෙඩියක්, ලස්සනට පෙති කපාගන්න.
• කැරමල් සෝස් ටිකක්, උඩින් ලස්සනට ඉසින්න.
👉හදන හැටි
♡ මුලින්ම බිස්කට් ටික හොඳට කුඩු කරගන්න. ඊට පස්සේ දිය කරගත්ත බටර් ටිකත් දාලා හොඳට කලවම් කරන්න. දැන් මේ මිශ්‍රණය ටාට් තැටියක පතුලට හොඳට තද කරලා දාලා, පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ තියන්න සෙට් වෙන්න.
♡ ක්‍රීම් එකට අයිසිං ෂුගර්යි වැනිලා එසන්ස් ටිකයි දාලා, හොඳට බීටි කරලා. ඊට පස්සේ පොඩි කරගත්ත කෙසෙල් ටිකත් මේකට දාලා, හැන්දකින් හෙමින් කලවම් කරන්න. දැන් මේ ක්‍රීම් එක අපි කලින් හදාගත්ත බිස්කට් බෙිස් එක උඩට දාන්න.
♡ දැන් මේ ටාට් එක අඩුම තරමේ පැය 4ක් වත් ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙ, හොඳට සෙට් වෙනකල්. කන්න ගන්න කලින් උඩින් ලස්සනට කෙසෙල් පෙති කපලා තියලා, කැරමල් සෝස් ටිකකුත් ඉසින්න. එච්චරයි!
පොඩි Tricks ටිකක් (ලස්සනට හදාගන්න)
♡ කෙසෙල් පෙති කළු වෙන්නේ නැතුව තියාගන්න, ඒවාට පොඩ්ඩක් දෙහි යුෂ තවරන්න.
https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d
Share කරන්න React කරන්න.....🫣💞
Foodies LK 🇱🇰

❤️
👍
🤍
☹️
♥
❤
❤🔥
💕
🤧
26