DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 18, 2025 at 02:01 PM
*සමාවෙන්න පුතේ !...❤‍🩹* හෝඩියෙ අකුරු එක දෙක කියලා දෙන්න දෑතින් අල්ලගෙන හෙමිහිට දුව යන්න බැරි වුනෙ ඇයිද පිය සෙනෙහස ගිලිහුණිද හේතුව දැඩිද අන් කතකට බැඳෙන්නට කන්තෝරුවේ වැඩ හරියට තිබුණාදෝ තිබුණේ වැඩත් ඇය සමඟම පමනක්දෝ මහ රෑ වැස්සෙ පොඩි පුතු,මම තනි වීදෝ තුරුලට ගත්තෙ ඇයි ඇය අකුණට බයදෝ දෑතේ ඇඟිලි ඇය හා අද බැඳුනාදෝ මංගල මුදුව හොර රහසේ හැඬුවාදෝ නුඹ දැන් පියෙක් යැයි අමතක කෙරුවාදෝ මහ රෑ තනිය නුඹගෙන් ඇය මැකුවාදෝ ලැබුණත් තොරතුරක් බව නුඹ ඇය මත්තේම මොන අයුරකින්වත් නෑ මා පිලිගත්තේම පුතු ඇති පියෙක් නොකරයි ඒ කිසි ලෙසකින්ම ආදරෙ නිසාදෝ මා නොමරා මැරුවේම දවස පුරා ඇයගෙන් පණිවිඩ එද්දී දුරකතනයෙ ඇමතුම් සටහන් වෙද්දී කඳුලක් වැටුනෙ පුතු ගැන මතකෙට එද්දී නැත්තන් මැරෙනවා සත්තයි මේ වෙද්දී ඇසුවේ කවුද ඇය නුඹගේ කවුරුන්දෝ තරහෙන් පිපිරුනේ ඒ අනියම් පෙමදෝ මෙපමණ කලක් නුඹ මට කළ බොරුවක්දෝ වැරදි කළේ පුතුවත් සිහි නොවුණාදෝ වීදුරු පිඟන් හෙම දැන් බිම පොඩි වෙන්නේ ඒවට බයේ පුතු හෙමිහිට හැංගෙන්නේ වැරදි වහන්නද රණ්ඩුවටම එන්නේ ඇය පවු නිසාදෝ තරහව වැඩි වෙන්නේ රෙදි දෙක තුනක් ඔහෙ මල්ලට දාගත්තේ යන්නට හිතයි පොඩි පුතු ගැන සිහි වෙන්නේ මං කොහොමද පුතු තනියෙන් රැක ගන්නේ අසරණ නිසාදෝ කඳුළුත් පොර කන්නේ ඇය ළඟ නුඹෙ ආලය දිග හැරුනාදෝ තරහ,වෛර පුතු හා මට පමණක්දෝ නොදැන කලේ මම මොන ලොකු වරදක්දෝ පුතුට පියෙක් නැති කෙරුවේ හිතකින්දෝ නින්දෙන් ඇහැර පුතු තනියම හඬවන්නේ මගෙත් සුසුම් එක දෙක දැන් ගිලිහෙන්නේ සුරඟන ලොවක නුඹ දැන් සිරවී ඉන්නේ ඒ ගැන හිතද්දී තේකට ලුණු වැටුණේ කඳුලක් වැටුනේ නුඹ අප ළඟ නැති හින්දා තනිකම වින්දෙ නුඹ තනියට නැති හින්දා *ගෙලලා ගත්තෙ හද* *කම්පා වැඩි හින්දා* සමාවෙන්න පුතුනේ තනි කෙරු හින්දා ❤‍🩹 > Twinkle ✍️🤍
Image from DREAMBOOKS🌼✨️: *සමාවෙන්න පුතේ !...❤‍🩹*  හෝඩියෙ අකුරු එක  දෙක කියලා දෙන්න දෑතින් අල්ල...
❤️ 🥺 🤍 ❤‍🩹 🖤 😢 💗 💜 65

Comments