DREAMBOOKS🌼✨️
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 12:13 PM
                               
                            
                        
                            *හෑලි හයක් ( පළමු* *හෑල්ල )* 🤍🩵🤍
                                         *🤍1 කොටස* 🩵
•  Hi  !
මම දැක්කා Dream Books කියන වට්ස් ඇප් චැනල් එක ගෲප් එකකින්...
▪︎▪︎ Hi ! 
ඔව් ඒ මගේ චැනල් එක...
•  මට ඔයාගෙ whatsapp  Channel එකේ ලින්ක් එක එවන්න පුළුවන් ද...
▪︎▪︎ "*Follow The Dream Books Channel On Whatsapp*"
•  හරී ...ඒකෙ දාන කවි ලස්සනයි...හරිම attractive වගේම natural...
▪︎▪︎ තැන්ක් යු අයියා or අක්කා...දිගටම සම්බන්ධ වෙලා ඉන්න...
•  Sure...මට 26...මම කොල්ලෙක්...
▪︎▪︎ හරී එහෙනම් අයියා කෙනෙක් තමයි...මට 25...
•  ආ හරී මල්ලී...
▪︎▪︎ හරි අයියෙ...
•  ආ මල්ලී මේ...අපිටත් නිර්මාණ එවන්න පුළුවන් ද channel එකට...මම චැනල් එකේ උඩ තියෙනවා දැක්කා එහෙම එකක්...
▪︎▪︎ ආ ඔව් අයියෙ එවන්න පුළුවන්...ඒවා අපි චැනල් එකට ශෙයා කරනවා...
•  ආ හරී මල්ලී...තැන්ක් යු...මල්ලිගෙ නම මොකක් ද සේව් දාගන්න...
▪︎▪︎ මම  මියුලැස්  අයියෙ...එතකොට අයියගෙ නම මොකක් ද...
•  ආ හරී සේව් කරා මල්ලී...මගේ නමනම් මිශේන්...මල්ලි මොන ඉස්කෝලෙ ද ...මම රිච්මන්ඩ් එකේ , ගාල්ලේ...     
▪︎▪︎ මම නුවර අයියෙ...ධර්මරාජේ...අයියත් කවි ලියනව ද...
•  ආ ඔව් මල්ලී...මාත් කවි ලියනවා...මම මේ කවි පොතකුත් එළි දක්වලා ඉන්නෙ...
        " ආ ඔව් මල්ලි මාත් කවි ලියනවා...මම මේ කවි පොතකුත් එළි දක්වලා ඉන්නේ..." ඒක නිකන් කටට ආවට කිව්වට ඒ කිව්ව දේ කොල්ලව වසර ගාණක් අතීතෙට අරන් යන්න පුළුවන් දෙයක් වෙයි කියලනම් කොල්ලවත් හිතුවෙත් නෑ....ඒ වචන ටික කියලා ඉවර වුණාමයි කොල්ලටත් තේරුණෙ කොල්ලගෙ හිත කොල්ලටත් හොරෙන් ම අතීතෙට පාවෙලා යන්න අරන් කියලා... ඔන්න දැන් කොල්ලා චැට් එක මැද්දෙම මනෝ ලෝකෙක... 
" හ්ම්ම් ඔව් ! මම කවි එහෙම ලියනවා ..."
                                                   • • •
       එදා නම් හරි පුදුම දවසක් තමයි කොල්ලටම හිතෙනවා...වෙනදට කම්මැළිකමේ අම්මගෙ සද්දෙට ඇහෙරෙන කොල්ලා මෙන්න එදා තනියම නැගිටලා...
" ආ අම්මේ ගුඩ් මෝර්නින්ග් ! හොඳට නින්ද එහෙම ගියාද ඊයෙ රෑ... "
"ගුඩ් මෝර්නින්ග් ශේන් ! මොකෝ මේ අද...පිස්සුවත් තද වුණාද කාලෙකින් "
" අයියෝ නිකන් නිකන් අනේ...දැන් විහිලුවක් කරත් වැරදියිනේ...ආයී විහිලු කරන්නෙ නෑ...මම තරහයි හුම්ම්... "
" කවුද දැන් වැරදියි කිව්වෙ ළමයෝ... "
    කොල්ලා අද කාලෙකින් අම්මා ගාවත් හුරතලේ...අම්මටනම් සැකයි සැකයිත් වගේ කොල්ලගේ මේ අමුතු පිස්සු හැසිරීම...අම්මත් තනියම හිතනවා... කොහොමත් ඉතින් අම්මලා එහෙමනේ...ඒ වුණාට අම්මට හිනා හිත යටින් කොල්ලගේ මේ පිස්සු වැඩ ගැන...
" අම්මේ , තාත්තා තාම වොෂ් රූම් එකේද...පරක්කුත් වෙනවා අනේ...අද ටිකක් කලින් යන්නත් ඕනේ...ඊළඟට හවස ක්ලාස් තියෙනවත් නේ..." අම්මටත් බර බරේ අද...
 " තාත්තේ...තාම ඉවර නැද්දෝ...කෝ අනේ ඔයා..." අම්මගෙන් තේ එක අතට ගන්න ගමන් කොල්ලා තාත්තටත් වොෂ් රූම් එකට ඇහෙන්න කෑ ගහනවා... තාත්තයි පුතයි ඉතින් කොහොමත් ඉන්නෙ යාලුවො වගේ...ඒ නිසා ඉතින් හැම වෙලේම මුළු ගෙදරම විහිලුවෙන් තමයි...
" මල්ලී මොකෝ තමුසෙට පිස්සු හැදිලද...මේ උදේම කෑ ගහන්නෙ..."     ඒ  අක්කා...කොල්ලගෙ පණ...අක්කත් ඉතින් කොල්ලට ආදරෙයි බොරුවට බැන්නට...මොක ද කොල්ලා මුළු පවුලෙම හුරතලානේ...
" අනේ මේ මටනම් පිස්සු නෑ...තමුසෙට තමයි පිස්සු උදේ වෙනකන් නිදා ගන්නවා...ඊයා ඕයි... "
" මෙන්න බලන්නකෝ අම්මෙ මෙයා...අද මේ හාවා හඳ දකින්න වගේ කාලෙකින් උදෙන් නැගිටලා මට එක එක ඒවා කියනවා... " 
" අම්මා මොනවා බලන්න ද...මගෙත් ඇස් දෙක පේනවා..."
"කෝ බලන්න පේනව ද කියලා..." දැන් අක්කත් මල්ලිව කෝළමට අරන්...
" මේ මට මෙතන තමුසෙත් එක්ක බොරු කෝළම් කර කර ඉන්න බෑ... මට වැඩ තියෙනවා... "
" මොනව ද සුදු බබෝ ඔයාට තියෙන ඔච්චර ලොකු වැඩ...කිව්වනම් මටත් උදව්වක් දෙන්න තිබ්බා... " අක්කා මල්ලිගෙ මූණට වතුර ටිකක් ඉහමින් හරි ආදරෙන් කියනවා...
" මම යනව බෑග් එක හදන්න... බායි බායි !..."
" ආ හා යනවකෝ යනවකෝ...බායි බායි !... "
" අම්මේ මගේ කෑම එක බෙදල තියන්ඩෝ...මම ගියෝ ඒනම් "
අක්කගෙ ඔලුවටත් තට්ටුවක් දාන් මල්ලී කාමරේට යනවා හිනා වෙවී...
" කෝ දෙන්න අම්මෙ මම පොල් ටික ගාන්න..." ශේන් ගැන තාමත් හිත ඇතුළෙන් හිනා වෙවී අක්කා අම්මාට උදව් වෙනවා...
                                                 • • •
තාත්තා වොෂ් රූම් එකෙන් එළියට එනකොටම   " අයියෝ බලන්නකෝ තාත්තෙ දැන් වෙලාව කීයද කියලා...ඉක්මනට වොෂ් දාන්න පුරුදු වෙන්නකෝ අනේ... ! " කොල්ලා තාත්තටත් විහිලුවක් කරන් ඇතුළට පැන්නා...
" අදනම් කොල්ලගෙ වයර් එකක්වත් ෂෝර්ට් වෙලාද කොහෙද  ..." තාත්තාත් හිනා වෙවී කාමරේට යනවා...
                                                  • • •
                     
 *එහෙනම් යාලුවනේ 2 කොටසෙන් හම්බෙමු !* 
*__.Neth.__* 🤍
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🤍
                                        
                                    
                                        
                                            💗
                                        
                                    
                                        
                                            💜
                                        
                                    
                                        
                                            🧡
                                        
                                    
                                        
                                            🩵
                                        
                                    
                                        
                                            💙
                                        
                                    
                                        
                                            💚
                                        
                                    
                                        
                                            💛
                                        
                                    
                                        
                                            🩷
                                        
                                    
                                    
                                        80