DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
June 21, 2025 at 02:33 PM
"කෙනෙක් තව කෙනෙක්ගෙ හිතක් තේරුම් ගන්නව කියන්නෙ වචනවලට කොටු කරන්න පුළුවන් දෙයක් නෙමේ.අනික මම කැමති නෑ අපි දෙන්නගෙ හිත් ඇතුළෙ තියෙන මේ බොන්ඩ් එක ගර්ල්ෆ්‍ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ් වගේ වචනවලින් බිදල දාන්න.ඇත්තටම මම කැමති නෑ අපි දෙන්නගෙ හිත ඇතුළෙ තියෙන මේ ලස්සන හැගීම අකුරු හතරකට කොටු කරල ඒ අකුරු හතරට ආදරය කියල කියන්න. ලේබල් ගහගෙන ලෝකෙට පේන්න නටන කපල් අස්සෙ මට ඕනි හදවත් එක්ක කතා කරන ලස්සන මැකෝ ජෝඩුවක් වගේ ඉන්න. අද ඔයා මට ඔය වචන තුන කියයි.මාත් ඒකට කෙලින්ම උත්තර දෙයි.හැබැයි ඒ වචන තුන මම එදා වැව රවුමෙදි ඔයාගෙ ඇස්වලින් දැක්ක.මම දන්නව ඒකට උත්තර මගේ ඇස් දෙකෙනුත් ඔයා දැක්කා කියලා.ඒ නිසා ඔයාගෙ හදවතින් මට කතා කරන්න.මම ආසයි ළමයො මේ ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒ හැගීම් අපි දෙන්න අතරෙ බෙදාගන්න.ඒ නිසා මෝඩ කතා නොකියා මගේ ඇස් දෙක දිහා බලන් ඉන්නවා." *නුවර සුළඟ* ✍️මියුලැස් අත්තනායක
❤️ 🥺 ❤‍🩹 👍 💖 💚 💜 😖 🤎 54

Comments