Shraddha TV
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 11:57 AM
                               
                            
                        
                            🔴 මියන්මාර භූ කම්පනයෙන් අසරණ වූ ජනතාවට මහමෙව්නාවෙන් රුපියල් මිලියන 16 ක ආධාර බෙදා දුන් වගයි
Video 👉 https://youtu.be/WRkg4Q4Ktec?si=ar-sq1qWISAHnMTa
FB : https://www.facebook.com/share/v/1BzckNLAWh/?mibextid=wwXIfr 
පසුගිය මාර්තු මාසය තුළ ලෝකය ම කම්පාවට පත් කරමින් සිදු වූ මියන්මාර් භූ කම්පනය නිසා අතිමහත් පිරිසක් පීඩාවට පත් වූහ.
එම ව්‍යසනය නිසා විපතට පත් මියන්මාර් ජනතාවට සහන සැලසීම පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මගපෙන්වීම යටතේ මහමෙව්නාව   භාවනා අසපුව විසින් විපතට පත් ජනතාව වෙත රුපියල් මිලියන 16කට අධික වූ ආධාර ලබා දෙන්නට ක්‍රියා කරනා ලදී.
ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ, වියළි ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම්, බ්ලැන්කට් සහ මෙට්ට ආදිය පරිත්‍යාග කිරීම සේම, විනාශ වූ විහාරස්ථාන සහ මෙහෙණි ආරාම සඳහා සිව්පස පහසුව සැලසීමත්, විනාශ වූ චෛත්‍යස්ථාන ගොඩනැගීමට මූල්‍යමය පරිත්‍යාග ලබාදීමත් සිදුකරනා ලදී.
ඒ අනුව මියන්මාරයෙහි මැන්ඩලේ, සගායින්, අමරපුර සහ ඉන්ලේක්ලේ ලේක් යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි ගමෙන් ගමට, විහාරස්ථානයෙන් විහාරස්ථානයට ගොස් මෙලෙස සහන සැලසීමේ කටයුතු සිදුකරනා ලදී.
මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        108