LIFE MOTIVATION 🤍🌻🧿🧚♂️
June 19, 2025 at 08:42 AM
දොස්තර:
චන්දන මහත්තයා යාලුවොත් එක්ක එළියට යනවා. යාලුවෙක් ඔයාගේ වාහනේ තෙල් ටැංකියට වැලි දානවා.ඔයාට තරහ යනවද??
චන්දන:
නැතිව. මන් ඒකට ඉඩ තියන්නේ නෑ. මන් විරුද්ද වෙනවා.
දොස්තර:
එතකොට යාලුවෝ බොන්න කතා කරාම යනවද?සෙට් වෙලා බොන්නෙ නැතිව ඉද්දි ත් බීපන් කිව්වම බොනවද?
චන්දන:
ඔව් ඉතින් බෑ කියන්න බෑනේ...
දොස්තර:
ඇයි බැරි බෑ කියන්න. ඔබ වැරදියි..වාහනයට වුණු දේට විරුද්ද වෙච්ච ඔබට ඇයි බැරි බොන්න බෑ කියන්න??
වාහනයක් කැඩුනොත් හදා ගන්න පුලුවන්...ඒත් තමන්ගේ ශරීරය නැවත හොද කරන්න බැරි විදියට ලෙඩ වුනොත් කොහමද කරන්නේ .
එතකොට යාලුවෝ එයි කියලා හිතෙනවද? යාලුවොන්ට සනීප කරන්න පුලුවන් කියලා හිතෙනවද සිරෝසිස් වගේ ලෙඩක් හැදුනොත්??
ඔය බොන්න කතා කරද්දි තියෙන සතුට තියේවිද?? ජීවිතේ ඉතිරි වෙයිද වෙන සතුටක් වත් විදින්න..
මගේ පේශන්ට් කෙනෙක් හිටියා සිරෝසිස් හැදිලා වයස 23.අවු:17 ඉදන් බීලා. ඇග වැහරිලා. සීය කෙනෙක් වගේ. මගේ වොර්ඩ් එකේ අවු:50 ක විතර නර්ස් කෙනෙකුත් රැවටිලා මේ ළමයට සීයේ කියලා කතා කරලා ඒ ළමයට තරහ ගිහින්.. අනික ලේ වමනය යන්න ගත්තම සීමාවක් නෑ.ඉන්න පළාත ම වැහෙන්න ලේ යනවා ඉවරයක් නැතිව.පුදුම කරුමයක් ඒක..
අපි බේබද්දෝ වගේ බොන්නේ නෑ කියලා බූරු කතා කිව්වට වැඩක් නෑ. සතියට එක සැරයක් බොන්න ඒ ඇති.
අනික බොන එක මහ පොර වැඩක් කියලා හිතන් ඉන්නවනම් ඊට වඩා බූරුවෙක් මේ ලෝකේ නෑ..
පොරක් වෙන්න ඔනනම් රටට , ජාතියට, ආගමට වැඩක් කරපන්..රටට , අම්මට අප්පට ණය නැති එකෙක් වෙයන්...
බීලා වැදෙන්නේ නෑ කියලා යමෙක් කියනවනම් එහෙනම් ඒ මී හරකා තමයි වැඩිපුර බීලා තියෙන්නෙ.. ඇයි ඕන තරමක් බොන්න්ත් පුලුවන්..
අනික බීලා රටේ මිනුස්සුන්ට විහිලුවක් වෙනවා. ඇග පුරා වමනෙ දාගෙන බල්ලෝ බලල්ලු වගේ බිම වැටිලා ඉන්න කොට මොන තත්ත්වයක් ද??
බීගෙන මහ රාත්රියේ කෑ ගහගෙන , රටේ ම තියෙන කුණුසරුප ටික කියා ගෙන
වාහනයක නම් මහ හයියෙන් සින්දු දාගෙන ඉද්දි මිනිස්සු කියන්නේ මේ මොන රස්තියාදු කාරයෝ ටිකක් ද කියලා විතරයි. මේකද මහලොකු සිංහල බොදුකම???
ප්රශ්න නිසා බොනවා කියලා මොකෙක් හරි කියනවනම්,එහෙනම් ඒකෙන් කියවෙන්නේ ඒ මිනිහට කොන්ද පණ නෑ කියල ඇත්ත ජීවිතේ ප්රශ්නවලට මුහුණ දෙන්න.එහෙම මිනිහෙක් ට කවදාවත් ගොඩයාමක් නැත. ❤
> උපුටාගැනීමකි... ✍🏻
> *#𝐋𝐢𝐟𝐞 𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧 ❀✦•*
😊🤍🌻☘️✊🏻🧿
❤️
👍
💯
❤
😂
😢
🙏
🧠
♥
💓
159