Astronomy Lanka 🇱🇰
June 12, 2025 at 04:20 PM
විද්‍යාඥයින්ගේ නවතම භෞතික විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව අපේ විශ්වයේ අවසානය අපි කලින් හිතුවාට වඩා ගොඩක් ආසන්නයි.
අපේ විශ්වයේ තියෙන සියලු තාරකා මියගියාට පස්සේ, ආලෝකය හා විකිරණ මුදාහරින වස්තූන් විදිහට ඉතිරිවෙන්නේ ඒ මියගිය තාරකාවලින් ඇතිවුනු නශ්ටාවශේෂ වන නියුට්‍රෝන තාරකා සහ සුදු වාමන තාරකා. මේ වස්තූන්ගෙත් ශක්තිය හීන වෙලා,එයාලත් සම්පූර්ණයෙන් ක්ෂරණය වෙලා ගියාට පස්සේ ඉතින් අපේ විශ්වය සම්පූර්ණයෙන් අඳුරු වෙනවා.
ඉතින් අපි කලින් හිතන් හිටියේ මේ දේ වෙන්න අවුරුදු 10^1100 විතර ගතවෙනවා කියලා.
(මේ සංඛ්‍යාව කොච්චර විශාලද කියලා දැනගන්න ඕනෙනම්… ඒක පිටුපසින් බිංදු 1100 දාන්න)
ඒත් ක්වන්ටම් භෞතික විද්‍යාව සහ සාධාරණ සාපේක්ශතාවාදය අදාළ කරගෙන සිදුකරපු නවතම සෛද්ධාන්තික ගණනය කිරීම් තුළින් අලුත් යමක් කියැවෙනවා.
අපි දන්නවනේ ඉතින් කාලය ගතවීමත් එක්ක කලු කුහර හෝකින් විකිරණ මගින් ක්ෂරණය වෙලා යනවා කියලා. හෝකින් විකිරණ මගින් කලු කුහරයේ අන්තර්ගත ශක්තිය හානි වෙනවා. ඒ අනුව කලු කුහර මියයනවා.
කලු කුහරවල විනාශ වීමට බලපාන හෝකින් විකිරණ ක්‍රියාවලිය, කලු කුහර වලට විතරක් නෙමේ, ගුරුත්වාකර්ෂණය තියෙන ඕනම වස්තුවකට අදාළ වෙනවා කියන එකයි මෙතනදී කියැවෙන්නේ.
ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය තියෙන ඕනම වස්තුවක් හෝකින් විකිරණ මගින් ක්ෂරණය වෙනවා.
ඒ අනුව නියුට්‍රෝන තාරකා, සුදු වාමන තාරකා වගේ දේවලුත් අවුරුදු 10^78 විතර, “සාපේක්ශව” ඉතා අඩු කාලයකින් ක්ෂරණය වෙනවා.
credit:-(AstronerdZ)
> Astronomy Lanka 🇱🇰

😮
😢
❤️
👍
😦
🧠
💀
44