Astronomy Lanka 🇱🇰
June 14, 2025 at 02:14 AM
අදින් වසර බිලියන 3 කට පමණ පසු රාත්‍රී අහසේ මේ වගේ දර්ශනයක් දැක්ගන්න පුලුවන්.
මේ තියෙන්නේ අපේ අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය. වර්තමානයේ නම් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අහසේ පේන්නේ අපිට හරිම පොඩියට. පෘථිවියේ ඉඳලා පියවි ඇසින් බලන්න පුලුවන් උනත්, ආලෝක වර්ෂ මිලියන 2.5ක විතර විශාල දුරකින් මෙය පිහිටා තිබෙන නිසා තමයි අපිට ඉතා කුඩාවට මේ මන්දාකිණිය පේන්නෙ.
කාලයකට කලින් මිනිස්සු හිතාගෙන හිටියේ ඒක අහසේ තියෙන තවත් එක් තාරකාවක් කියලා. හැබැයි කාලයත් එක්ක දියුණු දුරේක්ෂ බිහි වීම නිසා ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය අනාවරණය කරගන්න අපට පුලුවන් උනා.
ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණි, අපේ ක්ෂීරපථ මන්දාකිණිය දෙසට ලං වෙමින් තියෙන්නෙ. ඒ තත්පරයට කිලෝමීටර් 110ක විතර වේගයකින්. මේ නිසා දුර අනාගතයේදී මේ මන්දාකිණි දෙක ගැටීමකට ලක් වෙලා මිල්ක්ඩ්‍රොමීඩා නම් අලුත් මන්දාකිණියක් බිහි වේ යැයි අනුමාන කරනවා. ඒ අදින් වසර බිලියන 4.5කින් විතර.
මේ නිසා තවත් වසර බිලියන 3කට විතර පස්සෙ අපිට අහසේ මේ වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න පුලුවන් වෙයි.
*Credits ÷ Janith Tharaka Jayasinghe*
*Admin Ash*
> Astronomy Lanka 🇱🇰

❤️
😮
🥲
🧠
😂
😍
🥰
27