Astronomy Lanka 🇱🇰
June 16, 2025 at 03:37 PM
විශ්වයේ බලවත්ම කාන්දම් !!
අපි හැමෝම වගේ ඉතින් චූටි කාලෙ කාන්දම් එක්ක සෙල්ලම් කරලා තියෙනවනේ. ඒත් ඔයාලා කවදහරි හිතල තියෙනවද මේ විශ්වයේ තියෙන බලවත්ම කාන්දම මොකක්ද කියලා? ඉතින් අද අපි ඒ ගැන කතාකරමු.
සූර්‍යයා වගේ 10-15 ගුණයක ස්කන්ධයක් තියෙන තාරකාවක් එයාගේ හරයේ තියෙන න්‍යශ්ටික ඉන්ධන සියල්ල දහනය කරලා ඉවර උනාට පස්සේ, මෙයාගේ හරයේ යකඩ තමයි ඉතිරිවෙන්නේ. යකඩ න්‍යශ්ටික ඉන්ධනයක් විදිහට භාවිත කරන්න බැරි නිසා මේ හරයෙන් ශක්තිය නිදහස් වීම නවතිනවා. ඒ නිසා මේ හරය එයාගෙම ගුරුත්වය යටතේ දැඩි මේ සම්පීඩනයකට ලක්වෙනවා. මේ සම්පීඩනයත් එක්ක තාරකා හරය තුළ උෂ්ණත්වට හා පීඩනය අධික ලෙස ඉහළ යෑමේ ප්‍රතිඵලයක් විදිහට මේ හරයේ තියෙන ඉලෙක්ට්‍රෝන පෝට්‍රෝන එක්ක එකතුවෙලා නියුට්‍රෝන නිපදවනවා.
එකදිගටම සම්පීඩනය වෙන හරය, එක මට්ටමකදී මේ නියුට්‍රෝනවලින් යෙදෙන ක්වන්ටම් යාන්ත්‍රික පීඩනයක් මගින් ස්ථායීභාවයට පත්වෙනවා. ඒ කියන්නේ නියුට්‍රෝන මගින් යෙදෙන මේ පීඩනය, හරයේ ස්කන්ධය මගින් යෙදෙන ගුරුත්වජ පීඩනයට විරුද්ධව ක්‍රියාකරනවා. අපි නියුට්‍රෝන මගින් යෙදෙන මේ පීඩනයට කියන්නේ නියුට්‍රෝන පරිහානීය පීඩනය/Neutron degeneracy pressure කියලා.
ඉතින් මේ විදිහට වැඩි වශයෙන්ම නියුට්‍රෝනවලින් සමන්විත වෙන, නියුට්‍රෝන පරිහානීය පීඩනය මගින් ස්ථායීභාවය පත්වුනු මේ වස්තුවට අපි කියනවා නියුට්‍රෝන තාරකාවක් කියලා.
කොහොමහරි Neutron degeneracy pressure එක යටතේ ස්ථායීභාවයට පත්වුන තාරකා හරය මතට තාරකාවේ පිටත ස්ථර ඇදවැටෙනවා. පොළොවේ වැදුන බෝලයක් නැවත Bounce වෙලා යනවා වගේ මේ පිටත ස්ථර අවට අභ්‍යවකාශයට විසිරිලා ගිහින් අති දැවැන්ත පිපිරුමක් ඇතිකරනවා. අපි මේ පිපිරුමට තමා කියන්නේ සුපර්නෝවා පිපිරුමක් කියලා.
හරි. දැන් අපි අපේ කතාවට එමු.
මේ නියුට්‍රෝන තාරකා සාපේක්ශව ප්‍රමාණයෙන් ගොඩාක් කුඩා දේවල්. එයාලගේ විශ්කම්භව සාමාන්‍යයෙන් කිලෝමීටර 30 වගේ. ඒත් එයාලගේ ස්කන්ධය සූර්‍යයා වගේ තුන්ගුණයක් විතර වෙනවා.
මේ තාරකාවේ ඝනත්වය කොච්චරද කිව්වොත්,
මේ නියුට්‍රෝන තාරකාවෙන් එක සීනි කැටයක පරිමාවක් ගත්තොත්, ඒකේ ස්කන්ධය පෘථිවියේ ඉන්න මුළු මනුශ්‍ය ජනගහනයේ ස්කන්ධය තරම් විතර වෙනවා.
මේ වගේම, හරයේ ප්‍රමාණය කුඩා වීම නිසා මේ හරයේ චුම්බක ප්‍රවාහයේ ඝණත්වයත් වැඩිවෙනවා. වෙන විදිහකට කිව්වොත් චුම්බක ක්ශෙත්‍රයේ ප්‍රබලත්වය වැඩිවෙනවා.
කොහොමහරි ඉතින් මේ තාරකා හරය නියුට්‍රෝන තාරකාව බවට පත්වෙද්දී එයා ප්‍රමාණයෙන් ගොඩාක් කුඩා වෙන නිසා, එයා භ්‍රමණය වෙන වේගය ගොඩාක් වැඩිවෙනවා.
නියුට්‍රෝන තාරකා වැඩි වශයෙන් නියුට්‍රෝන වුනාට නියුට්‍රෝන තාරකාවල සුළු වශයෙන් ඉලෙක්ට්‍රෝන පෝට්‍රෝන වගේ ආරෝපිත අංශු පවතිනවා.
ඒ විතරක් නෙමේ, මේ නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ සංවහන චලිතය පවතිනවා. (ඒ කියන්නේ නටන උණුවතුර භාජනේක ජලය හැසිරෙනවා වගේ)
මේ සංවහන චලිතයේ සහ නියුට්‍රෝන තාරකාවේ අධිවේගී භ්‍රමණයේ බලපෑම යටතේ චලිත වෙන නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ පවතින ආරෝපිත අංශු මගින් අතිප්‍රබල චුම්බක ක්ශේත්‍රයක් නිර්මාණය කරමින් කලින් පැවතුනු චුම්බක ක්ශේත්‍රයත් එක්ක එකතු වෙලා, සමස්ථයක් ලෙස අධිතීව්‍ර චුම්බක ක්ශේත්‍රයක් නිර්මාණය කරනවා.
ඒ විතරකුත් නෙමේ, සමහරවිට කාලයත් එක්ක මේ නියුට්‍රෝන තාරකාවේ අභ්‍යන්තරයේ තියෙන නියුට්‍රෝනවලට Superfluid එකක් විදිහට හැසිරෙන්න පුළුවන් වෙනවා. සරලව කිව්වොත් Superfluid එකක් කියන්නේ පදාර්ථයේ තවත් අවස්ථාවක් (මේක ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාත්මක දෙයක්. දැනට අපිට ලොකුවට විස්තර ඕනේ නැහැ). මේ Superfluid එකකට පුළුවන් විද්‍යුත් ධාරාවක් ප්‍රතිරෝධයකින් තොරව රැගෙන යන්න. ඉතින් අපි කතාකරපු ආරෝපිත අංශුත් විද්‍යුත් ධාරාවක් වශයෙන් මේ ප්‍රතිරෝධයකින් තොර නියුට්‍රෝන Superfluid එකේ ගලාගෙන යද්දී, කලින් තිබුනටත් වඩා අපේ චුම්බක ක්ශේත්‍රය ප්‍රබල වෙනවා.
ඉතින් මේ නිර්මාණය වුනු චුම්බක ක්ශේත්‍රය කොච්චර ප්‍රබලද කියල කිව්වොත්, ඒකෙ ප්‍රබලත්වය අපේ පෘථිවි චුම්බක ක්ශේත්‍රයේ ප්‍රබලත්වය වගේ ට්‍රිලියන දහස් ගුණයක්/1,000,000,000,000,000 විතර වෙනවා.
ඔයා මේ නියුට්‍රෝන තාරකාවට ආසන්නයෙන් හිටියොත් ඔයාගෙ ශරීරය මේ චුම්බක ක්ශේත්‍රය මගින් සම්පූර්ණයෙන් කැඩිලා,ඉරිලා ගිහින් විනාශ වෙලා යනවා.
ඉතින් මේ විදිහේ හිතාගන්නවත් බැරි තරම් ප්‍රබල චුම්බක ක්ශේත්‍රයක් තියෙන නියුට්‍රෝන තාරකාවකට අපි කියන්නේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “Magnetic stars” එහෙමත් නැත්තම් කෙටි කරලා “Magnetars” කියලා.
⚡🧲ඉතින් Magnetars තමයි මේ විශ්වයේ තියෙන බලවත්ම කාන්දම් ⚡🧲
copied:-(AstronerdZ)
> Astronomy Lanka 🇱🇰

😮
❤️
💀
🧠
👍
❓
❤
💠
😵💫
🤔
39