MpM Reminders | 🔔
MpM Reminders | 🔔
June 14, 2025 at 01:20 PM
*🎬 Red Swan (2024) – කොරියානු රහස්-ප්‍රේම කතාමාලාව* 2024. 07. 03 වෙනිදා විශාකය ආරම්භ වුන මේ Red Swan දකුණු කොරියානු නාට්‍ය රූපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ “Hwayugi”, “The Greatest Love” සහ “The Great Queen Seon Deok” වගේ ප්‍රසිද්ධ කතා මාලා අධ්‍යක්ෂණය කරපු Park Hong Kyun වගේම මේ කතා මාලාවේ ලේඛකයා වෙන්නේ “Only Love,” “Three Sisters,” වගේම “The Person I Love ” කතා මාලා රචනා කරපු Choi Yoon Jung. මීට කලින් Kill Heel සහ 18 Again වගේ නාට්‍යවල රඟපෑව Kim Ha-neul මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන Oh Wan-soo විදිහට රඟපානව වගේම 2022 Ghost Doctor නාට්‍යයෙන් පස්සෙ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන ගායක-නළු Rain, Kim Ha-neul ගේ ආරක්ෂකයා වෙන Seo Do-yoonගේ චරිතයට පණ පොවනවා. සාරාංශයක් විදිහට කතාව ගැන කියනව නම්, ගොල්ෆ් ක්‍රීඩිකාවක් විදිහට තමන්ගෙ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට ඇවිත් ඉන්න Wan-Soo (Kim Ha-Neul) ඉහළ පන්තියක පූර්ණ ජීවිතයක් ගත කරන්න හීන දකිමින් Hwain සමූහයේ අනුප්‍රාප්තිකයා එක්ක විවාහ වෙනවා. පදනමක සභාපතිනිය විදිහට කටයුතු කරන Wan-Soo තමන්ගෙ පුණ්‍ය කටයුතු හරහා ලෝකය පුරාම කීර්තිය ලබාගත්ත කෙනෙක්. සටන් කලාවට දක්ෂ වගේම පොලිස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති Seo Do Yoon (Rain), Wan-Soo ගෙ අලුත් ආරක්ෂකයා විදිහට Hwang සමූහ ව්‍යාපාරයේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නෙ නිශ්චිත හේතුවක් පෙරදැරි කරගෙන. තමන්ගෙ ආරක්ෂකයා හරහා Wan-Soo, Hwain පවුලේ සැඟවුන රහසකට මුහුණ දෙනවා. සරලවම කතාවේ රසයට බාදා නොවන ලෙස මම ඔයාලට ඔන්න ස්ටෝරිය කීවා.. ඉතිං ඉස්සරහට කතාව දිගහැරෙන්නෙ කොහොමද කියලා තව පොඩ්ඩක් කියන්නම්.ඔයාලා අනිවාර්යයෙන්ම මේ කතාව බලන්නම ඕන නිසා 1 කොටස (Ep1) – අලුත් ආරක්ෂකයා. සෑහෙන කාලෙකට කලින් විවාහ ජීවිතය අවුල් වුනා කියන හිටපු ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් වගේම වත්මන් ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්, තමන්ගෙ බිරිඳට ආදරේ කරන ස්වාමිපුරුෂයෙක්, තමන්ගෙ ලේලිට වෛර කරන නැන්දම්මා කෙනෙක් එක්ක තමයි පලවෙනි කොටස ආරම්භ වෙන්නෙ. Wan-Soo තමයි මේ ප්‍රසිද්ධ කාන්තාව වෙන්නෙ. ඇය ජීවත් වෙනවට අකමැති ගොඩක් අය ඉන්නවා. ඒ අතරෙ මුලින්ම එයාගෙ නැන්දම්මා වගේම ලෝක ප්‍රසිද්ධ ත්‍රස්ථ සංවිධානයක් වෙන ISIS සංවිධානයත් ඉන්නවා. මේ දෙගොල්ලන්ගෙන් කවුරු හරි කෙනෙක් මුලින්ම ක්‍රියාත්මක වුනත් ඒකෙන් Wan-Soo බේරගන්න දෙවියො එව්වා වගේ කෙනෙක් එනවා. නොකියම එන මේ කෙනා Wan-Soo බේරගෙන ආරක්ෂිතව ඇරලවලා නොකියම යන්න යනවා..ඔන්න ඔතනින් තමා පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ *මේක Korean revenge-romance drama එකක්* *ප්‍රධාන නළුවන්:* - Kim Ha-neul – Oh Wan-soo - Rain – Seo Do-yoon - Jung Gyu-woon – Kim Yong-kook - Seo Yi-sook – Park Mi-ran - Yoon Je-moon – Han Sang-il - Ki Eun-sae – Jang Tae-ra *Mpmᴺˢ* කොරියන් ගෲප් වල නැති අය විතරක් එන්න මේ ගෲප් එකට https://chat.whatsapp.com/JcKLbnGMGGb1vkllm5CncT
Image from MpM Reminders | 🔔: *🎬 Red Swan (2024) – කොරියානු රහස්-ප්‍රේම කතාමාලාව*  2024. 07. 03 වෙන...
❤️ 😂 25

Comments