
MpM Reminders | 🔔
June 20, 2025 at 06:48 AM
📽️ Weak Hero Class 1/2 NETFLIX නාලිකාව හරහා විකාශනය වුණ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මෙය Action, Thriller, Youth සහ Drama යන ශානරයන්ට අයත් වන අතර අධ්‍යක්ෂණය සහ තිර රචනය Yoo Su Min විසින් සිදු කර ඇත.
Park Ji Hoon (Yeon Si Eun / Gray Yeon ලෙසින්)
Ryeo Un (Park Hu Min / Ben Park ලෙසින්)
Choi Min Yeong (Seo Jun Tae / Eugene Gale ලෙසින්)
Lee Min Jae (Ko Hyeon Tak / Alex Go ලෙසින්)
Bae Na Ra (Na Baek Jin / Donald Na ලෙසින්)
Lee Jun Young (Geum Seong Je / Wolf Keum ලෙසින්)
Yoo Soo Bin (Choi Hyo Man / Colton Choi ලෙසින්)
Weak Hero Class කියන්නේ Korean Drama ඉතිහාසයේ Action Drama වලින් මුලදි ප්‍රසිද්ධ නොවුණත් පස්සේ Rating බිඳලා ඉහළට ගිය දකුණු කොරියානු ටෙලි කතාමාලාවක්. ඒක කොච්චර සුපිරිද කියනවා නම් Korean Drama ඉතිහාසයේ ඒ තරම් Fights තියෙන කිසිම School Drama එකක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද ඒක ඒ තරම්ම සුපිරි.
සීසන් 1 එක වගේම තමයි සීසන් 2 එකත්. ගහන්නවා, ගහන්නවා, ගහන්නවා විතරයි. ඒත් කිසිම කම්මැලිකමක් නැහැ වගේම බලද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ.
සීසන් 1 ගැන කීවොත්
Yeon Shi Eun කියන්නේ ඔහුගේ උසස් පාසලේ ඉහළින්ම සිටින ආදර්ශ ශිෂ්‍යයෙකි. ශාරීරිකව, Yeon Shi Eun දුර්වලයි වගේ පෙනුනත් ඔහුගේ බුද්ධිය සහ මනෝවිද්‍යාව භාවිතා කරලා, ඔහු තම පාසල තුළ සහ පිටත සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරනවා. ඒ පිළිබඳව තමයි මේ කතාව පුරා දිව යන්නේ.
සීසන් 2 එකේ Plot එක පැත්තට හැරුනොත්, යාළුවෙක් වෙනුවෙන් ඉස්කෝලේ තියෙන පාසල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටියත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙලා වෙන ඉස්කෝලෙක්ම මාරු වෙලායන සිසුවෙක් ගැන වගේම ආයේ කවදාවත් කිසිම දවසක තමන්ගේ යාළුවෙක්ව නැති කරගන්නෙ නැති විදිහට ඊටත් වඩා විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන සිසුවෙකුගේ පැවැත්ම වගේම වර්ධනය ගැන කතාවක් තමා දෙවෙනි සීසන් එකේ වෙන්නේ.
ඉතින් මේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මොකද විස්තර දැනගෙන මේක බැලුවොත් එච්චර ගතියක් නැහැ.
📽️ අපි එහෙනම් දෙවෙනි Tv s එක පැත්තට යමු
Yu yu Hakusho
ඔන්න එහෙනම් දෙවෙනි tv s විදිහට Live action සීරීස් එකක් තමා අරගෙන ආවෙ. අපි එහෙනම් Live action කියන්නෙ මොකද්ද කියලා පොඩි අවබෝධයක් අරගෙනම ඉමු. ඇත්තටම live action එකක් කියලා කියන්නෙ සාමාන්‍ය film එකක් වත් සාමාන්‍ය Tv series එකක් වත් නෙමෙයි. කොටින්ම කිව්වොත් වෙනමම අත්දැකීමක්. මේකෙ පසුතල. තව එතකොට සටන් පවා හරිම ස්වාභාවික වගේම තාත්වික විදියට නිර්මාණය කරනවා. දැනට ඇවිත් තියන ගොඩක් ජනප්‍රිය උන live action series ගැන බැලුවොත් ඔයාලට මේ කතාව කම්ෆෝම් කරගන්න පුළුවන්.උදාහරණයක් විදිහට One piece මංගා එක ඇසුරින් නිර්මාණය උන One piece live action එක සමහර අය දැනටමත් නරඹන්න ඇති කියල මම හිතනවා.
ඉතින් මේ අද අරගෙන ඇවිත් තියන කතාවට පාදක වෙන්නෙ. battle-action මංගා එකක් වෙන Yu Yu Hakusho කියන මංගා එක.
ඉතින් මේ Manga එක ගැන කියනවනම්. දැනට අවුරුදු 30 කට වඩා පරණ 1990-94 වගේ මංගා එකක්.මේ Manga එක ඇසුරෙන් anime සීරීස් එකක් නිර්මාණය උනා. Anime එක නම් මම බලල නැති නිසා ඒ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ.(ඇනිම් ගෲප් එකේ ඇක්ටිව් ඇඩ්මින් කෙනෙක්ට රික්වෙස්ට් කරලා ඕනනම් ඒක එයාගෙන් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙන්න) ඉතින් අවුරුදු කීපයකට පස්සෙ මේක ඇසුරින් ලයිව් ඇක්ශන් එකක් නිර්මාණය කලා. මේ කතා මාලාව 2023 වසරෙ දෙසැම්බර් 14 වෙනිදා විකාශය උනා
⊷ පලමු දිගහැරුම ━ ආත්ම පරීක්ෂකයා ⊶
කතාව මුලින්ම පටන් ගන්නෙ කාතාවෙ ප්‍රධාන චරිතය වෙන යුසුකේ උරමෙෂී කියන පාසල් ශිෂ්‍යයෙක් පොඩි ළමයෙක්ව බේරගන්න තමන්ගෙ ජීවිතේ අනතුරේ දාලා යම්කිසි දෙයක් කරන්න පෙලඹෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා මෙයාට මැරෙන්න වෙනවා. ඉතින් එතනින් පස්සෙ කලින් සිදුවුන සිදුවීම ටිකක් පෙන්නලා. එතනින් පස්සෙ තමා කතාව පටන්ගන්නෙ. ඉතින් වසර කීපයකට කලින් අමනුෂ්‍ය ලෝකය සහ මිනිස් ලෝකය අතර විවරයක් ඇති වෙලා “යොකායි” කියල යක්ෂයො වගයක් මනුෂ්‍ය ලෝකෙට ඇතුල් වෙනවා. (යොකායිලා ගැන ඔයාලා ඉදිරි කතා වලදි දැනගනියි) ඉතින් මේ මියගිය යුසුකේ උරමෙෂී මියගියාට පස්සෙ කෙනෙක් මෙයාව ආත්ම ලෝකය කියල වෙනමම තැනකට එක්කගෙන යනවා. ඉතින් මේකෙ භාරකාරයා උන “කෝන්මා” කියන කෙනා එක්ක උන ගිවිසුමක් විදියට. මෙයාගෙ ජීවිතේ ආයෙත් ලබාදීම වෙනුවෙන් ආත්ම පරීක්ෂකයෙක් විදියට යොකායි වරුන්ව අල්ලන්න නියම වෙනවා. එහෙනම් සුපිරිම සුපිරි කතාවක් අලුත් අද්දැකීමක් වෙයි කියල මම හිතනවා.
අනෙක් එපි ගැන විස්තර දෙන්නෙ නෑ මේ හොඳටම ඇති කියලා හිතනවා ඔයාලට කතාව ගැන දැනගන්න
මේවගේ ලස්සන ඩ්‍රාමා බලන්න එහෙනම් එකතුවෙන්න අපේ කොරියන් ගෲප් එක එක්ක
https://chat.whatsapp.com/JcKLbnGMGGb1vkllm5CncT

❤️
👍
😂
😮
37