🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
June 20, 2025 at 11:13 AM
*🏷️Eps Topik එක්සෑම් පේපර් එක සකස් වී ඇති ආකාරය*❤️🇰🇷💥👇🏻 🌀EPS TOPIK EXAM එකේ ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකට බෙදෙනවා. 1. කියවීම ප්‍රශ්න පත්‍රය ( 읽기 ) 2. සවන් දීමේ ප්‍රශ්න පත්‍රය (듣기 ) EPS TOPIK විභාගය ඔයාලට මෙච්චර කාලයක් විභාග ශාලාවේ තියෙන 🖥️ computers වලින් තමයි කරන්න තිබුණේ. හැබැයි, දැන් නම් computers වෙනුවට 💻 tablets (ටැබ් යන්ත්‍ර) එනවා. කොහොමත් ලියන්න මුකුත් නැහැ. උත්තර 4 ක් දෙනවා ඒ කියන්නේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් විදිහටමයි තියෙන්නේ. එක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 25 ගානේ ඔක්කොම විනාඩි 50 යි ලැබෙන්නෙ. 1 වෙනි ප්‍රශ්නයේ ඉඳන් 20 වෙනි ප්‍රශ්නය වෙනකන් තියෙන්නේ *කියවීම ( 읽기 ) ප්‍රශ්න පත්‍රය* 21 වෙනි ප්‍රශ්නයේ ඉඳන් 40 වෙනි ප්‍රශ්නය වෙනකන් තියෙන්නේ *සවන්දීම ( 듣기 ) ප්‍රශ්න පත්‍රය* 🌀 කියවීම ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න රටා කීපයක් බලමු. 1. රූප ප්‍රශ්න 2. විවිධ පත්‍රිකා (බිල්පත්, ප්‍රවේශපත්, හැඳුනුම්පත්) ඇසුරින් නිර්මාණය වු ප්‍රශ්න 3. ප්‍රස්තාර ප්‍රශ්න 4. සමාන පද හෝ විරුද්ධ පද ප්‍රශ්න 5. එකිනෙකට සම්බන්ධයක් ඇති පදය තෝරන ප්‍රශ්න 6. හිස්තැන් පුරවන ප්‍රශ්න 7. ඡේද ප්‍රශ්න 🌀 සවන්දීම ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න රටා කීපයක් බලමු. 1. ඇසෙන වචනයට අදාල රූපය තෝරන ප්‍රශ්න 2. ඇසෙන වචනයට අදාළ වචනය තෝරන ප්‍රශ්න 3. සරල සිතියමක පිහිටීම හොයන ප්‍රශ්න 4. අසන ප්‍රශ්නයට ගැලපෙනම රූපය තෝරන ප්‍රශ්න 5. අසන ප්‍රශ්නයට ගැලපෙනම පිළිතුර තෝරන ප්‍රශ්න *NJ with Korea💙🇰🇷✨👨🏻‍🎓*
❤️ 👍 🙏 8

Comments