
Dr.Rasanjana Ilangkoon
June 16, 2025 at 04:42 AM
ඇග උෂ්ණ යි කියන එක හොයාගන්නෙ කොහොමද අහන අයට.. ‼️‼️‼️‼️‼️
Body heat වැඩි නිසා වෙන සම වියලීමේ තත්වය.
ගොඩක් දෙනෙක්ට ඇග උෂ්ණද නැද්ද කියන එක හිතාගන්න අමාරුයි..
ඇග උෂ්ණ එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. 🙂
🌙සමහර අයට ගැස්ට්‍රයිටිස් එක්ක ඇග උෂ්ණ එක පෙන්නුම් කරනවා.
🌙ඇගේ සමහර ස්ථාන විශේෂයෙන් ම යටි පතුල් සම වගේ තැන්වලට ගොඩක් දහදිය දාන්න ගන්නවා.
🌙ඒ තැන් දැවිල්ලයි සහ ගින්දර පිටවෙන රස්නෙ ගතියක් තියෙනවා.
🌙තද ඔලුවෙ කැක්කුම් ඇතිවෙනවා.
🌙නිතර ම කටේ තුවාල හැදෙනවා.
🌙සමහරවිට කටේ අමුතු දුගදක් එනවා
🌙හම ගොඩක් වියලෙන්න ගන්නවා.
මෙන්න මේ හම වියලෙන්න ගන්න එක වෙන්නෙ ඇගේ උෂ්ණ ගතිය වැඩිනිසා කියලා ගොඩක් දෙනෙක් දන්නෙ නෑ.
හැබැයි ඔයලා නොහිතන දෙයක් මේ අසාමාන්‍ය විදියට ඇග වේලෙන එක හම අදුරු පාට වෙන එක එක්ක සිද්ධවෙනවා
මේ විදියට හම අදුරු වෙලා වියලෙන්න ගන්නෙ ඇයි.?? 😑
අපේ ශරීරයේ හැමතැනටම උෂ්ණත්වය එක විදියට අරගෙන යන්නෙ රුධිර සංසරණ පද්ධතියෙන්.. ලේ එක්ක තමයි හැමදේම ඇග පුරාම යන්නෙ.
එතකොට ඔයා කන බොන දේවල් වල තියෙන hot and spicy දේවල් , හිතුමතේට බොන දේවල් (coke, sprite)
නිසා ඔයාගෙ ලේ වල ආම්ලික ගතිය වැඩිවෙනවා, ලේ වල පිත ස්වභාවය ඉහල යනවා ඒ වගේම මේ කෑම බීම වල තියෙන අධික ලුනු රසකාරක විෂ මේ ඔක්කොම ලේ වලට එකතුවෙලා ඇග පුරාම ගමන්කරනවා.
කාලයක් තිස්සෙ වෙන මේ දේවල් එකපාරටම තමයි ඇගට බලපාන්න ගන්නෙ.
මේ හින්දා බොඩි ලෝෂන් එකකට වත් පාලනය කරගන්න බැරි විදියට ඇග ඇතුලෙන්ම වියලි සහ උනුසුම් වෙන්න ගන්නවා.🤒
දැන් ගොඩක් වතුර බොනවා කීවත් යම්කිසි කාලෙක දි වතුර තිබහ හිතාමතා ම මග ඇරපු ඒවා ගැස්ට්‍රයිටිස් ගැටලු ඒවා හොඳ කරගන්නෙ නැතිව ඉන්න එකෙන් ඔයාගෙ බාහිර සමට ලොකු බලපෑමක් වෙනවා.🥺
ඒ වගේ දීර්ඝකාලීන ගැටලුවකින් පෙලෙනවා නම් ගැස්ට්‍රයිටිස් රෝගය තියෙනවා නම් හම ගොඩාක් වියලි නම් ඒකට හරියට ප්‍රතිකාර වලට යොමුවෙන්න..
බොහොම සාර්ථක ව මේ තත්වෙ සුව කරගන්න පුළුවන් ආයුර්වේද ප්‍රතිකාර වලින්..
සටහන - ආයුර්වේද වෛද්‍ය එම්.රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය )
හරිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල.
0703482814 හරහා whatsapp පණිවිඩයක් යොමුකර සම්බන්ධ වන්න..
❤️
👍
🙏
32