
ඉගිලෙන පිටු
June 4, 2025 at 11:50 AM
බර වූ මිටි ගණන් මලු තියාගෙන කර..
අදිමින් නහිනවා නොයෙක් අත දිවි බර..
හිත ගත දුකින් පෙළිලා ඇත වෙලා තර..
පිච්චුන එකයි දැනුවත් ගින්දරේ සැර..
සතයක අගය වුව දැනෙනා වෙලාවේ..
තියුණුව ඉඳන් බැස ඇත නයි නලාවේ..
බර ඉස්මත්තේ දැනුනත් දිවි රටාවේ..
වෙනසක් කොයිද ගෙවෙනා මේ කලාවේ..
හැඩ වැඩ නොයෙක් වර දමමින් පාරේ යන..
දකිනවා නොයෙක් නෝනලා පෙන්නනා තන..
ඉඳහිට රුපියලක් ඉල්ලමි ගසා දන..
ගිනියම් අව්වේ ඉඳලම දැන් ගැහෙයි පන..
ලොකු පුත් පාසලින් ගෙදරට ඇවිත් ඇතේ..
පොඩි දූ සෙල්ලමින් නිතරම, දුකක් නැතේ..
සමහර දිනට ටොපියට වත් නැත්තේ සතේ..
ලාවට කැක්කුමක් දැනෙනවා එදින හිතේ..
• ✍️ Kavinda

❤️
👍
🥹
9