
ඉගිලෙන පිටු
June 5, 2025 at 06:02 AM
*An_Afternoon_star* (episode 01)
Happy birthday day to you....
Happy birthday day to you....
'යේ.... කෝ කෝ ඉතින් දෙන්නත් එක්ක බලාගෙන ඉන්නෙ නැතුව ඔය ඉටිපන්දම් ටික නිවලා ඕක කපන්නවකො වදේ.....මේ කට්ටියම ඇවිත් බලන් ඉන්නෙ ඕකෙන් කෑල්ලක් කන්න....' ඔන්න සුපුරුදු කන්කරච්චලේ අදත් දාගෙන රුමාශා කෑගැහුවෙ අපේ අහිංසක කෙල්ලො දෙන්නගෙ උපන්දන පාටිය අතර තුර...
නුවර ප්රදාන පෙලේ හෝටලයක මේ උපන්දින උත්සවය සංවිදානය කරලා තිබ්බේ 19 වෙනි උපන්දිනේ කෙල්ලො දෙන්නටම වැදගත් නිසා...ඒ වගේම මේ උපන්දින සාදයට දේව් ගෙ වැදගත් යාලුවො කීප දෙනෙකුත් සම්බන්ද වෙලා හිටියා...රුමාශාගේ ඒ කතාවත් එක්ක හැමෝම හිනා වෙන අත්පුඩි ගහන අතර තුර නෙතුලි,නෙතුකි දෙන්න birthday 🎂 එක කැපුවා....පළවෙනි කට තාත්තටත් දෙවනි කට අම්මටත් කවපු කෙල්ලො දෙන්නා තෑගි පිලිගන්න අතතුර ඇස් මුලු හෝල් එක පුරා යැව්වත් බලාපොරොත්තු උන ඇස් දෙක නම් හොයා ගන්න බැරි උනා....
ඔය අතරතුර රුමාශා පැනපු ගමන් මේ කෙල්ලො දෙන්නව බදාගෙන ඒ දෙන්නගෙ අතින් කේක් කෑල්ලක් කෑව.....
' දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕනෙ...ඔන්න දෙන්නටම තෑගි අනේ ඉතිම් මම උබල දෙන්න වගේ කොටිපතියෙන් නම් නෙවේ ඉතින් මේ දුප්පත් මගෙ තෑගි දෙකට දෙන්න කැමති නැත්තම් කරන්න දෙයක් නෑ......'
'පිස්සි...අපිට ලැබුන ලොකුම තෑග්ග තමා බං උබ...උබ වගේ යාලුවෙක් ලැබිච්ච එකම මේ හැමදේටම වඩා ගොඩාක් වටිනවා...' එහෙම කියපු නෙතුකි රුමාශාගෙ කම්බුලේ පුංචි සිපුමක් තැබුවා....
'කෝ සුදූ අපෙ අයියා' නෙතුලි උපන්දින සාදයට ආපු හැමෝම පිලිගන්න ගමන් රහසින් වගේ නෙතුකිගෙන් ඇහුවා...
'කේක් කපපු වෙලෙත් මම බැලුවා එතකොට දැක්කෙත් නෑ දන්නවනෙ එයාගෙ හැටි දන්නෙවත් නැතුව ඇති අද අපේ birthday කියලවත්.' දුකෙන් උනත් නෙතුකි ඒ ටික කිව්වෙ ඇත්තටම තම් සහෝදරයා ගැන හිතේ ඇතිවෙච්ච පොඩි නොරිස්සුමකුත් එක්ක...
ඒක කියලා කට ගන්න හම්බුනේ නෑ එක සැරේටම මුලු හොටෙල් එකම කලුවර උනේ ළඟ ඉන්න කෙනා කවිද කියලවත් අදුර ගන්න බැරි වෙන විදිහට.කවුරුවත් නොහිතපු වෙලාවක වෙච්ච මේ වැඩෙන් කෙල්ලො දෙන්න වගේම ඇවිල්ලා හිටපු හැමෝමත් දේව් වගේම ප්රිතිමාලි පවා තිගැස්සුනා...
' කෝ අයිසෙ.. කරන්ට් එක ඉක්මනට ජෙනිය දාන්න කියනවලා...' දේව් ලඟ හිටපු තම ආරක්ශයෙක්ට හෙමින් උනත් විදානාත්මකව දැනුම් දුන්නා...
'හරි සර්' ආරක්ශකයා තම දුරකතනයේ එලියෙන් යන මාර්ගය හොයා ගන්න උත්සහ කරනවත් එක්කම එක සැරේටම ආපහු කරන්ට් එක ආවෙ හැමෝගෙම ඇස් නිලංකාර කරමින්...ඒ වගේම එක සැරේටම පසුබිමෙන් වාදනය වෙන්න් ගත්ත මියුසික් එකත් එක්ක දැකපු ඒ රූපෙට කෙල්ලො දෙන්න හිටියෙ උන් හිටි තැන් අමතක වෙලා කටත් ඇරගෙන.....
' හැඩකාර දඟකාරි..
ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා.....
ඔබෙ දිගු නිල්..
දෑස වසා මගේ සිත උමතු කලා...
කියා.....ඔබ දන්නවා...
මලක් වෙලා සොදුරු...
මගෙ පපුව පුරා පිරුනු...
නිමාවක් නැති ආදරේ....
කවුරුවත් දන්නෙ නෑ....'
'අනේ දෙයියනේ...සුදූ මේ ශිහාන් කොහෙන්ද මෙහෙ..මට හිතා ගන්න බෑ...' ඇස් ලොකු කරන් ඉස්සරහින් මයික් එකත් අරන් කෙල්ලො දෙන්න පැත්තට සිංදුවකුත් කියාගෙන එන ශිහාන් දිහා බලාගෙන නෙතුලි ලඟ හිටපු නෙතුකිගෙ අත මිරිකුවෙ වෙන දේවල් හීනයක්ද කියලා තෝර ගන්න බැරි වෙලා....
ඩිම් වෙලා බලාගෙන ඉන්න කෙල්ලො දෙන්නවම ශෙහාන් හග් කරලා birthday එකට wish කරලා තවත් සින්දු දෙකක් තුනක් කියලා හෝල් එකේ ඉටපු odious එකෙනුත් සමු අරන් යනකනුත් කෙල්ලො දෙන්නටනම් හිතා ගන්න බැරුව හිටියෙ වෙච්ච දේ මොකක්ද කියලා...ශෙහාන් යන දිහා බලාගෙන හිටපු නෙතුකිගෙ ඇස් නතර උනේ දොර ලඟ අත්දෙකත් බැදගෙන කෙල්ලො දෙන්න දිහා හරි ආදරෙන් බලාගෙන ඉන්න අයියා දිහා....වැලමිටෙන් නෙතුලිට ඇනලා ඔලුවෙන් අයියව පෙන්නුවටත් පස්සෙ දෙන්නටම තේරුනේ මේ වැඩේ මොකක්ද කියලා....කෙල්ලො දෙන්නා එහෙමම තමන්ගෙ පැත්තට ඇවිදගෙන එන අයියා දිහාට දුවගෙන ගිහින් අයියව බදා ගත්තෙ ලොකු ආදරේකින්....
මේ හැම දේම දිහා පැත්තක ඉදගෙන බලාගෙන හිටපු දේව්ට වගේම ප්රීතිමාලිගෙත් ඇස් වලට කදුලු ඉනුවෙ ළමයි තුන්දෙනාගේ ආදරේ,එකමුතු කම දැකලා...
ඒ වගේම හැම අම්මා කෙනෙක්ගෙ වගේම ප්රීතිමාලිගෙත් මේ වෙලේ හිතේ වැඩ කලේ ' අනේ මගේ දරුවොන්ට ඇස් වහක්නම් වදින්න එපා ' කියලා....
'කොහොමද මෝඩියො දෙන්නට සතුටුයිද....happy birthday මගේ angel ල දෙන්නටම...ඔන්න ඕකට තමයි කියන්න real surprise කියලා....😂😂'
'අනේ අයියේ ඒ උනාට අපි තරහයි ඔයත් එක්ක කලින් කියන්න තිබ්බෙ නැද්ද හලෝ.එහෙනම් අපි මීට වැඩිය ටිකක් ලස්සනට එනවනෙ නේද...නෙතුලි....'
කිය කිය කරනවද හලෝ surprise...මෝඩ කෙල්ල....ප්රභාශ් නෙතුකිගෙ නහය ආදරෙන් මිරිකන ගමන් එහෙම කිව්වා...
කෙල්ල අයියට එකක් ගහලා අම්මත් තාත්තත් ඉන්න තැනට හරි ආදරෙන් දුවගෙන යනවා බලාගෙන ඉදලා තාමත් තමන් ලඟ දැවටි දැවටි ඉන්න අනිත් නැගනිය දිහාට හැරුනා....
'මොකෝ තමුසෙට සතුටු නැද්ද මූන එල්ලගෙ ඉන්නෙ...'
'මට සතුටුයි ඒත් දුකයි අයියේ....'
'ඒ ඇයි සුදු.....'
'අපි cake කපපු වෙලේ මං හැම තැනම ඔයාව හෙව්වා කේක් කෑල්ලක් කවන්න ඔයා හිටියෙ නැහැනෙ....'
'අයියෝ මැට්ටි ඉතින් මම හිටියෙ එළියෙ මෙතන ඉතුරු වැඩ ටික බැලුවා ඔයාලට නැත්තම් මේ surprise එක හරියට දී ගන්න බැරි වෙනවනෙ...sorry sorry ඉතිම් හිනා වෙලා ඉන්නව දැන්...'
'අම්මෝ අම්මෝ දැන් නම් හොදටම ඇති ස්තූති කතා හා සමාව ඇයදීම් කලා මම දැන් සෑහෙන වෙලා ඉදලා බොහොම අමාරුවෙන් බලාගෙන හිටියේ අර DJ එකත් පටන් අරන් පැය භාගයක් වගේ ඇති යමුකො අනේ dancing floor එකට party එකම boring වෙනව නෙහ්....' සෑහෙන්න වෙලා අයියලා නංගිලාගේ ආදර කතාව බලාගෙන හිටපු රුමාශා මැද්දට පැන්නෙ ඉවසන්න බැරිම තැන....
නෙතුලිවත් නෙතුකිවත් ඇදගෙනන ගියපු රුමාශා නටන්න පටන් ගත්තෙ ගොඩ දෙනෙක්ගෙ ඇස් මේ යෙහෙලියො තුන්දෙනාට වැටිලා කියලා නොදැන...
_____________________________________________
ඊලඟ episode එකෙන් හම්බවෙමු....
Writer ✨ann✨
❤️
11