
ඉගිලෙන පිටු
June 20, 2025 at 06:48 AM
හැම මනුස්සයෙක්ම ඉන්නෙ මොකක්ම හරි ප්‍රශ්නෙක හැබැයි එක එක්කෙනාගෙ මානසික මට්ටම,දරාගැනීම එක එක්කෙනාට වෙනස්..
පිටට පේන්න හිනා වෙලා කෑ ගහල ආතල් එකෙ ඉන්න මිනිස්සු ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද? නෑ.....විවාදයක් නැතුවම මන් කියනව එ මිනිස්සු ඉන්නෙ සතුටින් නෙමෙයි..
කෑ ගහල අඬන්න ඕන තැන් වලත් හිනා වෙලා උන් කරේ උන්ගෙ මානසික මට්ටම හදාගන්න උත්සහ කරපු එක.නිකමට එහෙව් කෙනෙක්ගෙන් අහල බලන්න "උඹ හොඳින්ද බන්" කියලා,අනිවාරෙන් ඒ මනුස්සය කඳුලු පුරෝගෙන උඹට කියයි කතාවක් 💔🙂
දරාගැනිම අන්තෙටම ගිය මිනිස්සු සමහරු අද මේ ලොකෙන් යන්නම යන්න ගිහින්....
එහෙමත් නැත්‍තන් බැඳීම් කියන වචනෙ පවා නීරස වෙච්ච හැඟීමක් දැනීමක් ගැන කිසිම ගානක් නැති හිස් මනුස්සයෙක් වෙලා...
කෙනෙක්ට දෙයක් කියන්න කරන්න කලින් "ඒ දේ මට උනොත්"කියන තැනින් හිතන්න පුරුදු වෙන්න 😇
අන්තිමට කියන්නෙ මෙච්චරයි
*තව කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් වෙන්න බැයි නම් අඩුම තරමෙ කඳුලකට,දුකකට හේතුවක් නොවී ඉන්න*
නෙත්සරණි දල්පදාදු ✍️
❤️
👍
5