ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
June 20, 2025 at 11:48 AM
🖤🥀🌸 අත් හැරීමේ වේදනාව වැඩිපුරම දන්නෙ අරලිය මල් නෙවෙයි වරාමල් ඒකත් නටුවෙන් වෙන් වෙලා හුලඟට ඕන විදිහට ගහන් යනකොට බලාහිඳීමක වේදනාව වැඩුපුරම දන්නෙ රෝසමල් නෙවෙයි සූරියකාන්ත මල් ඒකත් හැම උදේකම හොරෙන් හරි ඉර ඉඹිනබව දන්නකොට ස්පර්ශයක හඳුනාගැනීම වැඩිපුරම දන්නෙ උඩවැඩියා මල් නෙවෙයි නිදිකුම්බා මල් ඒකත් අයිති නැති හැම ස්පර්ශයක් ලඟම හැකිලෙනකොට වසන්තයක වටිනාකම වැඩිපුරම දන්නෙ ඩේසි මල් නෙවෙයි කවදහරි වසන්තය එනකල්ම පිපෙන්න බලන් ඉන්න ටියුලිප් මල් ඒකත් මොන සෘතු ආවත් වසන්තය එනකල්ම ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නකොට දරාගැනීම ගැන වැඩිපුරම දන්නෙ වතුසුද්ද මල් නෙවෙයි පතොක් මල් ඒකත් ඉඩෝරෙත් දරාගෙන හිනාවෙලා ඉන්නකොට ප්‍රේමයේ වටිනාකම වැඩිපුරම දන්නෙ ගොම්මනට පිපෙන කඩුපුල් මල් නෙවෙයි සේපාලිකා මල් ඒකත් ප්‍රේමයේ උපරිමය බිම වැටිලත් ආයෙ ආයෙ හොයනකොට ඔයා දන්නවද සමහර දේවල් අපි විස්වාස කරේ එක විදිහකින් උනාට ගොඩක් දේවල් ඊටවඩා සෑහෙන්න වෙනස් හරියට සමහර මිනිස්සු වගේ! ඔයාගෙ අගේ වැඩිපුරම දන්නෙ වටේම ඉන්න මිනිස්සු කිව්වට ඒක එහෙම නෙවෙයි ඒක වැඩිපුරම දන්නෙ ඔයාගෙම හිත ඒකත් කවුරුත් නෑ කියල හදවත මැද්දටම දැනෙන්න ගන්නකොට 🌻💔🌷
❤️ ❤‍🩹 🤍 🫀 19

Comments