Citizen.lk News
Citizen.lk News
June 17, 2025 at 01:40 AM
🟠 *ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගොස්තු මස* ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම එස්.තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (16) කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පෙත්සම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරුවන්ට අවසර දුන් අතර ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ගොනුකිරීමට කටයුතු කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කර තිබෙනවා. අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ කනිෂ්ක විතාරන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස නියම කළා. වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහි මූලික අයිතිවාසිකම...

Comments