Citizen.lk News
Citizen.lk News
June 17, 2025 at 08:47 AM
🟠 *දුම්රිය සේවා වෘත්තිකයන් නැවතත් වර්ජනයකට සැරසෙයි* දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා. එම ගැටලු සහ ඉල්ලීම්: * දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන /වාණිජ තනතුරේ බඳවා ගැනීම් ප්‍රමාද වීම. * නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම. * නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම. * දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වීම. * කාර්යක්ෂමතා කඩයිම් සහන ලබාදීම ප්‍රමාද වීම. * නි.කා.භා.නි. කාර්යාල සඳහා දු.කා.ස. සේවකයින් අනුයුක්ත නොකිරීම. * සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් ඉටු නොවීම. * ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නැවත ලබා දී ඇති උසස්වීම් ක්‍රමවේදය නැවතත් නියාමක තනතුර සඳහාද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම. * ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඉල්ලුම් කිරීම සඳහා නැවතත් අවස්ථාව හිමි කර දෙන ලෙස ඉල්ලීම ජූනී 20 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.17*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *දුම්රිය සේවා වෘත්තිකයන් නැවතත් වර්ජනයකට සැරසෙයි*  දීර්ඝ කාලීනව නොව...
👍 1

Comments