
Citizen.lk News
June 19, 2025 at 09:38 AM
🟠 *කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගැනේ*
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ලගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවයක ( රු.134,097,731.39 ) වටිනාකමින් යුක්ත වත්කම්, රුපියල් මිලියන හතලිහක (රු. 40,000,000) වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රුපියල් ලක්ෂ දෙසිය පහක (රු. 20,500,000) වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබනවා.
එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.19* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

❤️
3