
Citizen.lk News
June 19, 2025 at 10:00 AM
🟠 *සබරගමුව විශ්වවිද්‍යාල සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බව අනාවරණය වෙයි*
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණා.
අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළ අතර අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුලු පාර්ශව රැසකින් ප්‍රකාශද සටහන් කරගනු ලැබුවා.
ඒ අනුව, මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවත්, ඔහූ විශාදය රෝගයෙන් පෙළී නොමැති බවත් ය.
එමෙන්ම, සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධය සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් වාර්තා වනවා.
අමතරව, නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇත.
ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විමර්ශන නිලධාරීන් පවසා සිටියා.
මේ අතර නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරථකන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.19* | 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

❤️
👍
9