Citizen.lk News
Citizen.lk News
June 20, 2025 at 05:11 AM
🟠 *ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අයදුම්පත් කැඳවීම- ශ්‍රී පාලි මණ්ඩපය* මෙම කොළඹ විශ්වවිද්‍යාලීයය ශ්‍රී පාලි මණ්ඩපය විසින් 2025 වසරේ ආරම්භ කිරීමට නියමිත ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම පාඨමාලා දේශන කොළඹ 03, කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. පාඨමාලා කාලය :- වසර 02 යි (පර්යේෂණය සහිත ශාස්ත්‍රපති උපාධිය) *ප්‍රවේශ විමේ සුදුසුකම්*: * පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ප්‍රථම උපාධියක් හෝ; * පිළිගත් ආයතනයකින් ලබාගත් ඩිප්ලෝමාවක් (Credit 60 හෝ ඉන් වැඩි) සහ පර්යේෂණ පිළිබඳ වසර 02 ක පලපුරුද්ද හෝ; * රජයේ අනුමත අධ්‍යාපන පුහුණු ආයතනයක පුහුණුව ලබා අධ්‍යාපන කේෂ්ත්‍රයෙහි අවුරුදු 05 කට වඩා පළපුරුද්ද හෝ; * පිළිගත් ආයතනයක සන්නිවේදනය පිළිබඳ විධායක ශ්‍රේණියෙහි වසර අටකට (08) වඩා පළපුරුද්ද හෝ; * පිළිගත් පර්යේෂණ ආයතනයක විධායක ශ්‍රේණියෙහි වසර දොළහකට (12) වඩා පළපුරුද්ද සහ, * ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක පිළිබඳ ප්‍රමාණවත් දැනුම මේ පිළිබඳ ඉල්ලූම්පත්‍රය සහ වැඩි විස්තර http://spc.cmb.ac.lk. වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. *සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර අධ්‍යාපන සහතික සහ සේවා සහතික පිටපත් සමග ලංකා බැංකුවේ අංක 0008049142 දරන ගිණුමේ තැන්පත් කරනු ලැබු රු. 2000/- ක ඉල්ලූම්පත්‍ර ගාස්තුවට අදාළ රිසිට්පත ද සමග 2025 ජුනි මස 30 හෝ ඊට පෙර නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්ව විද්‍යාලය, වෑවල, හොරණ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.* ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය : 2025.06.30 වැඩි විස්තර සඳහා අමතන්න. දුරකථන : 034-2261371/071-4049271 ඊමේල් :[email protected] වෙබ් අඩවිය: http://spc.cmb.ac.lk. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.20*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠  *ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අයදුම්පත් කැඳවීම-...
❤️ 2

Comments