Citizen.lk News
June 20, 2025 at 05:38 AM
🟠 *ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට තීරණයක් නැහැ-අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය*
පහ වසර ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද පැනයකට පිළිතුරු යොමු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ අනුව, 2029 වසර තෙක් ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ඔහු සඳහන් කර සිටියා.
2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළා.
විභාග පීඩනය අඩු කිරීමටත්, මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මඟින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් සිටින බවත්, ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.20*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
❤️
😢
2