Citizen.lk News
June 20, 2025 at 07:20 AM
🟠 *ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට*
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගය සුනිල් ගමගේ තේරි පත් වුණා.
ගාල්ල මහ නගර සභාවේ අද පැවති මංගල රැස්වීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරන සුනිල් ගමගේ ඡන්ද 19ක් ලබාගත් අතර ඔහුට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමිනොවීම විශේෂත්වයක්.
රහස් ඡන්ද විමසීම පැවති අවස්ථාවේ මගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් සභාගැබෙන් පිටව ගොස් සිටි බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රියන්ත සහබන්දු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.20*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
🎉
👍
2