Citizen.lk News
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 03:43 AM
                               
                            
                        
                            🟠 *2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 96%ක ඉහළයාමක්*
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබෙනවා.
ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී අයෝජන මණ්ඩලයේ නිලධාරීන් මේ බව අනාවරණය කර සිටියා.
එමෙන්ම, 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලියන 176කින් ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා. 
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.21*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        1