Citizen.lk News
Citizen.lk News
June 21, 2025 at 04:13 AM
🟠 *වසර 40කට පසු කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තාවක් අලුත් කරයි* ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 177ක් රැස්කරගෙන සිටියා. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් කිරීමට සමත්වුණා. ඔහුගේ මෙම අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක්වූයේ, අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි. කමිඳු ඉනිම් 22කදී මෙම වාර්තාව පිහිටු වූ අතර, ඔහු බිඳ දමනු ලැබුවේ රෝයි ඩයස් මීට වසර 40කට පමණ පෙර ඉනිම් 23කදී පිහිටුවා තිබූ වාර්තාවයි. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.21*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *වසර 40කට පසු කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තාවක් අලුත් කරයි*  ශ්‍රී ලං...
❤️ 4

Comments