Citizen.lk News
Citizen.lk News
June 21, 2025 at 10:22 AM
🟠 *‍මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස් භාරයට* ‍මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා පසුගියදා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව, කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළෙඳසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිත කර ඇති ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම දියත් කර ඇත. *තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.* https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W *2025.06.21*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
Image from Citizen.lk News: 🟠 *‍මහා මාර්ගවල  සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බ...
❤️ 1

Comments