Citizen.lk News
                                
                            
                            
                    
                                
                                
                                June 21, 2025 at 10:34 AM
                               
                            
                        
                            🟠 *ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්*
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ, ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සම ග කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය. 
 දුරකතන අංක:
 +98 901 014 4557/ +98 912 810 9115/+98 912 810 9109 
තවද පහත සඳහන් අංක ඔස්සේ ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
+98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ ඉංග්‍රීසි)/ +98 936 636 0260
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.21*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠
                        
                    
                    
                    
                        
                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        1