
Citizen.lk News
June 22, 2025 at 09:03 AM
🟠 *ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්*
ජූලි පළමු පාර්ලිමේන්තු සතිය - ජූලි 8, 9 සහ 11 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ජූනි 30 වැනි සඳුදා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසා සිටියා.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද මහලේකම්වරිය සඳහන් කළේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30 වැනිදා පෙ.ව 9.30ට කැඳවීමට නියමිතව ඇත.
ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබෙනවා.
එසේම ජූලි 8, 9 සහ 11 දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහි දී තීරණය වී තිබෙනවා.
*තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.*
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
*2025.06.22*| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠

👍
1